Tuesday, April 30, 2024
Follow Us
Google DevFest 2019 අනුග්‍රාහකයා PickMe Engineering

PickMe සමාගමේ තාක්ෂණික අංශය වන PickMe Engineering පසුගිය දා Google Developers Group (GDG) සහ GDG Cloud Sri Lanka විසින් සංවිධාන කරන ලද GDG DEVFest Sri Lanka 2019 වැඩසටහනට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදීමට කටයුතු කළේය. මේ වැඩසටහන පසු ගිය මස 23 සහ 24 දිනවල SLIIT සහ Stein Studio හිදී පැවැත්විණි.

DevFest යනු Sndroid, Web, Cloud සහ වෙනත් Google තාක්ෂණයන් සම්බන්ධ විශේෂඥයන් සහභාගී වන, වැඩමුළු, ප්‍රදර්ශන, හඳුන්වාදීම් ඇතුළු බොහෝ ඉසව්වලින් සමන්විත වැඩසටහනකි. එමෙන්ම මෙය ලොව පුරා වෙසෙන තොරතුරු තාක්ෂණ විශේෂඥයන්ට එකිනෙකා හා සම්බන්ධ වීමට මහඟු අවස්ථාවක් සලසා දෙයි. මෙවර DevFest වැඩසටහනේ තාක්ෂණ සැසි 35කට අධික සංඛ්‍යාවක් පැවති අතර, ඊට 850 කට අධික පිරිසක් සහභාගි වූහ. තාක්ෂණ ක්ෂේත්‍රයේ ජනප්‍රියම වැඩසටහන ලෙසින්ද හඳුන්වන ලබන මේ වැඩසටහන එම ක්ෂේත්‍රයේ සාමාජිකයන්ට Google තාක්ෂණයන් සම්බන්ධ දැනුම හා අත්දැකීම් බෙදාහදා ගැනීම සඳහා ලැබෙන සුවිශේෂී අවස්ථාවකි.

මෙවර වැඩසටහනේ දී PickMe Engineering විසින් සිය ප්‍රදර්ශන කුටියේ දී විවිධ ක්‍රියාකාරකම් සහ තාක්ෂණික සැසි සංවිධාන කරන ලද අතර, Yaala Labs සමඟ එක්වී on-line gaming තරගයක් ද පවත්වන ලදි. අති නවීන data science platform එකක් මත kafka messaging තාක්ෂණයේ පිටුබලය සහිතව PickMe Engineering විසින් Golang භාවිතයෙන් නිර්මාණය කරන ලද micro service based system වැනි අංග දැකබලා ගැනීමට මෙහිදී පැමිණි සියල්ලන්ටම අවස්ථාව උදා විය.

(Dinamina)