Friday, May 17, 2024
Follow Us
විදෙස් අයෝ­ජන බිලි­යන 23 ඉක්ම­වයි

සතිය අවසානයේදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 5,987.55ලෙස සටහන් විය. මෙය ප්‍රතිශතයක් ලෙස ගත් කල2.02%අඩුවීමකි.කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත සමාගම් අතුරින් විශාලත්වය, ද්‍රවශීලතාවය සහ මුල්‍යමය හැකියාවන් පදනම් කරගත් කොටස් 20ක් අන්තර්ඟතවන S&P SL 20 මිල දර්ශකඅගය පසුගිය සතියේ ඒකක 2,830.76ලෙස සටහන් විය. මෙය ප්‍රතිශතයක් ලෙස ගත් කල 3.33%අඩුවීමකි.

සතිය තුල වෙළෙඳපොළෙ ගනුදෙනු තුලින් සටහන් වූ පිරිවැටුම රුපියල් බිලියන 26.14ලෙස සටහන් විය. මෙය 2008න් පසු ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ මෙතෙක් සිදු වූ දෙවැනි විශාලතම පිරිවැටුමවේ.

සතිය තුල සටහන් වූ විදේශ ආයෝජන සලකා බැලු විට විදේශ මිලදි ගැනීම් රුපියල් බිලියන 23.20ලෙස සටහන් විය. විදේශ විකිණීම් රුපියල් බිලියන 23.22ලෙස සටහන් විය.

සතිය තුල මිල ගණන්වල ඉහළම වර්ධනයක් සටහන් කල කොටස් වූයේ 1)Mullers & Phipps

2) Kahawatte Plantations3) Eastern Merchants4) Property Development5) Royal Palm Beach Hotels

සතිය තුල මිල ගණන්වල පහළමවර්ධනයක් සටහන් කල කොටස් වූයේ1)S M B Leasing නිෂ්ඡන්ද කොටස්

2)Lanka Ceramic 3) S M B Leasing4) Equity Two 5) Radiant Gems International

 

(Dinamina)