Wednesday, February 12, 2025
Follow Us
බැන්දට පස්සෙ පිරිමින්ට වෙන දේ
 
ඔයා හැමදාම කියනවනෙ කසාද බැන්දට පස්සෙ හුඟක් ගෑනුන්ට එයාලගෙ තිබ්බ සමහර හීන නැති වෙලා යනවා කියල ,
ඉතින් පිරිමින්ට එහෙම වෙන්නෙ නැද්ද ?
මෙහෙම ඇහුවෙ එක පිරිමියෙක් ,

 නැති වෙනවා ,ගෑණුන්ට වගේම පිරිමින්ටත් කසාද බැන්දට පස්සෙ එයාලගෙ තිබ්බ හුඟක් නැති වෙලා අහිමී වෙලා යනවා ...

?️ඉස්සර කොල්ලා කාලේ දවසෙම යාළුවො එක්ක ඉඳල යාළුවො ජීවිතේම කරගෙන ඉඳල බැන්දට පස්සෙ ඒ හැමදේම කැපකරලා බිරිඳව ජීවිතේම කරගත්ත පිරිමි තොග පිටින් ඉන්නවා .
?️තමන් ආස දේවල් ගන්න කලින් නෝනා දරුවො අම්මා තාත්ත ගැන බලලා එයාලට ඕන ,එයාල ආස හැමදේම අරන් දීලා ඉතුරු වුනොත් විතරක් තමන්ගෙ දේවල් ගන්න පිරිමි ඕන තරම් ඉන්නවා
?️බිරිඳගේ ,පවුලෙ අයගේ කෙළවරක් නැති අහේතුක චෝදනා වලට වචනයක් වත් නොකියා එයාලට දිනුම දීලා පවුල රැකගන්න ඔහේ පාඩුවේ කට වහන් ඉන්න පිරිමිත් ඉන්නවා
?️තමන්ට ජීවිතේ කෑ ගහල අඬන්න හේතු තියෙද්දිත් හිතෙන් ඇස් වහගෙන අනිත් අයගෙ කඳුළු පිහදාන්න මහන්සි වෙන පිරිමි ඉන්නවා
?️දවසක බයික් එකක් ගන්න ,කාර් එකක් ගන්න ඔය වගේ ජීවිතේ තිබ්බ සමහර ලොකු ලොකු ආදරණීයම හීන හිත් අස්සෙ මරලා දාලා දරුවන්ගෙ බිරිඳ ගෙ හීන වලට පාර කපන පිරිමි ඇති තරම් ඉන්නවා .
?️තමන්ගෙ ජීවිතේ දහසකුත් වේදනා ,ආර්ථික ප්රශ්න ,අමාරුකම් ,බැරිකම් ඔක්කොම කාටවත් නොපෙනනෙන්න හිතේම ගුලිකරගෙන දරුවෝ වෙනුවන් හිනාවෙන තාත්තලා ඕන තරම් ඉන්නවා
?️හැමදාම පිරිමි වෙනුවෙන් ගැහැණු කරන කැප කිරීම් ගැන ලිව්වට කථා කලාට ගැහැණු වෙනුවෙන් තමන්ගෙ හීන විතරක් නෙමෙයි මුළු ජීවිතේම කැප කරන පිරි
ගැහැණු තරමට හැඟීම් එළියට නොපෙන්නුවට ,හිමිකම් අයිතිවාසිකම් කෑ ගගහ නොයිල්ලුවට ,තමන්ට දේවල් අහිමි වෙන වෙනකොට ,හීන දිය වෙලා යනකොට කෑ ගහලා ඇඬුවෙ නැති උනාට ,සමාජීය ගැටළු ගැහැනුන්ට සාපේක්ෂව අඩු වුනාට ,
ගැහැණු වෙනුවෙන් ,දරුවො වෙනුවෙන් ,පවුල වෙනුවෙන් තමන්ගෙ ජීවිතේ ලස්සනම කොටස් ටික කැපකරලා දුක් වේදනා කඳු ගණන් නිහඬවම දරාගෙන ඉන්න පිරිමි මේ මහ පොළවෙ ඕන තරම් ඉන්නවා ....
අවාසනාවකට පිරිමින්ගෙ කඳුළු ලෝකෙට පේන්නේ නැහැ ,
අන්න ඒ නිසා ඒ ගැන වැඩිපුර කථා කෙරෙන්නෙ නෑ ....
අන්තිමටත් අර පිරිමි ළමයා අහපු ප්රශ්නෙට උත්තරේ විදිහට කියන්න තියෙන්නෙ පිරිමින්ටත් කසාද බැන්දට පස්සෙ එයාලගෙ තිබ්බ හුඟක් හීන නැත්තටම නැති වෙලා අහිමි වෙලා යනවා ,සමහරවිට ගැහැණුන්ටත් වඩා .....
ඒත් කවුරුත් ඒ ගැන වැඩිය අහන්නෙ හිතන්නෙ නැහැ ,
ඒවා වැඩිය ලෝකෙට පේන්නෙත් නැහැ ,
හරියට අර හෂෙන් ගෙ සිංදුවක තියනවා වගේ,
"කව්ද ඇහුවේ පිරිමි ඇස් වල කඳුළු ගල් වුනු කාරණේ ????"
Copy