Monday, April 06, 2026
Follow Us
ගුවන්තොටුපළ නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් අවධානය

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණු ගුවන්තොටුපළ නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ.

සංචාරක අමාත්‍යංශය සදහන් කළේ ඒ පිළිබදව මේ වන විට පාර්ශවයන් කිහිපයක් සමග සාකච්ඡා පැවැත්වෙන බවයි.

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් විදෙස් රටවල සිර වී සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ කටයුතු සිදුවන බැවින් ලබන මාසය වන විට ගුවන්තොටුපළ විවෘත කිරීම පිළිබඳ අවධානය යොමු වී තිබේ.

මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් ශ්‍රී ලාංකිකයින් සියලුදෙනා ගෙන්වා ගැනීමෙන් අනතුරුව ගුවන්තොටුපළ විවෘත කිරීම පිළිබඳ තීරණය ගැනීමට නියමිතයි.

(Aruna)