2023 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අවසන් තීරණය ඔක්තෝබර් 02 වනදා ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ සඳහන් කර තිබේ.
අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ දී දැනුම් දුන්නේ 2023 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස උසස් පෙළ විභාග දිනය සංශෝධනය කිරීම පිළිබඳව සලකා බලන බවයි.
කෙසේ වෙතත් විභාග පැවැත්වීමේ සංශෝධිත දිනය කඩිනමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් ප්‍රකාශයට පත් කරන බව එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.
අ.පො.ස උසස් පෙළ විභාගය නොවැම්බර් 27 සිට දෙසැම්බර් 2 දක්වා පැවැත්වීමටයි මීට පෙර තීරණය කර තිබිණි.
සිසුන්ට විභාගයට සූදානම් වීමට කාලය ප්‍රමාණවත් නොවීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළ ඉල්ලීම් මත මෙසේ විභාගය කල් දැමීමට පියවර ගෙන තිබේ.