Wednesday, January 29, 2025
Follow Us
රටට අභ්‍යන්තර ගුවන්ගමන් වැඩපිළිවෙළක්

ප්‍රවාහන, මහාමාර්ග , වරාය හා ගුවන්‍ සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණි.

එහිදී විශේෂයෙන් මෙරට අභ්‍යන්තර ගුවන්ගමන් රජයෙන් ඇරඹීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට තීරණය වුණි.‍
මේ වන විට සංචාරකයින්ගේ පැමිණීම ශ්‍රීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින බැවින් ගුවන්තොටුපොළ පහසුකම් හැකිතාක් පුළුල් කිරීමට තීරණය වී තිබේ. දැනට පවතින ඇතුලු විමේ කවුන්ටර (check – in counters) 20 ක ප්‍රමාණයක් වත් එකතු විය යුතු බවට තීරණය වු අතර ඒ සඳහා අවශ්‍ය ස්ථාන නීරික්ෂණයක් ද සිදුවිය.

තව ද පහසුකම් වැඩිදියුණු කර වෙනත් ජාත්‍යන්තර ගුවන් සමාගම් වලට ද අප ගුවන්තොටුපොළට ආරාධනා කරන්නට තීරණය වු අතර වසරකට මිලියන 12 ක පමණ ගුවන් මගීන් ප්‍රමාණයක් 2028 වන විට අපේක්ෂා කරන බැවින් ඊට සුදානම් වීමට අවශ්‍ය උපදෙස් අමාත්‍යවරයා ලබා දී තිබේ.

මෙම අවස්ථාවට ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා, අමාත්‍යංශ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී පෙරේරා, ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ, සංචාරක මණ්ඩලයේ සභාපති බුද්ධික හේවාවසම්, සිවිල්ගුවන්සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න, ගුවන්තොටුපො‍ළ හා ගුවන්‍‍ සේවා සභාපති චීෆ් වයිස් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම ඇතුලු බොහෝ නිලධාරීන් පිරිසක් මේ විශේෂ සාකච්ඡාවට එක් විය.