Tuesday, November 24, 2026
Follow Us
ඉල් පුර පසළොස්වක පොහොය අදයි
 ඉල් පුර පසළොස්වක පොහොය අදට (24)  යෙදී තිබේ.
 
බෞද්ධ ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් අද දිනයේ සිදු බව සඳහන් වේ.
එම වැදගත් සිදුුවීම් නම්,
  • කඨින චීවර මාසයේ අවසන් දිනය. වප් පුර පසළොස්වක පොහොයෙන් ආරම්භ වූ කඨින චීවර පූජා මාසය අවසන් වන්නේ අද වැනි ඉල් පුර පසළොස්වක පොහෝ දිනකය. එසේම පසුවස් පවාරණය සිදු කරන දිනය ද අදයි.
  • ප්‍රථම ධර්ම දූත පිරිස පිටත් කර යැවීම. බුදුරජාණන් වහන්සේ විසින් මුල්ම රහතන් වහන්සේලා හැට නම ධර්ම ප්‍රචාරය සඳහා ගම් නියම්ගම් බලා පිටත් කර යවන ලද්දේ ඉල් පොහෝ දිනකදීය.
  • මෛත්‍රී බෝධිසත්වයන් නියත විවරණ ලැබීම. මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලැබුවේ ද අද වැනි පොහෝ දිනකය.
  • තුන්බෑ ජටිලයන් දමනය කිරීම. උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප සහ ගයා කාශ්‍යප යන තුන්බෑ ජටිලයන් දමනය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කරවීම සිදු විය.
  • සැරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑම. අග්‍රශ්‍රාවක සැරියුත් මහරහතන් වහන්සේ තම මෑණියන්ට ධර්මය දේශනා කොට පිරිනිවන් පා වදාළේ ද ඉල් පුර පසළොස්වක පොහොය දිනකදීය.