Friday, January 16, 2026
Follow Us
අද සවසට තැනින් තැන වැසි
බස්නාහිර, සබරගමුව, මධ්යම, දකුණු, වයඹ, ඌව සහ උතුරු-මැද පළාත්වලත් අම්පාර දිස්ත්රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 
බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර, පුත්තලම සහ මන්නාරම දිස්ත්රික්කවලත් උදෑසන කාලයේදීද වැසි ස්වල්පයක් ඇති විය හැක.
 
මධ්යම, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.
 
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
 
මධ්යම, සබරගමුව සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.