මෙරට ඖෂධ නිෂ්පාදනය කරන මහා පරිමාණ සමාගම් 2 ක් වන මහනුවර පල්ලේකැලේ ආයෝජන කලාපයේ පිහිටි Kelun LifeScience (pvt) Ltd හා Celagen Lanka (pvt)Ltd ආයතන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා නිරීක්ෂණය කළේය.
මෙම ආයතන දෙකෙහි දැනට ඖෂධ වර්ග 400 කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කරන අතර, යුරෝපා සංගමයේ තත්ව සහතිකය ( EU GMP) ලත් ශ්‍රී ලංකාවේ සමාගම් දෙකකි.
එසේම ශ්‍රී ලංකාවේ විශාල ලෙස සේලයින් නිපදවන පෞද්ගලික ආයතනයක් ලෙස ද Kelun ආයතනය කටයුතු කරන ලබයි.
Kelun LifeScience (pvt) Ltd හා Celagen Lanka (pvt) Ltd කර්මාන්ත ශාලා සහ එම කර්මාන්ත ශාලාවල අන්තර්ජාතික හා ජාතික තත්ත්ව කළමණාකරණයන්ට අනුගතව ඖෂධ නිෂ්පාදන ක්රියාවළිය මෙන්ම ආයතනවල ඉදිරි සැළසුම් ද මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.
Kelun හා Celagen සමාගම් හී සභාපති V නඩරාජා සහ විධායක අධ්යක්ෂ අයි. සත්‍යමූර්ති යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.