Tuesday, February 17, 2026
Follow Us
කොළඹ මුහුද ගොඩකර තවත් අලුත් නගරයක් බිහිවෙයි

කොළඹ වරාය නගරය අසල මුහුද ගොඩකර තවත් නගරයක් ඉදිකරන බව නාගරික සංවර්ධන ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දුවික්‍රම පැවැසුවේය.

මෙම නව නගරයේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බවද හෙතෙම කියයි. ඒ අනුව කොළඹ නගරයට තවත් භූමි ප්‍රදේශයක් එකතු වනු ඇත. වරාය නගරය, මෙම අලුත් නගරය සහ බේරේ අවට සංවර්ධන කළාපයක් බවට දියුණු කිරීමට තීරණය කර තිබේ.

(Aruna)