Wednesday, May 14, 2025
Follow Us
පාන් බනිසුත් ගණන් උස්සන්න යයි

ආනයනික මාජරින් සහ ෆාම් තෙල් වෙනුවෙන් අය කෙරෙන බදු ඉහළ නැංවීම සඳහා රජය ගෙන ඇති තීරණය හේතුවෙන් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ නැංවීමට සිදුවනු ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

එහි සභාපති එන්.කේ. ජයවර්ධන පවසන්නේ පසුගිය සිකුරාදා සිට බලපැවැත්වෙන පරිදි රජය විසින් සිදු කළ බදු සංශෝධන හේතුවෙන් බේකරි හිමියන් දැඩි අසීරුතාවට පත්ව ඇති බවයි.

මේක හරියට ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක්. කොරෝනා වසංගතය නිසා මාස දෙකක් තිස්සේ බේකරි වහලා, බේකරි හිමියන් නැත්තටම නැතිවෙලා හිටියේ. ලංකාවේ ඉන්න කොම්පැණි කාරයෝ කීපදෙනෙක් සතුටු කරන්න තමයි මාජරින් බද්ධ වැඩි කරලා තියෙන්නේ. පිටරටින් ගේන මිලට පුළුවන්නම් මාජරින් මෙහෙ හදල දෙන්න කියලා අපි අභියෝග කරනවා. රුපියල් හාරසීයට තිබුණ බද්ධ දැන් රුපියල් දාහක් වෙනවා. ඒ වගේම රුපියල් දෙසීයට තිබුණ ෆාම් ඔයිල් බද්ධ මාසෙකට කලින් තුන්සීයක් කළා. දැන් තවත් රුපියල් හැත්තෑවකින් වැඩි කරලා. ලංකාවේ සියලුම මාජරින් වර්ග හදන්නෙ ෆාම් ඔයිල්වලින්. මේ පිළිබඳව ජනාධිපතිතුමා ඇතුළු සියලුම අංශවලට ලිඛිතව දැනුම් දීමක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා යනුවෙන් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

(Aruna)