Sunday, January 11, 2026
Follow Us
හිටපු මහ බැංකු අධිපති යලි පත් කරන්න යයි

මහ බැංකු අධිපති ඉවත් කිරීමේ සූදානමක්


මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඉවත් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු වී ඇතැයි අනාවරණය වේ.

ඒ වෙනුවට හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පත් කිරීමට නියමිත බවද කියයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවට සහාය වීමට පත් කළ උපදේශක කමිටුවේද සාමාජිකයෙක් ලෙස ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කටයුතු කරයි.

ආර්ථික අර්බුදය උත්සන්න වන විට ජනාධිපතිවරයාගේ ආරාධනාවක් මත ඔස්ට්‍රේලියාවේ සිට පැමිණි නන්දලාල් වීරසිංහ මහතා මහබැංකු අධිපති ධුරයට පත් කෙරිණි.

(Aruna)