සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වැනි සහ අවසන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරගය අත්හැර දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව තරගාවලියේ ජය 2ට 0ක් ලෙස ශ්‍රී ලංකාව දිනාගත්තේය.
එම තරගය අද (19) දහවල් මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ආරම්භ වුණි.
කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි අතර පන්දුවාර 21ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 112ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය.