Thursday, July 09, 2026
Follow Us
කොවිඩ් නිසා වැසුනු ආර්ථික මධ්‍යස්ථාන යළිත් විවෘත වේ

දින දෙකකට පසුව රට පුරා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන අද යළි විවෘත කෙරුණා.

නෙත් නිවුස් දඹුල්ල වාර්තාකරු කාංචන කුමාර පවසන්නේ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වෙත එළවළු රැුගෙන ආ ලොරි ඊයේ රාත‍්‍රී සිටම එහි නවතා තිබෙන බවයි.

පෙර සතියට සාපේක්ෂව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල අඩුවී ඇතැයිද ඔහු ප‍්‍රකාශ කළා.

කෙසේ වෙතත් කොළඹ මැනින් වෙළඳපොළේ කළ නිරීක්ෂණ චාරිකාවක දී දැකගත හැකි වූයේ එළවළු මිල පෙර සතියට වඩා වැඩි වී තිබෙන බවයි. මැනිං පොදු වෙළඳ සමිතියේ ලේකම් ගාමිණී අඳුන් ගේ ද ඒ බව තහවුරු කළා.

එළවළු මෙන්ම මාළු මිල ද කොළඹ ඇතුළු බොහෝ ප‍්‍රදේශවල වැඩි වී තිබෙනවා.

(Neth)