Wednesday, February 18, 2026
Follow Us
අමෙරිකානු - ඉරාන අර්බුදයෙන් කොළඹ කොටස් වෙළද පොළ කඩා වැටේ

අමෙරිකාව සහ ඉරානය අතර මතුව ඇති අර්බුද හේතුවෙන් කොළඹ කොටස් වෙළද පොලේ ගණුදෙනුද අද (09) සීග්‍ර ලෙස පහත වැටුණා. දිනයේ ගණුදෙනු අවසානයේ සියළු කොටස් මිල දර්ශක ඒකක 127.25කින් පහත වැටී තිබුණා.

සියළු කොටස් මිල දර්ශකය පෙර දිනට සාපේක්‍ෂව පහත වැටී තිබුණේ සියයට 2.11. අද දිනය තුළ ගනුදෙණු පිරිවැටුම රුපියල් මිලියන 624.43 ක් ලෙස සටහන් වුණා. අමෙරිකාව සහ ඉරානය අතර පවතින මෙම අර්බුද හේතුවෙන් ලොව සියළුම ප්‍රාග්ධන වෙළද පොල වෙත බලපෑම් එල්ල වී ඇති බවයි ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ.

 

(Neth)