Tuesday, April 30, 2024
Follow Us
2020 දී 4.0% සිට 4.5% දක්වා ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරනවා

2020 දී ශ්‍රී ලංකාව සියයට 4.0 සිට 4.5 දක්වා ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන අතර, උද්ධමනය සියයට 4.0 ට වඩා අඩු වන අතර වඩා හොඳ ප්‍රතිපත්ති සහිත මධ්‍ය කාලීනව සියයට 6.5 ක ඉහළ වර්ධනයක් අපේක්ෂා කරන බව ද මහ බැංකු අධිපති ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා පැවසීය.

2018 දී රුපියල බිඳවැටීමෙන් හා අපේ‍්‍රල් මාසයේ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් පසු 2019 දී ශ්‍රී ලංකාවේ වර්ධනය තියුණු ලෙස පහත වැටී තිබේ. දෙවැනි කාර්තුවේ නිමැවුම් වර්ධනය සියයට 1.6කි. මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ චද්‍රනාත් අමරසේකර මහතා පැවසුවේ 2019 දී වර්ධනය සියයට 2. 7ත් 2. 8ත් අතර වනු ඇති බවයි.

‘ආර්ථික වර්ධනය සියයට 4 සිට 4. 5 දක්වා වේගවත් වනු ඇතැයි අපි අපේක්ෂා කරමු. 2020 දී උද්ධමනය සියයට 4ට වඩා අඩු මට්ටමක පවතිනු ඇතැයි අපගේ බලාපොරොත්තුවයි,” මහ බැංකු අධිපති ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් සිය මංගල මූල්‍ය ප්‍රතිපත්ති රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් පැවසීය. අවශ්‍ය ප්‍රතිසංස්කරණ සමඟ 2020න් ඔබ්බට වාර්ෂික වර්ධනය සියයට 6. 5ක් ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කරන අතර, උද්ධමනය සියයට 4 ත් 6 ත් අතර ප්‍රමාණයකට කළමනාකරණය කළ හැකි යැයි අපේක්ෂා කෙරේ.

(Dinamina)