Thursday, February 12, 2026
Follow Us
ඉතිහාසයේ පළමු වරට කජු සංස්ථාවට වාර්තාගත ආදායමක්

ඉතිහාසයේ මුල් වරට කජු සංස්ථාවට කජු මද අලෙවියෙන් මාර්තු මාසයේ රුපියල් කෝටියක ආදායමක් උපයා ඇතැයි සංස්ථාවේ සභාපතිනි නීතීඥ සාරංගා රත්නායක පැවසුවාය.

කොවිඩ් වයිරසය පැතිරී යාමට පෙරදී කජු සංස්ථාව කජු මද අලෙවියෙන් වැඩිම අලෙවියක් ලෙස වාර්තා වී ඇත්තේ රුපියල් ලක්ෂ තිහත් හතළිහත් අතර මුදලකි.

කජු සංස්ථාව යටතේ ක්‍රියාත්මක කොල්ලුපිටිය, අඹේපුස්ස, නාරාහේන්පිට, වැල්ලවත්ත, රාජගිරිය, බලංගොඩ සහ මඩකලපුව යන අලෙවි සල්වලින් කජු අලෙවිය සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවද ඇය කීවාය.

(Aruna)