Friday, May 03, 2024
Follow Us
Second MOM
අසලි මල... කෝ කෝ ඉක්මනට නැගිටින්න, school යන්නෙ නැද්ද අද
අනේ අක්කා චුට්ටක් ඉන්න දෙනවකෝ මෙහෙම... ඇයි දෙයියනේ මෙච්චර ඉක්මනට එලි වුණාද..?

 බලහන්කො මේකි එලිවුනාද අහන්නේ යකෝ 7.00යි වෙලාව.. බලනවා ඔර්ලෝසුව

මො... මො.. මොකක් බලනවා අක්කේ තමුසෙනම් අවදි කරන්න තිබ්බනේ
අසලි.... මං ඔයාව අවදි කරලයි උයන්න ගියේ, ඇයි ආයේම නිදාගත්තෙ.හරි හරි මේ දැන් ගිහින් redy වෙන්නකෝ නැත්නම් තව පරක්කු වෙයි,
මේ මං යනවා.....
අසලි මල කෑම එක ගත්ත නේද..? එතකොට වතුර බෝතලේ...
හරි හරි ගත්තා.. අනික අක්කා මට යාලුවෝ එහෙම ඉන්න තැන් වල ඔය මල මල ගගා එන්න එපා.. එච්චරයි මං යනවා.. ආ මේ... මේ... අද එන්න ටිකක් පරක්කු වෙයි මං රිතූලයි දිහා යනවා...
රිතූලහ... ඇයි එකපාරටම මොනව හරි ප්රශ්නයක්ද නංගි...
අයියෝ assignment එකක් කරන්න යන්නේ.. ඇරත් නිකමට උනත් ගියාම මොකද... ඒ මගේ යාලුවොනේ...මේක පුදුම වැඩක් උනානේ... මට කියලා නිදහසක් නැද්ද......දැන් මේක හොදටම ඇති අක්කා.. මේක හොඳට අහගන්න ඔයා මගේ අක්කා... අම්මා නෙමෙයි... මට මගේ පාඩුවෙ ඉන්න දෙන්න..
කිසිම බරක්පතලක් නොදැන ඔහේ කියලා දාන වචන අසලිට ⁣අස්වැසිල්ලක් වෙද්දි පරින්දිට ඒ වචන පපුවට අනින පිහිතුඩු වගේ උනා...
කිසිම හැඟීමක් නැති අසලිගේ ඇස් පරින්දිව තවත් අසරණ කරා. කඳුලු පිරුණු බොද වෙච්ච ඇස් වලින් පරින්දි බලං උන්නා... රිදුම් දෙන පපුව අතින් අල්ලන් ඇය හිතුවේ තමන්ට අතපසු උයේ කුමක්ද කියායි.. නංගි මෙතරම් නපුරු වීමට හේතුවක් තිබිය යුතුමයි.. එසේනම් ඒ කුමක්ද...
මේ කලෙකට කලින් මං ළඟ හුරතල් වෙවි දැවටි දැවටි උන්නු චූටි කෙල්ල නෙවෙයිි, දැන් ඒකි ලොකුයි.. තනියම තීරණ ගන්න පුළුවන් වයසක හිටියත් මට උඹ ගැන බයයි බන්, මට ඕන උබව ආරක්ෂා කරන්න.... ඇයි ඒක තේරුම් නොගන්නේ... දෑස් කොනින් කඩන් වැටෙන කදුලු වලට ඔහේ ගලන්න දීලා පරින්දි කල්පනා කලේ තමන්ගේ නංගි අසලි ගැන.. අසලිට අවුරුදු පහේදි එයාගේ අම්මයි තාත්තයි accident එකකින් නැති වෙනවා.. ඒ වෙනකොට පරින්දිට අවුරුදු 17යි... එදා ඉදන් අවුරුදු පහේ චූටි නංගි වෙනුවෙන් පරින්දි තමන්ගේ හැම සතුටක්ම හැම හීනයක්ම කැප කරන්නෙ කිසිම පැකිලීමක් නැතුව... තමන්ගෙ අධ්යාපන ගමනට සමු දීලා තමන්ගේ නංගිට උගන්නන්න නංගිගේ බඩ කට පුරවන්න සල්ලි හොයන්න පරින්දි නොකරපු දෙයක් නැතුව ඇති,, හරි අධ්යාපනයක් නැති නිසාම හොද රස්සාවක් හොයාගන්න බැරි නිසා කාලයක් කඩේකත්, තවත් ටික කාලයක් තේ වත්තකත් වැඩ කරපු පරින්දි පසු කාලෙක ගාර්මට් යන්න පටන් ගත්තේ එන්න එන්න වියදම් දරුණු උන නිසාමයි...මොනදේ උනත් තමන්ගේ නංගිට කිසිම අඩුවක් පාඩුවක් නැතුව ඉල්ලන ඉල්ලන දේ අරන් දීලා ඇයව රැක ගත්තේ කිසිම දාක අසලිට අම්මා තාත්තගේ අඩුව නොදැනෙන්න..
