Tuesday, November 11, 2025
Follow Us
සම්බා කිලෝවක් තොග මිල රුපියල් 130, නාඩු කිලෝවක් තොග මිල 106 දක්වා ඉහළට

අද වන විට සම්බා වී කිලෝවක් රුපියල් 82ක් දක්වා නාඩු වී කිලෝවක් රුපියල් 62 දක්වාත් මිල ඉහළ ගොස් ඇති නිසා සහල් මිල ද ඉහළ දැමීමට සිදුවන බව මරඳගහමුල සහල් වෙළෙඳ ව්‍යාපාරිකයෝ සඳහන් කරති.

මේ වන විට මරදගහමුල සහල් වෙළඳපොලේ සම්බා කිලෝවක තොග මිල රුපියල් 130ක්ද නාඩු කිලෝවක තොග මිල 106 දක්වාද ඉහළ ගොස් තිබේ.

කෙසේ නමුත් ජනවාරි අග වන විට වී අස්වැන්න ලැබීමට නියමිත නිසා ඉන්පසු සහල් මිළ අඩුවනු ඇතැයි ද ඔවුන් පෙන්වා දෙති.

(Lanka Leads)