Wednesday, July 09, 2025
Follow Us
චීනයේ නව ශ්‍රී ලංකා තානාපති එම්. සී. ෆර්ඩිනැන්ඩෝ

චීනයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් එම්. සී. ෆර්ඩිනැන්ඩෝ මහතා පත් කිරීමට සියලු විධිවිධාන සකස් කර ඇති බව වාර්තා වේ.

චීනයෙන් ශ්‍රී ලංකාවට විශාල පරිමාණයෙන් ආයෝජන ගෙන්වා ගැනීමේ අරමුණින් යුතුව ඒ මහතාව මෙම තනතුරට පත්කිරීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

එම්. සී. ෆර්ඩිනැන්ඩෝ මහතා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ අතර තවත් ප්‍රබල තනතුරු කිහිපයක්ම දැරූ අයෙකි. 2015 ආණ්ඩු පෙරළියෙන් පසු ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය ඒ මහතා යහපාලන රජය බිඳවැටුණු පසු යළි මෙරටට පැමිණියේය.

(LNW)