අසලි ටිකෙන් ටික යොවුන් වියට පා තබද්දි, පරින්දි ගාර්මට් යන එක නතර කරලා වත්තේ වගා කරන්න පටන් ගත්තේ අසලිව තනි කරන්න තිබ්බ බයටමයි. එළවළු, පලතුරු වර්ග වත්තේ වගා කරලා හිතුවට වඩා වැඩි ආදයමක් සතිපතාම ගන්න පරින්දිට පුළුවන් උනේ ඇයගේ තිබ්බ ධෛර්යවන්ත කමටමයි.
කාලය ගෙවිල ගිහින් දැන් අසලිට අවුරුදු 17යි...
ඕනම කෙනෙක්ට හැරිල බලන්න හිතෙන ලස්සනක් අසලිට තියෙන්නේ දනසිසෙනුත් පහලට තිබ්බ දිග කොන්ඩෙන් ඒ ලස්සන තවත් වැඩි කරා.., ඇගේ ලා කහ පාට සමෙහිත් කිසිම ලපයක් නොමැති තරම්,,
ඒත් පරින්දි අසලිට හාත් පසින්ම වෙනස් වැඩ කරලම ඇදිල ගිහින් තිබ්බ ශරීරේ, නහර ඉලිප්පුන අත පය, අව්වට පිච්චුන සම, පරින්දිව පමනටත් වඩා වයසක කරලා තිබ්බා.... තවමත් අවිවාහකව සිටන පරින්දි සිතා සිටියේ අසලි⁣ විවාහ කර දීමෙන් පසුව මෙහෙනි ආරමයකට යන්න... ඒත් දැන් ටික කාලේක ඉදලා මේ අක්කා නංගිගේ ආදරේට කන කොකා හඩලා තිබ්බේ හරිම අවසනාවන්ත විදියට.... පරින්දි⁣ගේ අසීමිත ආදරය වගේම ආරක්ෂාව අසලිට කරදරයක් උනා.... ඒ නිසා සැරින් සැරේට ඇය තමන්⁣ගේ අක්කා සමඟ රන්ඩු ඇති කරගත්තා.. අසලිගෙ තිබ්බ නොහික්මුණ කතා විලාසය අකීකරු ක්රියාකාරකම් නිසා පරින්දිට දැනුනේ ලොකු කලකිරීමක්.... ඒ වෙනසට හේතුව ඇය දැනන් උන්නේ නෑ.....
...................................
(රිතූ, විනු, අනූ අසලිගේ පන්තියේ යාලුවෝ)
රිතූ:- Hey අසලි good morning..? අපි හිතුවේ උඹ අද එන එකක් නෑ කියලා.... ඇයි පරක්කු උනේ...
අසලි:- Morning morning කට්ටියටම... වැඩිපුර නින්ද ගියා බන්....
අනූ:- ඇයි උඹලයි අක්කා උදෙන් නැගිටලා උයනවා නේද...? උඹට අවදි කරේ නෑද
අසලි:- නෑ බන් ඒකි අවදි කරා, එ්ත් ම.......
විනූ:- හරි හරි ඒකෙන් වැඩක් නෑ.. උඹ අද අරෑව හම්බෙන්න යනවද කිපන්කෝ
අසලි:- හරි යමන්,, හැබැයි උඹලත් එන්න ඕනි....නැත්නම් බෑ....
