Wednesday, October 23, 2024
Follow Us
ජ‘පුර විශ්වවිද්‍යාලයේ 50වන උපාධි ප්‍රදානෝත්සවය ලබන සතියේ

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අභිමානවත් 50වන උපාධි ප්‍රදානෝත්සවය ලබන සතියේ දී පැවැත්වේ.

ඒ අනුව ලබන 28,29 සහ 30 යන තෙදින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එය උත්සවාකාරයෙන් පැවැත්‍වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා, වෛද්‍ය විද්‍යා, වෝහාරික විද්‍යා, කළමනාකරණ අධ්‍යයන හා වාණිජ පීඨවල විශේෂ උපාධි, සාමාන්‍ය උපාධි හා පශ්චාත් උපාධි මෙහිදී පිරිනැමීමට නියමිතය.