යාපනය – මන්නාරම මාර්ගයේ පුනරීන් විදුහල ආසන්නයේදී සිදුකළ පොලිස් පරීක්ෂාවකදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.
මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් විසින් සැකකටයුතු යතුරුපැදි දෙකක් නවත්වන ලෙස සංඥා කර ඇති අතර, එහිදී එක් යතුරුපැදිකරුවෙකු සන්තකයේ තිබූ පාර්සලයක් අතහැර දමා යතුරුපැදි දෙකම නොනවත්වා පලාගොස් ඇත.
අනතුරුව අතහැර දමා ගිය පාර්සලය පරීක්ෂා කිරීමේදී එහි තිබූ කුඩා පාර්සල් 14කින් හෙරොයින් කිලෝග්‍රෑම් 13යි ග්‍රෑම් 340ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 62ක් සොයාගෙන තිබේ.
පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පුනරීන් පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.