මෙහි කතා නායිකාව වන ඇය නමින් සම්මි සමන්මලී විය. නම මෙන්ම ඇයත් ඉතාමත් ලස්සන තරුණියක් විය.ඇගේ පවුලේ මව පියා සහ සහෝදරයෙක් විය.ඇයගේ කතාව ඉදිරියට....
ඈ... දෙව්ලි කෝ බන් සම්මි...
දැන් එයි බන් පොඩ්ඩක් බලමු..
සම්මි පන්ති එනතුරු මග බැලුවේ ඇගේ මිතුරියන් දෙදෙනා වන දෙව්ලි සහ නෙතුමිය.
ආ...ඔය එන්නෙ ... අනේ අම්මපා බන් ඉබ්බත් එනවා ඔයිට වේගෙන්... හනික වරකො..බැරිම තැන නෙතුමි හඩ තැලුවාය...
කෑ නොගහ හිටු එනකං... මිනිස්සු ඉන්නවා පාරෙ...
ඔව් ඔව් පේනවා... මෙච්චර වෙලා පොල් ගෑවද බන්... අම්මපා දෙව්ලි ආයී නං මේ ඉබ්බි එනකං මං ඉන්නෑ යනවා පන්තියට.
හරි හරි සුදූ.... කේන්ති ගන්න එපා ඉතින්.. අම්මෝ මූනෙ හැටි... ලස්සනේ බෑ නේද දෙව්ලි..
ඒකනේ...මෙච්චර වෙලා උබට බැන බැන හිටියෙ මේකි..මගෙ කන් දෙකත් දැන් ගොඩවෙලා වගේ... අනිත් දවසෙ මගේ කන් දෙක ගැන හිතල වත් කලින් එනවකෝ...
හරි හරි ඉතින් එන්නං...
ඔව් ඔව් එයි එයි... බලන් හිටාන්කො..
සම්මි එක්ක රණ්ඩු වෙවීම නෙතුමි සහ දෙව්ලි පන්තියට ගියා..
පරක්කු වෙලා ආව නිසා තුන්දෙනාට පිටුපස පේළියක සිටින්නට වුනා.
ඒ බන් නවියො මොකද බන් උබෙ මෝංගල් ඩයල් එක හැමදාම පරක්කු වෙලා එන්නෙ.. පාර දිහා බලන් ලොකු කල්පනාවක සිටි නවීන්ට දෙනුවන් පවසන විට බොරු තරහක් මවා පෑවේය..
ඒක ඉතින් උබ ඒකිගෙන් අහපන් මගෙන් අහන්නෙ.. අනික උබ ඒකිගෙ නම මට ගාවන්න හදන්න එපා හොදෙයි...ඒකි මගේ ඇගේ හැප්පුනා සොරි කිව්වා එච්චරයි ... එසේ තම යාලුවා වන දෙනුවන්ට බැන වදින්නෙ නවීන් සේනාදීරය.
දෙනුවන්ගේ කතාවෙන් පසු නවීන්ට එදා සිදුවීම මතකයට නැගුනේ නිතැතින්මය.
අතීතය....
අනේ සම්මි පොඩ්ඩක් හිමින් පලකො..
සම්මි මේ දුව යන්නෙ ඉස්සරහ ඩෙස් එකක් ලබා ගැනීමේ අදහසිනි..
ඔව් බන් උබ වැටෙයි... දෙව්ලිද සම්මිට අනතුරු ඇගවීය..
අයියෝ හනික එනවලකෝ... අද වත් ඉස්සරහ පේළියෙ ඉන්න ඕනි මට...
උබ පොඩ්ඩක් කලින් ආවනම් ඔච්චර දුවන්න ඕන නෑනේ ...
අනේ කට වහන් එන්නකෝ අප්පා...
ඩෝංං... සම්මි ගිහින් නවීන්ගෙ ඇගේ හැප්පුණි...
ආව්..... අප්පා මොකාද මේ තාප්පෙ වගේ පාරෙ මැද හිටපු ගොනා...ආව්....
කොහෙද ඕයි තමුසෙ යන්නෙ... අනික කවුද ගොනා... ආ.. තමුසෙ මටද ගොනා කීවෙ...
නෑ නෑ මං මටමයි කියාගත්තෙ.. හරිනෙ..
මෝඩ උගුඩුවා...
නවීන් යන්න හැරෙද්දි සම්මි කියපු දේ නවීන්ට ඇහුණා...
ඒයී.. ඔහොම ඉන්නවා...
නවීන් අල්ලගත්තෙ සම්මිගෙ අතින්.... කොච්චර උත්සාහ කරත් අත මුදවගන්න බැරිව සම්මිගේ ඇස් වලින් කදුලු පැන්නෙ අතට දැනුණු වේදනාවත් සමගිනි...