රිතූ:- හරි හරි වදේ අපි එන්නම්.. ඒ බන් මේ මේකි අපිට හනිමුන් එක දවසේදිත් මෙහෙම අඩගහයිද දන්නෑ නේ
ගැහැනු ළමුන් හයියෙන් හිනාවෙන්න ගත්තේ අසලි⁣ගේ හිනාවත් ඒකට එකතු වෙද්දි, කාලයක් තිස්සේ කැමැත්ත ඉල්ලලා පස්සෙන් ආපු පිරිමි ලමයාව අසලි අද මුනගැහෙන්න යන්නේ යාලුවොන්ගෙ බලකිරිල්ලටමයි.... ඒත් තවමත් අසලිගෙ හිත මැලි උනා අක්කට බොරු කරන්න,මොන දේ කිව්වත් ඇය තමන්ගේ අක්කට අසීමිතව ආදරේ කරේ අක්කා කෙනෙක් විදියට තමන් වෙනුවෙන් කල කැපකිරීම් නිසාමයි...ඒත් යාලුවන් ඉස්සරහ හෑල්ලුවට පත් වෙන්න තිබ්බ බයටම ඇය ඒ සිතුවිලි යටපත් කරලා දැම්මා....එදා දවසම හරියට පාඩම් වැඩ වලට අවදානය දෙන්න අසලිට පුළුවන් උනේ නෑ..... මං මේක කරන්න ඕනද..? අක්කා දැනගත්තොත් මොනවා වෙයිද...? නෑ නෑ මං කරන්නෙ වැරැද්දක් නෙවෙයි, රිතූ අනූ විනූ වගේම clz එකේ ගොඩක් අයට bf ලා ඉන්නවා...ඉතිං මටත් හිටියම මොකද, මං යනවා අද එයාව මුනගැහෙන්න... අනික රීතූලත් ඉන්න නිසා අවුලක් වෙන එකක් නැති වෙයි....අයියෝ... මට පිස්සු වගේ... මංං දැන් මොකද්ද කරන්නෙ.... අසලි තමන් එක්කම තර්ක කරගත්තා... ඒ අතරේ පරින්දි හිතේ තිබ්බ ප්රශ්න මොහොතකට අමතක කරලා වත්තට ගියේ අද එළවළු පලතුරු පොලට දැමිය යුතු වූ නිසා...
හෙට අසලි මලගේ birthday එක නේද...? අයියෝ තව පොඩ්ඩෙන් ඒකත් අමතක වෙනවා... අද පොලෙන් මොනවා හරිගන්න ⁣ඕන.. ඒත් මං මොනවද දෙන්න ඕන... එයා ආසම කරන දෙයක් මතක් කරල බලමුකෝ
ඒ අතර පාසල් කාලය නිමා වී පාසලෙන් එලියට ආපූ අසලි ඒ වන විටත් තීරණය කර තිබුනේ යාලුවන් පවසන පෙම්වතා මුන නොගැසීමටයි....
තමන් වෙනුවෙන් ජීවිතයම කැප කර රැක බලා ගත් තම සහෝදරියට හිතට එකඟව මෙවැනි වංචාවක් කිරීම කෙතරම් ලැඡ්ඡාශීලිද...? පරින්දි තවමත් අවිවාහකව සිටින්නේ තමන් නිසා බවත්... ඇය තමන් වෙනුවෙන් කල දේවල් ගැනත් අසලි හිතන්න පටන් ගත්තා... කරන්න ගිය මෝඩ වැඩෙි බරපතල කම තේරුම් ගත්ත අසලි මේ හැමදේම පරින්දිට කියන්න තීරණය කරා... ඒ වගේම පරින්දිට සලකපු විදියට ඇගෙන් සමාව ගත යුතුයි යන්න අදිටන් කරගත්තා..බඩුත් විකුනා නැවත ⁣පැම්නෙමින් සිටින පරින්දිට නිවස දකිනවාත් සමඟ හදිසියේම ආ සිතුවිල්ලක් හේතුවෙන් ක්ෂණිකවම කෑ ගැසුනා... අය්යෝ birthday gift එක shit ඒක අමතක උන හැටි... eww... eww.. දැන් මොකද කරන්නේ.. කමක් නෑ හවසට යනවා ආයේ...අපරාදේ අප්පා මං වගේ එළදෙනක් ඒක අමතක කරපු හැටි.... මෙලෙස සිදු වූ අතපසු වීම පිලිබඳ තමන්ටම දොස් පවරමින් පරින්දි නිවස වෙත පැමිණියා... වෙනදා මෙන්ම අසලි වෙනුවෙන් ගෙනා රසකැවිලි මල්ල මේසය මත තබා අසලි සොයා ඇගේ කාමරය වෙත ගිය පරින්දිට දුටු දෙයින් ඉහමොල රත්වෙලා ගියා.....
