Thursday, July 09, 2026
Follow Us
රුපියල් කෝටි 3500කට අධික භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද

රුපියල් මිලියන 35,100ක වටිනාකමින් යුත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද (22) දිනයේ පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා මහබැංකුව විසින් නිවේදනය කර තිබේ.

දින 91කින් කල් පිරෙන රුපියල් මිලියන 4600ක බිල්පත්, දින 182කින් කල් පිරෙන රුපියල් මිලියන 6000ක බිල්පත් සහ දින 364කින් කල් පිරෙන රුපියල් මිලියන 24,600ක බිල්පත් වශයෙන් මෙම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය පැවැත්වෙන බව සඳහන්.

(LNW)