ආව් .....අතාරින්නකෝ...මාව..
ඉස්සෙල්ලා මට කියනවා උගුඩුවා කවුද කියලා.. තමුසෙ මගෙන් කන්නෙ නැතුව ඉක්මනින් කියනවා ඉතින්...
මං... සම්මි බියෙන් පැවසීය...
නවීන් හිනාව යටපත් කරගත්තෙ ඉතාමත් අපහසුවෙනි..
ආ එහෙනම් කමක් නෑ....
සම්මිගේ අත අතැහැර නවීන් යන්න ගියේ... සම්මි ගැන පොඩි දුකක් හිත ඇතුලෙ හටගද්දීය...
වර්තමානයට..
මොකෝ ඕයි මේ...මනෝ පාරක් වගේ...කල්පනා ලෝකෙක කිමිදෙමින් සිටී නවීන්ගෙන් දෙනුවන් අසන විට නවීන් ගැස්සී ගියාය.
අහ්.. නෑ බන්... මුකුත් නෑ...
හාකෝ... එහෙනම් අපි එහෙම හිතමු නේ බන්...
තමාගේ මිතුරාට නොදැනි කිසි දෙයක් කිරීමට බැරි බව හොදින් දන්නා නවීන් නිහඩ විය...
අඩේ දෙව්ලි... පේපර් එකක් දෙනවා....
අපරාදෙ ආවෙ...
ඇයි..
ආ... උබ පාඩම් කරලද ආවේ...
නෑ ඉතින්...
එහෙනම් ඒක තමයි අපරාදෙ... තේරුනාද ටියුබ් ලයිට්...
පාඩම් කරේ නෑ කියලා පන්ති නෑවිත් ඉන්න ඕනි නෑනේ...
හරි හරි ලොකු මැඩම් සොරි...
ආන්න ඒ බය තියාගනින් නෙතුමි.. හරිද...
එහෙමයි උත්තමාවියනි...
අයියෝ දෙන්නම නවත්තගන්නකො ඕක.. දෙව්ලි පැවසූ පසු දෙන්නම නිහඩ විය.
නවීන් සහ දෙනුවනද පේපරේ සදහා සූදානම් නොවීය...
පේපරයක් දෙනව කිව්වද නවියො මට මතක නෑනේ..
නෑ නෑ බන් කිව්වෙ නෑ...
අයියෝ...මොන මගුලක් ද මන්දා...
ඒකනෙ බන්...
අද නිදාගන්න වෙන්නෙ...
කලන්තෙ දාපන්කො...
මම...
ඔව්... මං උබව ගෙදර එක්ක යන්නම්..
අනේ පලයන් නවීන් ආතල් දෙන්නැතුව...
ආතල් නෙවෙයි බන්... කොහොම හරි මෙතනින් මාරු වෙන එක ඇගට ගුණයි...
අපි අසරණ වෙලාවගේ හිතට දැනෙනවා...
කොහොම හරි පන්තියේ ළමයි පේපර් එකත් ලිව්වා... පන්තිය ඉවර වුණාම නවීන් සහ දෙනුවන් පැමිණියේ බස් හෝල්ට් එකටය... සම්මි සහ ඇගේ මිතුරියන්ද එම බස් හෝල්ට් එකට ආවෙ බස් රථයක් අපේක්ෂාවෙන්ය...
ආ... නංගි...
සම්මිගෙ අසලට විත් කෑ ගසනුයේ බීමත් පුද්ගලයන් කිහිප දෙනෙකි... හවස් වී ඇති හෙයින් ටවුන් එකේ බීමත් පුද්ගලයන් සිටීම පුදුමයක් නොවේ...
දෙව්ලි අනේ මට බයයි...
අනේ නිකන් හිටපන්... අතක් හරි තිබ්බොත් ඕකගෙ කන පලනවා මම..... නෙතුමි සැමට ඇසෙන සේ පැවසූ පසු බය වී ඒ මිනිස්සු ගියාය..
සම්මි මුකුත් අවුලක්ද බන්... දෙනුවන් ඇහුවේ නවීන්ගේ ඇස් තරහින් බැබලෙණු දුටු හෙයිනි..
නෑ නෑ දැන් මුකුත් ප්‍රශ්නයක් නෑ දෙනුවන්...Thanks ඇහුවට...
ඔව් ඉතින් සමහරුන්ගෙ කටවල් ඇරියම යක්කුත් බයේ දුවනවනෙ... නැද්ද සම්මි...
ආ... මේ... සම්මිට කට උත්තරත් නැති විය..
මේ දෙනුවන් මගේ කට අවුස්සගන්නෙ නැතුව යනවද...මෙතන ලොකුම ප්‍රශ්නෙ තමුනුයි තමුන්ගෙ යාලුවයි...