කෙදිරිගාමින් පපුවත් අල්ලගෙන ඇද අසල වැටී සිටියේ අසලියි... මඳ වෙලාවක් හුන් තැනම අසිහියෙන් බලා උන් පරින්දි නැවත පියවි සිහියට ආ පසු අසලි වෙත දිව ගියේ කල යුත්තක් සිතා ගත නොහැකිවයි....
මගේ අසලි... මල මො....මො...මොකද මේ....
අනේ මගේ පපුව හොදටම රිදෙනවා ඉවසන්න බෑ අක්........ අසලි අමාරුවෙන් වචන ගැටගහද්දි එකපාරටම සිහිසුන් උනේ පරින්දි තව තව අසරණ වෙද්දි
අනේ...අන් ඇස් අරින්න මගේ රත්තරං.... මේ අක්කව ඔච්චර බයකරන්න එපා කෙල්ලේ..... මං උඹට මුකුත් වෙන්න දෙන්නෑ... අනේ...අනේ... ඇස් අරින්කෝ මැණික .... වේදනාවෙන් කෑ ගහ ගහ පරින්දි, අසලිවත් දෝතට අරන් පාර දිගේ දුවන්න ගත්තේ අසිහියෙන් ⁣වගේ... නිමාවක් නැතිව පරින්දිගේ ඇස් වලින් කදුලු කඩන් වැටුනේ කඳුලු නවත්තන්නට කිසිම බාධාවක් නොමැති වෙද්දි....
අනේ කවුරුත් නැද්ද මට උදවි කරන්න... අනේ කවුරුහරි එන්නකෝ... මගේ නංගිට ගොඩක් අමාරුයි... පරින්දි මහ හයියෙන් කෑ ගහන්න ගත්තේ තිබ්බ අසරණ කමටයි...
පරින්දිගේ වාසනාවට වගේ එතනින් ගිය cab එකක් ඔවුන් හොස්පිටල් එක වෙතට රැගෙන යන්න කරුණාවන්ත උනා
One week later
..............................
අසලිව නිවසට රැගෙන ආ හෙදිය නමා තිබු කඩදාසියක් අසලි අත තබා යන්න ගියේ... ඇය නිවසෙහි තනි කරමින්,,,
මේ තාක් දවසක් රෝහලේ සිටියත් පරින්දි තමා බැලීමට එකදු දිනයක් වත් නොපැමිණීම සම්බන්ධයෙන් අසලි තුල තිබුනේ තරහකටත් වඩා දුකක්... කිසිම මොහොතක තමාව තනි නොතරපු තම සහෝදරිය මෙලෙස තමාව නොසලකා හැරීම ඇයට මහත් වේදනාවක් උනා..... හිත අමුතුම හිස් ගතියකින් වෙලා ගනිද්දි පරින්දිව සොයා ගිය අසලිට නිවසෙහි කිසිම තැනකදී ඇය දැක ගැනීමට නොහැකි වුනා.... බලාපොරෙත්තු සුන් වූ හැගීමෙන් තම කාමරයට ගිය අසලි අසරණ කමට ස්වකීය හැගීම් වෙලා ගැනීමට ඉඩ දී ඇද මත හිද ගත්තා... ඉදිරියේ ඇති කන්නාඩියෙන් පෙනෙන තම රුව දෙස බලා ඇය තනිවම හඩන්නට ගත්තේ දැනුන වේදනාව සඟවා ගැනීමට නොහැකි තැනමයි.... අනේ අක්කා ඔයා කොහෙද.....මං කොහොමද ඔයාව හොයාගන්නේ... ඔයා... ඔයා... මං කරපු වැරදි වලට තරහාවෙලාද ගියේ.... අනේ මං සමාව ගන්නනේ ආවේ... ඒත් මට බැරි වුනා...නේ.. මට සමාවෙන්න අක්⁣කා.. අනේ මට සමාවෙන්
හිතට දැනෙන වේදනාව කඳුලු වලට හරවමින් තමා දෙසම අසරණ හැඟීමකින් බලමින් අසලි නොනවත්වාම හඬන්නට උනේ කල යුත්තක් සිතා..... ගත නොහැකි තැනයි.. ඒත් නොහිතුව අයුරින් ඇගේ හඳගැස්ම වැඩිවෙන්න ගත්තේ එය ඇයටවත් පාලනය කල නොහැකි වෙද්දි... මේ මොකද මට වෙන්නේ... එන්න එන්නම හඳගැස්ම පමනටත් වඩා වැඩිවෙද්දි අසලි හිතට ආපු ක්ෂණික සිතුවිල්ලකට තමගේ කදුලු පිසදමමින් කන්නාඩිනයන් පෙනෙන තම රුව දෙස බලන් උන්නා...
