Saturday, July 05, 2025
Follow Us
‘ඇවන්ට් ඇග්‍රෝ’ පෞද්ගලික සමාගමට ඉඩම් අක්කර 5000 ක් ලබා දේ

‘ඇවන්ට් ඇග්‍රෝ’ පෞද්ගලික සමාගම වෙත රජයේ ලබාදීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එකඟත්වය පළ කර ඇති බව වාර්තාවේ.බඩ ඉරිඟු වගා කිරීමේ නියමු ව්‍යාපෘතියක් වෙනුවෙන් අදාල ඉඩම් එම සමාගම වෙත මුදා හැරීමට අනුමැතිය ලබාදී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සම්බන්ධ ආරංචි මාර්ග පවසා සිටී.කෙසේ නමුත්න් එම සමාගම රජයෙන් ඉල්ලා ඇති අක්කර 40000ක වෙනුවට මුල් වටයේදී නියමු ව්‍යාපෘතියක් ලෙස අක්කර 5000ක් පමණක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් අනුමැතිය ලබා දී තිබේ.


‘ඇවන්ට් ඇග්‍රෝ’ පෞද්ගලික සමාගම ඉදිරිපත් කර ඇති ව්‍යාපෘතිය මගින් සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ ක්‍රියාවලියකට ලක් කිරීමටද එම සමාගම විසින් රජයට කර ඇති යෝජනාවට රජයේ ප‍්‍රසාදය පල කර ඇති බවද වාර්තාවේ.

‘ඇවන්ට් ඇග්‍රෝ’ පෞද්ගලික සමාගම ඇවන්ගාඩ් මැරිටයිම් සර්විස්’ පුද්ගලික සමාගමට අනුබද්ධිත සමාගමකි.

(Lanka Leads)