මොකද්ද නෙතුමී... මට හරියට ඇහුනෙ නෑ ආයි කියන්න බලන්න... දෙනුවන් නෙතුමි එක්ක රණ්ඩු වෙන්නට විය...
හා... හා ඇති ඇති ඔය බස් එක එනවා...
අපි යනවා දෙනුවන්...
හරි සම්මි පරිස්සමෙන් යන්න....
ඔයත් පරිස්සමෙන් යන්න...
සම්මි එහෙම කියලා එක පාරක් නවීන්ගෙ දෙසද බලා බස් රථයට නැග මිතුරියන් සමග තම නිවෙස් බලා ගියාය..
නවීන් සහ දෙනුවන්ද තම නිවෙස් කරා ගිය අතර නවීන් තවමත් සිතනුයෙ දෙනුවන්ට පමණක් "පරිස්සමෙන් යන්න" යැයි කීම ගැනය... තරහක් මෙන්ම පොඩි දුකක්ද නවීන් කෙරෙහි ඇති විය..
ඔහු තනියම සිතමින් සිටිනුයෙ අද සිදු වූ සිදුවීම පිළිබඳවය... සල්ලිවලින් අඩුවක් නොවූ ගිහාන් සේනාදීර නම් ඇමතිවරයාගේ එකම පුතු වූ නවීන් තම මව මෙන් කරුණාවන්ත වූ අතර ඉක්මනින් තරහ යෑම නවීන්ගෙ ලක්ෂණයකි.. දෙනුවන් දුකට සැපට දෙකටම සිටි නවීන්ගෙ මිතුරාය.
නවීන්... පුතා.. අනේ පුතා ඉක්මනින් එන්න...
ඇයි අම්මෙ...
පුතේ.. තාත්තා..
ඇයි අම්මෙ තාත්තා.. මොකද්ද වුණේ...
තාත්තා පොලිස්සියෙන් අරන් ගිහින් පුතා...
මොකක්.. ඇයි අම්මෙ ඒ...
අනේ මන්ද පුතේ..
අම්මා බය නොවී ඉන්නකො.. මං මාමා එක්ක ගිහින් බලන්න...
කලක සිට ගිහාන් කරගෙන පැමිණි මත්ද්‍රව්‍ය ජාවාරම පොලිසියට කොටු වී ඇත... තම පුතුටත් බිරිදටත් හොර රහසේ පවත්වා ගෙන ගිය මෙම ජාවාරම ගැන ඇසීමෙන් තම පියා පිළිබඳව නවීන් පුදුම විය...
පුතා...
මාමේ...මං හිතුවෙ නෑ මාමේ අපේ තාත්තා මේ වගේ මනුස්සයෙක් කියලා...
පුතා ඒ ගැන හිතන්න ඕනි නෑ... ඔයාල යමු අපේ ගෙදර...
හරි මාමෙ කොහොමත් අම්මා එහේ එක්ක යන එක හොදයි... එයත් මේවා ගැන හිතල අසනීප වෙයිද දන්නෙ නෑනේ...
නවීන් මාම එක්ක ගෙදර ගියේ අම්මවත් අරන් මාමලගෙ ගෙදර යාමට සිතාය... නගරෙන් ඈත් වී ඉතාමත් පිටිසර වූ ගම්මානයක ජීවත් වන මාමා සහ නැන්දා නවීන්ගෙ මවගේ මහ ගෙදර ජීවත් විය... ඔවුන්ට ඉතාමත් හුරුබුහුටි චූටි දුවෙක් සිටින අතර ඇය තම සහෝදරයා වන නවීන්ට ඉතාමත් ලැදි විය.... දගකාර හුරුතල් චරිතයක් වුණු ඇය දැකීමෙන් සැමදා නවීන්ගේ මතකයට එනුයේ සම්මිය...
නවීන් සහ නවීන්ගෙ මව විවේකීව කාලය ගත කළ අතර නවීන්ට නම් බොහෝ විට කොළඹ යාමට හිතුණි...
නවීන්ට දුරකතන ඇමතුමක් පැමිණියද එවිට නවීන් කෑම කමින් සිටි අතර නවීන්ගේ පැහිච්ච නංගි බබා කෝල් එක ආන්සර් කළා...
නවීනයා...
හ...ලූ..
ඈ... මෙ කවුද..
මම..
ආ මම ට නමක් නැද්ද..
චූටි දෝණි මොකද්ද කරන්නෙ.. කෝ දෙන්න මගෙ ෆෝන් එක...
චූටි දෝණිගෙ සද්දෙ ඇහිලා නවීන් පැමිණි අතර වහාම ඇගෙන් දුරකතනය ගත්තාය...
හෙලෝ...
ආ නවීනයා... උබට ළමයිතුත් ඉන්නවද දැන්...
