Friday, May 09, 2025
Follow Us
අවාරයේ ශ්‍රී පාදය සංචාරය ඇරඹේ

අවාරයේ ශ්‍රී පාදය සංචාරය කිරීම සඳහා රත්නපුර ශ්‍රී පාද මාර්ගය (පලාබද්දල මාර්ගය) සහ නල්ලතන්නිය මාර්ගය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විවෘත කර ඇත.

සෑම වර්ෂයකම උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයෙන් ආරම්භව එයට පසුව එළඹෙන වසරේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයෙන් අවසන් වන කාලසීමාව හැර අනෙකුත් කාලසීමාව අවාරය ලෙස සැලකේ.

මෙම අවාරයේ ශ්‍රී පාදය සංචාරය සඳහා රත්නපුර ශ්‍රී පාද මාර්ගයේ (පලාබද්දල මාර්ගය) පවනැල්ල පොලිස් මුරපොළ පැවති ස්ථානයේ බලපත්‍ර නිකුත් කිරීමේ කවුළුව ස්ථාපිත කර ඇති අතර නල්ලතන්නි බලපත්‍ර නිකුත් කිරීමේ කවුළුව නල්ලතන්නි අඩවි ආරක්ෂක කාර්යාලයේ ස්ථාපිත කර තිබේ. බලපත්‍ර කවුළුව මඟින් දිනපතා සවස 6.00 සිට පසුදින උදෑසන 10.00 තෙක් අවාරයේ ශ්‍රී පාදය සංචාරය සඳහා බලපත්‍ර නිකුත් කරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.