ඒත් සමඟම කෙමෙන් කෙමෙන් ඇගේ හඳගැස්ම සාමාන්ය වෙමින් ඇය බයෙන් සිටිය දේම සිදුවුනේ අසලිව පුදුමාකාර විදියට අසරණ වෙද්දි...
අතීතය..........වසර 6 කට පෙර
...ම්ම්ම් හ් හ් අක්කා....ම්ම්ම් හ්හ.
අසලි....මගේ princess මොකද මේ අඩන්නේ.... කෝ කෝ අඩන එක නවත්තන්නකෝ.....ආ හරි දැන්.....ඇයි අඩන්නේ කියන්න මට
අක්කි මගේ යාළුවා සකුනි දන්නවද....
ඔව් මං දන්නවා ඔයාගේ හොදම යාළුවා නේද මගේ princess වගේම ලස්සන චූටි කෙල්ල... ඉතිං සකුනි මගේ අසලි මලත් එක්ක තරහ වෙලාද ආ...
නෑ අක්කා සකුනි තරහ උනේ නෑ... ඒත් සකුනිගේ අක්කාලහ ළඟදි පාටියක් තිබ්බනේ....දන්නවද අක්කා එදායින් පස්සේ සකුනිලයි අක්කා ගෙදරින් ගිහිල්ලා... සකුනිනම් කියන්නේ අක්කා කසාද බැඳල ගියා කියලා... කසාද බඳිනවා කියන්නේ මොකද්ද අක්කා..
ම්ම්ම් හරිම බැරෑරුම් ප්රශ්නයක්නේ... මගේ princess ට මං ඒක ලොකු උනාම කින්නම්⁣කෝ, ආ මේ ඒත් ඇයි සකුනිලයි අක්කා කසාද බැන්දම මගේ princess අඩන්නේ...
නෑ ඉතිං ඔයත් කසාද බැඳල ගියාම මං තනි වෙනවනේ ඒකයි මං ඇඩුවේ...
හානේ.... මං එහෙම යනවද මගේ අසලි මලව දාලා.... මං ඔයාව කවදාවත් දාලා යන්නේ නෑ... හාද..
එහෙනම් පොරොන්දු වෙනවද අක්කා.. ඔයා කවදාවත් කසාද බදින්නෙ නෑ කියලා...
මගේ මැනික ඔයාගේ සතුට වෙනුවෙන් ඕනම දෙයක්..හරි පින්කි promise...
හුරේ හුරේ අක්කා දැන් කවදාවත් මාව දාලා යන්නේ නෑ හුරේ හුරේ...
ඒයි කපටි කෙල්ලෙ.. අක්කි දැන් promise උනානේ...එතකොට... මේ චූටි සුරංගනාවිත් දැන් මට පොරොන්දුවක් වෙන්න ඕනි......එකඟද..
ම්ම්ම් හරි මං පොරොන්දු වෙන්නම්.. පින්කි promise..ඒත් මොකද්ද අක්කා පොරොන්දු වෙන්නේ
අනේ අනේ මෝඩ කෙල්ල promise වෙලා ඉවර වෙලාද මොකද්ද කියලා අහන්නේ ආ....
හලි ඉතිම් මොකද්ද කියන්නකෝ ම්හ්හ්...
මේ මගේ අසලි මල ආයේ කවදාවත් මගේ ඉස්සරහ අඩන්නෑ...හිනාවෙලා ඉන්නවා කියලා පොරොන්දු වෙන්න..
ම්ම්ම් මං අැඩුවොත්.....?
දන්නවද අසලි මල ඔයා අඩද්දි අක්කට කොච්චර රිදෙනවද කියලා...එතකොට මටවත් පාලනය කරන්න බැරි තරමට පපුව වේගේන් ගැහෙනවා... මේ අක්කාට ⁣ගොඩක් රිදෙනවනේ ඒකෙන්..මගේ princess කැමතිද අක්කට රිදෙනවට...
නෑ මං කැමති නෑ... අහ්හ් මුහ් අ......
