Saturday, May 10, 2025
Follow Us
අනුරාධපුරේ මත්ස්‍ය වගාකරුවන්ට හා මිරිදිය ධිවර කර්මාන්තකරුවන්ට සහන 

‍2023 වසරේ පළාත් සභා ප්‍රතිපාදන යටතේ උතුරු මැද පළාතේ විසිතුරු මධ්‍ය හා ධීවර ප්‍රවර්ධනය සඳහා 50%ක ප්‍රතිලාභී දායකත්වය යටතේ විසිතුරු මත්ස්‍ය වගා උපකරණ හා ධීවර ආම්පන්න ලබාදීමේ උත්සවය  පසුගියදා උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

පළාත් සභා අරමුදලින් විසිතුරු මත්ස්‍ය කර්මාන්තය වෙනුවෙන් රුපියල් මිලියන හතරක් හා මිරිදිය ධීවර කර්මාන්ත කරුවන් සඳහා රුපියල් මිලියන හතරක් වෙන් කර ඇත.

ඒ යටතේ ප්‍රතිලාභීන් එකසිය අනූවක් සඳහා දැල් ආම්පන්න 391ක් මෙහිදී බෙදා දුන්නේ ය.