Tuesday, July 08, 2025
Follow Us
ශ්‍රී ලංකාවේ පළමු වරට ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් වෙනුවෙන් QR සක්‍රීය ගෙවීම් විකල්පයක් කොමර්ෂල් බැංකුවෙන්

කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට කොමර්ෂල් බැංකු වෙබ් අඩවියේ දිස්වන QR කේතය ඔවුන්ගේ ජංගම දුරකතන QR ගෙවීමේ ඇප් සේවාව තුළින් ස්කෑන් කිරීම මගින් ඉතාමත් පහසුවෙන් සහ ක්ෂණිකව ඔවුන්ගේ ක්‍රෙඩිට් කාඩ්පත් හිඟ මුදල් ගෙවීමේ අවස්ථාව බැංකුව විසින් ලබාදී තිබේ.

මේ ආකාරයෙන් ක්‍රෙඩිට් කාඩ්පත් හිඟ මුදල් පියවීම සඳහා QR කේත ගෙවීම් සක්‍රීය කළ පළමු ශ්‍රී ලාංකේය බැංකුව ලෙසින් කොමර්ෂල් බැංකුව කැපී පෙනේ.

මෙහිදී, හිඟ මුදල් පියවීම සඳහා කාඩ්පත් හිමියන් www.combank.lk වෙබ් අඩවියට පිවිසිය යුතු අතර එහි මුල් පිටුවේ තිබෙන ‘Credit Card Payments’ ටැබ් එක තෝරාගත යුතුය. ඉන්පසුව, කාඩ්පත් හිමියා විසින් එයට කාඩ්පතේ තොරතුරු ඇතුළත් කර හිඟ මුදල් පියවීම සඳහා ‘Pay through QR’ යන විකල්පය තෝරාගත යුතුවේ.

කොමර්ෂල් බැංකුවේ Q+ ඇප් පහසුකම LANKAQR යටතේ පවතින ශ්‍රී ලංකාවේ පළමු QR පදනම් කරගත් ගෙවීම් ඇප් පහසුකම වන අතර LankaQR ප්‍රමිතිය හෝ MasterCard QR හෝ Visa QR සහාය දක්වන ඇප් පහසුකම් තුළින්ද මෙම සේවාව ලබාගත හැකි බවද බැංකුව සඳහන් කරයි.

(Aruna)