බදුල්ල දිස්ත්‍රික්කය පුරා විනාශ වූ වාරී පද්ධති ප්‍රතිසංස්කරණය කර මහ කන්නයට දියවර ලබාදීම උදෙසා සිදු කරන “අධිෂ්ඨානයේ මහිම” වාරි ව්‍යාපෘතිය යටතේ සම්පූර්ණයෙන් විනාශවී ගිය තල්දෙන මහ ඇල ව්‍යාපාරය ප්‍රතිසංස්කරණ කටයුතු දින 21 වැනි කෙටි කාලයක් තුළ අවසන් කර අද (03) දියවර කෙත් යාය සඳහා නිදහස් කෙරිණි.
බදුල්ල දිස්ත්‍රික්කයේ, වියලුව ප්‍රදේශයේ ඇති මහා වාරි ව්‍යාපාර අතරින් තල්දෙන ඇල ව්‍යාපාරය මගින් අක්කර 400 ක් හා පවුල් අටසීයකට අධික ප්‍රමාණයක් ජීවත් වන අතර මෙම අධිෂ්ඨාන මහිම මෙහෙයුම මගින් හානි වූ ඇලමාර්ග ප්‍රතිසංස්කරණ කර මහා කන්නය සඳහා දියවර ලබා දී කෘෂිකර්මාන්තය නගා සිටුවීම මෙහි අරමුණයි.
වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ නිළධාරින් හා ප්‍රාදේශිය ඉන්ජිනේරු අධීක්ෂණය යටතේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භට පිරිස් ද යුධ හමුදාව, මහා සංඝ රත්නය, විවිධ ප්‍රදේශවලින් පැමිණි සහන සේවා කණ්ඩායම් ද ප්‍රාදේශිය ගොවි සංවිධාන නියෝජිතයන් හා ප්‍රදේශවාසින් විසින් මහා පරිශ්‍රමයකින් යුතුව මෙම කටයුත්ත අවසන් කර තිබේ.