Tuesday, May 13, 2025
Follow Us
දුරකතන පසුගෙවුම් සහ පෙරගෙවුම් පාරිභෝගිකයින්ට දැනුම් දීමක්

විදුලි සංදේශ සේවා සඳහා රජය ලබාදුන් බදු සහන ඉකුත් දෙසැම්බර් මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව කිසියම් සේවාදායක සමාගමක් එම සහන ලබා නොදී තවදුරටත් වැඩිපුර බදු අය කරන්නේ නම් ඒ පිළිබඳ වහාම තමන් දැනුවත් කරන ලෙසයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ.

බදු සහනය ක්‍ෂණිකව ලබාදීමේ දී ඇතැම් ප්‍රායෝගික දුෂ්කරතා ඇති වූ බවද මෙහිදී සිහිපත් කෙරුණා. ඒ අනුව පෙර ගෙවුම් පැකේජ කිහිපයක මිල වෙනස් නොකර අඩු වූ බදු ප්‍රමාණයට සාපේක්‍ෂව සේවා වැඩි කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සේවාදායක සමාගම්වලට උපදෙස් දී තිබෙනවා.

පසු ගෙවුම් පාරිභෝගිකයන්ගේ දෙසැම්බර් මස බිල්පතෙන් අදාළ බදු අඩු කර නොමැති නම් වැඩිපුර අයකර ගත් මුදල ජනවාරි මස බිල්පතෙන් අඩු කිරීමටද සේවාදායක සමාගම් වෙත උපදෙස් දී ඇති බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවේ.

(Neth)