Sunday, April 28, 2024
Follow Us
ජපාන ආයෝජකයෝ අගමැති මහින්ද හමුවෙති

ජපානයේ ඉහළ පෙළේ ආයෝජකයින් වන Mr.Yukio kawageo, Mr Hasegawa jun , Mr.Nakada Hiroyuki යන මහත්වරුන් ඇතුළු පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී පසුගිය 22 දා හමු වූ අවස්ථාවයි මේ.

මෙහිදී ශ්‍රී ලංකාව තුළ සිදු කළ හැකි ආයෝජනයන් පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් වන 2030 වසර වන විට ශ්‍රී ලංකාව පුනර්ජනනීය බල ශක්තියෙන් සියයට අසූවක් සපුරා ගැනීමේ ජාතික වැඩසටහන සඳහා තාක්ෂණික මෙන්ම මූල්‍යමය සහයෝගයන් ලබාදීමට හැකියාව පවතින බව එම ආයෝජකයෝ අග්‍රාමාත්‍යවරයා වෙත ප්‍රකාශ කළහ.

මෙම අවස්ථාවට ජපානයේ ඉහළ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ජයන්ත හෙට්ටිආරච්චි, කැලුම් ද අල්විස්, සාලින්ද පිංතු යන මහත්වරු ද එක් වූහ.

(Dinamina)