Saturday, July 05, 2025
Follow Us
සැමන්-පරිප්පු ඇතුළු ආනයනික භාණ්ඩ රැසකට විශේෂ බද්දක්

මාස 06 ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි මෙරටට ආනයනය කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක වෙළඳ බදු ඉහළ දමා තිබෙනවා. මෙම බදු ඉහළ දැමීම අද (22) දිනයේ සිට ක්‍රියාත්මක වේ.

සැමන් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 100 ක බද්දක් පනවා ඇති අතර පරිප්පු සඳහා රුපියල් 5 - 10 අතර බද්දක් පනවා තිබෙනවා. ආනයනික අර්තාපල්, රතු ලූණු සහ සුදු ලූණු සඳහා කිලෝ ග්‍රෑමයකට රුපියල් 50 බැගින් බදු ඉහළ දමා තිබේ.

මීට අමතරව යෝගට්, පළතුරු, ධාන්‍ය වර්ග ඇතුළු භාණ්ඩ වර්ග රැසක බදු ඉහළ දමා තිබේ.

(LNW)