චීනයේ නැන්ජියැං නගරයේ එළැඹෙන 21 වැනිදා සිට ආරම්භ වීමට නියමිත ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් චමෝද් යෝධසිංහ, කාලිංග කුමාරගේ සහ කවීශ බණ්ඩාර යන ක්‍රීඩකයන් සමත් වී ඇති අතර වසර 24කට පසු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝක මලල ක්‍රීඩා උළෙලකට සහභාගී වන වැඩිම ක්‍රීඩක සංඛ්‍යාව මෙය වීමද විශේෂත්වයකි.
මීටර 60 ධාවන ඉසව්වෙන් තරග වදින චමෝද් යෝධසිංහ සහ මීටර 400 දිවීම ඉසව්වෙන් තරග වදින කාලිංග කුමාරගේ යන ක්‍රීඩකයන් යුද හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරන අතර මීටර 60 කඩුලු මතින් දිවීම ඉසව්වෙන් තරග වදින කවීශ බණ්ඩාර ශ්‍රී ලක් මලල ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයෙකි.
මෙම ක්‍රීඩකයන් තිදෙනා ලෝක ශ්‍රේණිගත කිරීම් ක්‍රමවේදය අනුව මෙම තරගාවලියට සුදුසුකම් ලබන අතර මීටර 60 කාණ්ඩයෙන් තරග වදින චමෝද් සහ කවීශ යන ක්‍රීඩකයන් පසුගිය මස අගදී සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු ශ්‍රී ලංකා කෙටි ධාවන පථ තරගාවලියේදී දක්වන ලද දක්ෂතා මත මෙම තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ඇත.