අම්මා....අම්මා... දොර අරින්නකො....[එහෙම කතා කරෙ මගෙ අම්මා කිරිඅම්මාට. කිරිඅම්මා ගෙදර තනියෙම ඉන්න නිසා රැට ඉතිම් මන් යනවා කිරිඅම්මාගෙ ගෙදර නිදියන්න....(මෙ කතාවෙදි මන් සුදු)..]
ඇයි ඔහොම ඉන්න දොර අරින්නම්.මොකද කියන්න
තාත්ති මොකද උනෙ ම්ම්ම් නැගිටින්න...
ඇයි සුදු මොකුත් උනෙ.නැ ඔයා නිදාගන්න යන්න....
මොකුත් වෙලා නැත්තේ.නැ නැගිටින්න.... සුදු මගෙ ඔලුව ටිකක් අතගාන්නකො.... හ්ම් කියලා තාත්තිගෙ ඔලුව මගෙ උරහිස උඩට ගත්තෙ එයා ඇදෙ නිදියම් ඉද්දිමයි.අම්මිට හොරෙන් මගෙ කනට ලන් කරලා සුදු මගෙ මැණිකෙ පරිස්සමෙන් ඉන්න මන් නැතත් මල්ලි එක්ක කිව්වෙ අම්මිට ඇහෙන්නෙ නැති වෙන්න... ඇද ලග රතුපාටින් ලෙ තිබුන තැන ආපහු අලුත් කරන්න මගෙ උරහිසින් ඔලුව ගත්තු තාත්ති ඔලුව නමාගන ආයෙත් වමනෙ කරා රතු පාටින්...
තාත්ති යන්න ලැස්ති වෙමු ඉස්පිරිතාලෙ ඔයාට අමාරුයිනෙ.මට අමාරුවක් නැ ඔයා ඔහොම නිදාගන්නකො මල්ලිත් එක්ක. එවා හරියන්නෙ නැ නැගිටින්න යන්න.. (මෙච්චර දෙවල් වෙනකම් මගෙ අම්මා සාලෙ පුටුවකට වෙලා ඉදගන ඒක දකිද්දි ආවා තරහාටත් දුකටත් එක්ක මන් අම්මිට කැගැහුවා වීල් එකකට හරි කතා කරන්න ඔතනට වෙලා බලාගන ඉන්නෙ එහෙම එකෙත් එයා වීල් 2 ට විතර කතා කරලා.නිකම් හිටියා මාස 2කිම් විතර.මටයි තාත්තිටයි එයා කතා කරෙ.නැ එක ගෙදර ඉදලාවත්)
සුදු මගෙ කොන්දට හෙත්තු වෙන්න ටිකක් කියලා සාලෙට ආපු තාත්ති බිම නිදාගන මට හෙත්තු වෙන්න කිවා. එත් එක්කම එයා නැගිටිලා එලියට ගියෙ ආපහු එයාට වමනෙ යන.නිසා... එත් එක්කම.මන් වාහනෙකට කතා කරා.. වාහනයක්.නම් එන්නම් කියලා තාත්තිට සරමයි ටිශට් එකයි දුන්නෙ ඇදගන්න කියලා.. සුදු.මට ඉස්පිරිතාලෙ යන්න.බැ... මන් ගියොත්.මට තනියෙම මැරෙන්න වෙන්න ගෙදර හිටියොත් ඔයාලා හැමොම ඉන්නවානෙ.. එවලෙ ඒ කියපු වචනෙ.මන් ගනන් ගත්තෙ.නැ ... ඉට පස්සෙ.මාත් කොකටත් ලැස්ති උනා තාත්ති එක්ක යන්න කියලා... මන් ඔනෙ නැ අම්මි යනවානෙ තව පිරිමි 2 කුත් යන.නිසා ආයෙ ගෙදර හිටියා... ඒ යන ගමන් එයා මහාපාරෙත් නවත්තලා වාහනෙ මාහාපාර මැද.නිදියලා.. එවලෙ තාත්ති අම්මිට කියලා තියෙන්නෙ අද මන් මැරුනොත් කෙල්ලො දෙන්නා.නම් උබට සලකන්නෙ.නැ..... එහෙම කියලා තාත්තිව එදා රැ.නම් හොස්පිටල් ඇඩ්මින් කරා. අම්මි ගෙදර ආවා. පහුවදා අම්මි වැඩටත් ගියා එයා වැඩකරෙ තාත්ති ඇඩ්මින් කරපු හොස්පිටල් එකෙමයි... එදා තාත්ති ලග කෙනෙක්ව නවත්වන්න ඔනෙ කියලා ඩොක්ටර් කියලා තිබුනා.අම්මි තාත්තිගෙ අක්කාටයි නංගිටයි කොල් දිලා 1000 දාන්න 3000 කෙනෙක් තියමු කියලා කියලා.. එවලෙ මන් අම්මිට කොල් එකක් දිලා අම්මි ලැජ්ජා නැද්ද ඔයාට එහෙම අහන්න කිව්ව එකට එයා මට හොදටම බැනලා ෆොන් එක කට් කරා...
කොහොමෙන් කොහොම හරි...
දවල් 2 විතර උනා තාත්තිට කොල් එකක් ගත්තා. මන් ඉස්සොරොම මල්ලිට කතා කරලා තාත්ති කට් කරා.. ඉට පස්සෙ ආයෙ මන් කොල් එකක් ගත්තා. තාත්ති මොකද දැම් අඩුයිද . ටිකක් අමාරුයි මැණිකෙ මන් පස්සෙ ගන්නම් බෙහෙත් දෙන්න හදන්නෙ කියලා කට් කරා... රැ 8 විතර උනා අම්මිත් ගෙදර ආවා.. . අම්මා ගෙදර එනකම් ඉදලා මන් කිරිඅම්මා තනියෙම නිසා එහෙට ඇවිත් රැ 10 විතර කිරිඅම්මාගෙ ෆොන් එකත් අරම් ඇදට ආවා නිදාගන්න කියලා... 11 : 30 විතර කොල් එකක් ආවා ...
=Helo
=Helo කවුද මෙ
=.මන් කුරුණෑගල හොස්පිටල් එකෙම් කතා කරන්නෙ නිරාෂා ඉන්නවාද...
=.ම්ම් අම්මි නම් මේ වෙලාවෙ.නැ කියන්න
= පුතෙ එහෙනම් ඔතන වැඩිහිටි කවුරුත් ඉන්නවාද...
=කිරිඅම්මා නම් ඉන්නවා එයාට දෙන්නම්.
= හෙලො කියන්න ( එහෙම කතා කරෙ කිරිඅම්මා)
=නිරාෂා ඉන්නවාද
=එයා.නැ ඔයා කවුද කියන්න
= මන් කුරුණෑගල හොස්පිටල් එකෙම් එහෙනම් නිරාෂාට කියනවාද එයාගෙ මහත්තයා මෙ දැම් නැති උනා කියලා... 





තමන්ගෙ කුසට දරුවෙක් ආවා කියන සතුට ඒ අම්මා එක දවසක් වින්දා... තමන්ගෙ කුසෙන් වදාපු දරුවා නැති උනා කියන එක එදා වින්දා.... 

මුලු ලොකයක් ඉස්සරහා තමන්ගෙ තාත්තා තමන්ව දාලා කියන එක අවුරුදු 16 පොඩි කෙල්ලට එදා දැනුනා