ඔන්න ආයෙත් අඬන්න ගත්තා.. අක්කි තරහ වෙනෝ හැබැයි... ඔයා පොරොන්දු උනානේ..දැන්... ආයේ ඇඩුවොත් ඔයා පොරොන්දු කඩ කරන නරක ළමයෙක් වෙනෝ...
හලි මං ආයේ අඩන්නෑ...මං ආදරෙයි අක්කේ...
මාත් මගේ මලට ගොඩක් ආදරයි... කියමින් පරින්දි පුංචි අසලිව වැළඳ ගත්තේ සෙනෙහස හදවතේ උතුරද්දි....
වර්ථමානය
.....................................
නෑ... නෑ... මං මොනවද මේ හිතන්නේ.. මට පිස්සුද එහෙම දෙයක් වෙන්නෙ කොහොමද..එ්ක වෙන්න බෑ..ඔය හිතන එක නවත්තනවා... අසලි තම හිසට අතින් පහර දෙමින් තම සිතුවිලි නැවැත්වීමට අසාර්ථක උත්සහයක යෙදෙමින් උන්නා... ඇය ප්රාර්ථනා කරේ තමන්ට ඉවෙන් මෙන් දැනුන දේ ඇත්තක්නම් වෙන්න එපා කියලයි... ලියුම..ලියුම..ඒකේ ඇති අක්කා කොහද ගියේ කියලා...හදිසියේම ආ සිතුවිල්ලකට ඇය පිස්සුවෙන් මෙන් දිව ගියේ තම සොයුරිය සොයා ගැනීමට අපේක්ෂාවන් මල් පල ගනිද්දි.... කෙසේ වෙතත් ලියුම කියවීමෙන් පසු ඇගේ හිස මත අකුණු පිට අකුණු වදිනවාක් මෙන් දැනුනේ ඇයට හිටගෙන සිටීමටවත් නොහැකිව බිම ඇද වැටෙද්දියි ....
අසලි මල,
මගේ නංගි.... ඉස්සෙල්ම මට සමාවෙන්න. මං දන්නවා ඔයා බලන්න ආපු නැති එකට තරහෙන් නේද ඉන්නේ... මට එන්න බැරි උන හේතුව දැනගත්තම සමහර විට ඔයා මට සමාව දෙයි... දන්නවද ගොඩක් දේවල් තිබ්බා ඔයාට කියන්න... ඒත් මට ඒ හැමදේම නොකියම යන්න ⁣උනා... දන්නවද මගේ O/L risults ආපු දවසේ මං ගොඩක් සතුටු උනා මුලු school එකෙන්ම 1st මම... මගේ හීනේ උනේ doctor කෙනෙක් වෙන්නයි.. ඒත් හදිසියේම අම්මයි තාත්තයි අපිව දාලා ගියාම මම මානසිකව වැ⁣ටුනා... දන්නවද නංගි අම්මා අන්තිම හුස්ම හෙලද්දි මට කිව්ව දේ.. පුතේ උබේ නංගි පන වගේ රැක ගනින් කිව්වා...ඉතිං එදා ඉදන් මං උඹව රැක්කා මගේ උපරිමෙන්, ඉල්ලන ඉල්ලන හැමදේම අරන් දුන්නා... ඉතිං හෙට උබේ birthday එක ඒත් අද උඹ icu එකේ හුස්ම පොදක් වෙනුවෙන් සටන් කරනවා... මං කොහොමද මේක බලන් ඉන්නේ මැණික... උඹ කොච්චර විදවනවද... doctor කියනවා මගේ අසලි මලගේ හදවතේ ⁣සිදුරක් හැදිලලු... ඉක්මනට හදවතත් බද්ධ කරන්න ඕනලු.. නැත්නම් මගේ මැණික මැරෙයිලු.... මට කියපන් උඹ වෙනුවෙන් මං මොනව කරන්නද...අද අම්මා හිටියනම් උඹ වෙනුවෙන් මොනව නොකරයිද... ඒත් විශ්වාස කරපන් මැනික මං කවදාවත් උඹට මැරෙන්න දෙන්නෙ නෑ... මට තවදුරටත් මැණිකත් එක්ක ඉන්න බැරිවෙයි... අක්කට සමාව දෙන්න නංගි, මේ නරක අක්කා අද පොරොන්දු කඩන්න යන්නේ... ඉස්සරහට ජීවිතේ තනියම යන්න මගේ නංගිට පුළුවන් මං දන්නවා මගේ නංගි strong girl කෙනෙක්.. මං මේ වෙනකම් හම්බ කරපු හැම සතයක්ම ඔයා වෙනුවෙන් එකතු කරල ඇති... ඒවා ඔයාගේ හීන වලට යන්න උදව් කරයි... Happy birthday මගේ කෙල්ල.. ජීවිතේ ඔයාට දෙන්න පුලුවන් හොදම birthday gift එක මං ඔයාට දෙනවා... දන්නවා ඔයා ඒකට අකමැති වෙයි...ඒත් මේ වෙලාවේ මට වෙන දෙයක් මතක් වෙන්නෑ නංගි...
