Tuesday, April 30, 2024
Follow Us
මිලියන 300ට අඩු සුළු-මධ්‍ය පරිමාණ ණය අය කිරීම් වසරකට අත්හිටුවීමට සැලසුම්

සුළු හා මධ්‍ය පරිමාණ (SME) ව්‍යාපාරවල අක්‍රීය ණය ගෙවීම වසරක කාලයකට අත්හිටුවීමට සඳහා වූ යෝජනාව පොලී ඉවත් කිරීම දක්වාත් තවත් පියවරකින් ඉදිරියට ගැනීමට රජය සලකා බලමින් සිටින අතර, මේ සඳහා හේතුවී ඇත්තේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ණයකරුවන්ගේ අපහසුතාවන් ‍පිළිබඳ රජයේ දැඩි අවධානය යොමු කිරීමයි.

අක්‍රීය ණය පිළිබඳ මූලික යෝජනාවෙන් කියැවුණේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් පොලී ගෙවිය යුතු බවයි. එබැවින් ඔවුන්ට ලබාදිය හැකි සහනය පිළිබඳ මුදල් අමාත්‍යාංශය යළිත් වරක් සොයා බලනවා යැයි මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ.

නොගෙවූ පොළිය ඇතුළුව මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහ මාස 12ක ණය අත්හිටුවීමට හා පොලිය අය කිරීමට රජය සහ මහ බැංකුව මීට පෙර සැලසුම් කර තිබුණි.

රුපියල් මිලියන 300ට අඩු ක්‍රියාකාරී ණය සහ අක්‍රීය ණය ලබා දී ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා මාස 12ක ණය අත්හිටුවීම සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබයි. ණය ලබා දීමේ දී, ගනුදෙනුකරුවන්ගේ ඉල්ලීම පරිදි මාස 12ක ප්‍රාග්ධන අත්හිටුවීමක් ලබා දීමට රජය සහ බැංකු අංශය එකඟතාවකට පැමිණ තිබේ. රජය මේ සතියේ ණය කපාහැරීම පිළිබඳ විශේෂ එකඟතාවන් අවසන් කිරීමට ඉඩ ඇති අතර, පසුව මහ බැංකුව විසින් බැංකුවලට චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිතය.

මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කර ඇත්තේ සහන සලසා ගත හැක්කේ බැංකුවල ගනුදෙනුකරුවන්ගේ ඉල්ලීම මත පමණක් බවයි.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ආරක්ෂා කිරීම සඳහා සහායවීම සහ බැංකු හා බැංකු නොවන අංශ ආරක්ෂා කිරීම සඳහා සමතුලිතතාවක් ඇති කිරීම සඳහා අපි බැංකු සහ අදාළ පාර්ශ්වකරුවන් සමඟ උපදේශන ක්‍රියාවලියක් ආරම්භ කළා. ඒ මහතා වැඩි දුරටත් පවසා තිබේ.

මේ පහසුකම ලබා ගැනීමට අවශ්‍ය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ජනවාරි 20ට පෙර තම බැංකුවලට ඉල්ලීමක් කළ යුතුය.


(Dinamina)