හෙට (23) දිනයේ “සිරි දළදා වන්දනාව” සිදුකර ගැනීම සඳහා අද (22) සවස 06.00 පමණ වන විට අසූදහසකට අධික සැදැහැවතුන් පිරිසක් මහනුවර නගරය වෙත එක් රැස්ව සිටින බව පොලීසිය පවසයි.
එමෙන්ම හෙට දහවල් කාලය වන විට මෙම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බැවින් හෙට දිනය හැර තවත් දින 04 ක කාලයක් “සිරි දළදා වන්දනාව” සිදුකර ගැනීමට හැකියාව පවතින් බැවින් හෙට දිනය මඟහැර ඉදිරි දිනයක් යොදා ගැනීමට කටයුතු කිරීම මගින් සැදැහැවතුන්ට අපහසුතාවයකින් තොරව වන්දනාමාන කර ගැනීමට හැකියාව පවතින බවට පොලීසිය මහජනතාව වෙත දන්වා සිටියි.
ශ්‍රී ලංකා පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙන අතර පවසා ඇත්තේ හෙට උදෑසන වන විට එම සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවය.
“සිරි දළදා වන්දනාව” පසුගිය 18 වනදා ආරම්භ කළ අතර ලබන 27 වැනිදා දක්වා සැදැහැවතුන්ට දළදා වහන්සේ වන්දනා මාන කර ගැනීමට අවස්ථාව ලැබේ.