Monday, August 24, 2026
Follow Us
ලීසිං ගැන සෙවූ වාර්තාව අද භාර දෙයි

මූල්‍ය සහ ලීසිං සමාගම්වල සිදු වූ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ ති‍්‍රපුද්ගල කමිටුවේ වාර්තාව අද (07) මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඞී. ලක්ෂ්මන් වෙත භාරදීමට නියමිතව තිබෙනවා.

මහබැංකු අධිපතිවරයා විසින් පත්කළ එම කමිටුවේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළේ ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ හරිගුප්තා රෝහණධීරයි.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ නීති සහ අනුකූලතා අධ්‍යක්ෂ කේ. පී. පී. සිරිකුමාර සහ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ අධ්‍යක්ෂ ජේ. පී. ගම්ලත් එම කමිටුවේ සෙසු සාමාජිකයින් වනවා.

මහබැංකුවේ ලියාපදිංචි සහ ලියාපදිංචි නොවූ මූල්‍ය සමාගම් විසින් සිදුකරන සමාජය අනුමත නොකරන කි‍්‍රයාවන් සහ ඒවා සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි කි‍්‍රයාමාර්ග නිර්දේශ කිරීම එම කමිටුව වෙත පැවරුණා.

(Neth)