Tuesday, February 17, 2026
Follow Us
බිත්තරය තවත් උස්සයි

කුකුළු කෑම හිඟය හේතුවෙන් බිත්තර මිල ඉදිරියේ දී තවත් වැඩි වනු ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

කුකුළු කෑම සඳහා බඩ ඉරිඟු අවශ්‍ය වුව ද රජය විසින් විකල්ප ආහාර ලෙස තිරිඟු ඇට මෙට්‍රික් ටොන් එක්ලක්ෂ අසූදහසක් ආනයනය කිරීමට සැලසුම් කර ඇත.

එහෙත් තිරිඟු ඇට කුකුළු කෑම සඳහා විකල්පයක් නොවන බව ද, මේ වන විට වෙනත් ආහාර වර්ග ලබාදීම හේතුවෙන් විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇති බව ද සංගමයේ ලේකම් දුමිෂ්ක සුබසිංහ පැවසුවේය. මේ වන විට බිත්තරයක සිල්ලර මිල රුපියල් 23කි.

පාඩුවකින් තොරව බිත්තර අලෙවි කිරීම සඳහා බිත්තරයක තොග මිල රුපියල් 20 දක්වා වැඩි කළ යුතු බව ලේකම්වරයා ප්‍රකාශ කළේය.

කුකුළු කෑම හිඟය හේතුවෙන් කුකුළු මස් මිල ද වැඩි වෙමින් පවතින බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

(Aruna)