Monday, April 29, 2024
Follow Us
ශ්‍රී ලංකාවේ ගම්මිරිස් ගොවියාට ඉන්දියාවෙන් සම්බාධක – සර්වබලධාරී නිලධාරීන් මර නින්දේ

ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ආනයනය කරන ගම්මිරිස් කි.ග්‍රෑම් එකක උපරිම සිල්ලර මිල ඩොලර් 2.75 ක් ලෙස සීමාවක් පැනවීම නිසා ඉදිරි අප්‍රේල් – ජූනි ගම්මිරිස් අස්වනු සමයේදී බරපතල අර්බුදයක් ඇති වන බව ක්ශේ ත්‍ර යේ විශේෂඥයින් ප්‍රකිශ කර ඇත.

කුළු බඩු නිශ්පාදන සහ වෙළඳ සංගමය එම ගැටළුව පිළිබඳව රජයට දැනුම්දී ඇතත් වෙළඳ අමාත්‍යාංශය මේ වන තුරු ඒ පිළිබඳව අවධානය යොමු කොට නැති බවට එම සංගමය චෝදනා කරයි.

නම සඳහන් කිරීමට අකමැති එක් නිලධාරියෙකු සඳහන් කළේ එක් බලවත් නිළධාරියෙකු විසින් සියලු තීරණ ගන්නා බැවින් මෙම තත්වය ඇති වී ඇති බවය.

පසුගිය රජයේ ඇමතිවරුන් දෙදෙනෙකුගේ මෙහෙයවීමෙන් දියත් වූ බවට චෝදනා එල්ල වූ ගම්මිරිස් ප්‍රති අපනයන ජාවාරම නිසා ගම්මිරිස් මිිල රු 1500 සිට – 450 දක්වා පහත වැටුණි. එසේම වියට්නාමයෙන් බාල ගම්මිරිස් ශ්‍රී ලංකාව හරහා ඉන්දියාවට ප්‍රති අපනයනය කිරීම නිසා ඊට එරෙහිව ඉන්දියානු රජය විසින් ඩොලර් 2.75 ක උපරිම මිලක් පනවනු ලැබීය.

නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් වූ වහාම ප්‍රති අපනයන ජාවාරම තහනම් කළ බැවින් ගැටළුව විසඳුනි. නමුත් මේ වන තුරු ඉන්දියාව ඊට ප්‍රතිචාර නොදැක්වීම පිළිබඳව ඉන්දියාව සමග වහාම සාකච්ඡා කළ යුතු බව කුළු බඩු වෙළඳ ප්‍රජාව සඳහන් කරයි.

(Lanka Leads)