Monday, May 06, 2024
Follow Us
අපරාධකරුවන් හඹා ගොස් අත්අඩංගුවට ගැනීමට විශේෂ පුහුණුව ලද පොලිස් කණ්ඩායම 

සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මර්ධනය කිරීම සඳහා විශේෂ කාර්ය බලකායේ SECUROTY EYE හෙවත් ආරක්ෂක ඇස නමින් ක්‍රියාත්මක අපරාධකරුවන් හඹා ගොස් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පුහුණුවක් ලද පළමු පොලිස් යතුරුපැදි කණ්ඩායම විසිර යාමේ පෙළපාලිය මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ ( 25) කළුතර කටුකරුන්දු පොලිස් විශේෂ කාර්ය බලකා පුහුණු පාසලේදී පැවැත්විණි.

මෙහිදී පුහුණුව හදාරන ලද නිලධාරීන් වෙත සහතිකපත් සහ විශේෂ ලාංඡන පිරිනමන ලද අතර පුහුණුව ලබා නිලධාරීන් 100 දෙනෙකු විසිර ගියහ. මෙම විසර යන නිලධාරීන් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත කර බස්නාහිර සහ දකුණ පළාත්වල සංවිධානාත්මක අපරාධ කල්ලි මාඩලීමේ රාජකාරී සඳහා යෙදවිමට නියමිතය.

සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් යතුරුපැදි හා මෝටර්රථ මගින් පැමිණ වෙඩි තැබීම් සහ වෙනත් අපරාධයක් සිදු කරන අවස්ථාවලදී ඔවුන් පසුපස හඹා ගොස් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පුහුණුවකින් යුතු මෙම කණ්ඩායම යතුරු පැදි 50 කින් හා නිලධාරීන් 100 දෙනෙකුගෙන් සමන්විත වේ.