Sunday, January 11, 2026
Follow Us
ව්‍යාපාර රැසක් මසක් ඇතුළත කඩා වැටීමේ අවධානමක

“මෙතැනින් ඉදිරියට ගෙනියන්න බෑ”


සිය ව්‍යාපාර තවත් මසක් පමණ ඇතුලත කඩා වැටීමේ අවදානමකට ලක්ව ඇති බව ශ්‍රී ලංකා එක්සත් ජාතික ව්‍යාපාරිකයින්ගේ සංසදය පවසයි.

එම සංසදයේ ලේකම් ආසිරි දයාන් මෙරෙන්චිගේ පැවසුවේ පවතින ආර්ථික අර්බුදය උග්‍ර අතට පත්වෙමින් ඇති බවයි.

ව්‍යාපාරික ප්‍රජාව ලෙස තමන් ඇතුළු සියලු ව්‍යාපාරිකයින් ඉතාමත් අසීරුම අවස්ථාවකට මේ වන විට එළඹ ඇති බව පෙන්වා දුන් ආසිරි දයාන් සදහන් කළේ මින් ඉදිරියට සිය ව්‍යාපාර ගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවයි.

“අපි ව්‍යාපාරිකයෝ හැටියට දැන් කෙළවරේම අන්තිම අමාරු අවස්ථාවක ඉන්නේ. අපේ ව්‍යාපාර අපි ඉතුරු කරගත්ත සල්ලිවලින් මෙච්චර කල් ඇදගෙන ආවා. මෙතනින් ඉදිරියට ගෙනියන්න බැරි තැනට දැන් ඇවිල්ලා ඉන්නේ.”

Aruna