අන්තිම වතාවටත් අක්කා සමාව ඉල්ලනවා... මගේ නංගි හීන හැබෑ කර ගනිද්දි අත්පුඩි ගහලා සුභ පතන්න ළඟ ඉන්න බැරි වෙන එකට..ඒත් එක දෙයක් මගේ හඳ ගැස්ම හැමදාමත් මගේ නංගිත් එක්ක ඉඳීවි...ඉතිං මං නවතින්නම් ... මම ඔයාට ගොඩක් ආදරෙයි..පරිස්සමින් ඉන්න රත්තරං...
ආදරණීය අක්කා,
පරින්දි.
නිමක් නැති කඳුලු ඔහේ ගලද්දි, බොඳ වෙච්ච අකුරුත් එක්ක අසලිගේ ඉකිය අදෝනාවක් වෙන්න ගත වුනේ පොඩි කාලයක් විතරයි...ඉතිං අම්මා, තාත්තා දාලා ගියපු වේදනාව දරා ගත්තත්... මේ වෙනකම් පන වගේ තමන්ම රැකපු අක්කා...ඇය වෙනුවෙන් ජීවිතේ පූජ කරලා... ඒ වේදනාව අසලිට මොන තරම් බරක්ද.... ඇය කොහොම සැනසෙන්නද
ඇයි......ඇයි.... එහෙම කරේ..... ඔයාට මං කොච්චර නපුරුකම් කළාද... එහෙව් මං වෙනුවෙන් හදවත ⁣දුන්නද.... ඇයි මං මැරෙන්න දුන්නෙ නැත්තේ... අනේ.. අක්කා..ඇයි මාව දාලා ගියේ... කියන්න...කියන්න මට ඔයා නැතුව ඉන්නේ කෝමද මම...අනේ ආයේ එන්නකෝ.... ඔයා මං කරපු නපුරුකම් වලට මෙච්චර දඩුවමක් දෙනවද....ආ....අනේ... අනේ මට සමාව දීල එන්නකෝ...අක්කා... අක්කා..........
බැදීම් ඉස්සරහ මිනිස්සු අසරණයි... හිතින් අල්ලගත්තු දේවල් අත්හරින්න බැරිව මේ ලොකේ කී දෙනෙක් විදවනවා ඇත්ද... හිමිවීම් විතරක්ම නෙවෙයි අහිමි වීමටත් හුරු වෙන්න ඕන ඒ නිසයි... දෛවය පුදුම විදියට සමහර මිනිස්සුන්ව අසරණ කරනවා ඒ ඔවුන්ගේ ලැබීම... ඉතිං ඒකෙන් පැනල යන්නේ කොහොමද දරාගන්නවා ඇරෙන්න...
.................................
ඔව් දෛවයට පුළුවන් මිනිස්සුන්ට රිද්දන්න...ඒත් දෛවයට බෑ ඔවුන්ව වට්ටන්න... අසලි ඔප්පු කලා ඒක.. අද අසලි වෛද්යවරියක්, අක්කාගේ හීනේ, ඔව් ඇය ඒක හැබෑ කරලා... ඒ වගේම පරින්දිගේ නමින් ලමා නිවාසයක්, ඇය ඉදි කරා.. ඇගේ වැඩිමල් දියණියට දැන් අවුරුදු 3යි... පරින්දි මෙතුල්යා... ඉතිං අසලි දැන් සර්ව සම්පූර්ණයි..ඇය ඇගේ දරුවාට සිය සහෝරියගේ පින්තූරය පෙන්වා අදටත් පවසන්නේ් ඒ තම මව කියායි... තමා වෙනුවෙන් දිවි පිදූ ඒ උතුම් ගැහැනියට ඇය නිති පතා පහනක් තියා ස්තුති කරන්නෙ ඒ නිසයි..
නිමි.
-Madu Madu