පිස්සු උබට.. මේ අපේ මාමගේ පිස්සු කෝලම බන්...
ආ... මතකයි මතකයි. උබේ birthday පාටි එකේ ඉටි පන්දම නිවන්න දුන්නෙ නෑ කියල ඇඩුවෙ.
ආ ඔව් ඔව්.. එයා තමයි...
දැන් ඇයි උබට මාව මතක් වුණේ..
ආ... නිකන් බන්... උබ නොකියම ගිහින්නෙ...
ඇයි උබ නිවුස් දැක්කෙ නැද්ද...
මොන නිවුස්ද බන්... උබ ඕවා හිතන්න එපා...
හරි බන්...
මේ උබට දැන් පාලු නෑනේ...
ඔව් බන් මේ කච කචේ ඉන්න කොට මොන පාලුවක්ද...
ඉතින් හොදයිනෙ බන්...
ඔව් ඔව් හරි හොදයි...
එහෙනම් නවීනයා මං උබට පස්සෙ කෝල් එකක් ගන්නම්... පරිස්සමෙන් ඉදපන්...
හරි බන් උබත් පරිස්සමෙන්...
අම්මා.. සම්මී තම මවට කතාකරේ නවීන්ගේ පියාට සිදුවී ඇති දේ අම්මාට පැවසීමටය....
ඇයි දරුවො...
අර ගිහාන් කියල ඇමතිතුමෙක් ඉන්නෙ අපේ පන්තියේ ඉන්න නවීන්ගෙ තාත්තා බන්ධනාගාරෙලු...
ඔය මිනිස්සු බලය පාවිච්චි කරලා නරක වැඩ කරන මිනිස්සු...
ඒත් නවීන් එහෙම නෑ අම්මා... හරිම හොදයි...
ඔය මිනිස්සු එක්ක කතා ඕනි නෑ...තේරුනාද..
හ්ම්ම්..
අම්මා නවීන්ගෙ හැටි නොදන්නා නිසා නවීන් සමග වැඩි කතාවට නොයන ලෙස සම්මිට පැවසීය..
නවීන්ගෙ මාමා නවීන්ට මාමගෙ company එකේ වැඩ කරන්න එන්න කියා කිව්වත් නවීන් නම් එයට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. මාමගෙ බල කිරීමට office යන්න නවීන් කැමති විය.
එදයින් පසු නවීන් මාමගෙ company එකේ වැඩ කරමින් කාලය ගත කළාය. නවීන් නැති නිසා දෙනුවන් ද පන්ති යෑම නවතා දමා තම පියාගෙ ව්‍යාපාරයේ වැඩ කටයුතු වලට උදව් කළාය..
සම්මිගෙත් සිතෙහි නවීන්ගේ නොපැමිණීම පිළිබඳව කුමක් හෝ දුකක් පැවතුණි... ඇයටත් නොදැනිම ඇය නවීන්ට ආදරය කීරීමට පටන්ගෙන ඇත...
කාලයත් සමග මොවුන් තම තමන්ගෙ වැඩ සමග කාර්ය බහුල විය.. මිතුරන් වෙන් වෙන්ව තම වැඩ කටයුතු කරමින් කාලය ගත කළාය.සම්මි සහ නෙතුමිත් පාසල් ගුරුවරියන් ලෙස සේවය කළාය. නවීන්ගේ පියාද කළ වැරදි වලට බන්ධනාගාරය තුළ දඩුවම් ලැබීය.
අවුරුදු දෙකකට පසු....
පුතා...
ඇයි මාමේ...
නවීන්ට මාම අඩගැසුවේ ඇයිද දැන ගැනීමට නවීන් සාලයට පැමිණියාය..
පුතා ලෑස්ති වෙන්න හෙට අපි මනමාලියක් බලන්න යනවා....
කාටද මාමෙ...
ඈ බන් පුතෝ... දැන් මේ ගෙදර මනමාලියො මට හොයනවද... උබට මනමාලියෙක් බලන්න යන්නෙ...
ආ ඔව්නෙ... මාමා ආයි බදින්නෙ නෑනේ...
ඔව් උබලගෙ නැන්දා මාව දඩුකදේ ගහයි...
ඔව් ඒක නම් ස්ථීරයි මාමේ..
ඔව් ඔව්.. එහෙනම් ලෑස්ති වෙලා ඉන්න පුතා...
හරි මාමේ...
අඩෝ නවීනයා...
කොහොමද බන් දෙනුවන්...
අවුලක් නෑ බන්.. උබ නම් බදින්නනෙ හදන්නෙ..
ඔව් බන් අපෙ අම්මගෙයි මාමගෙයි කීම අහක දාන්න බෑනේ...
මට සම්මි මතක් වෙනවා බන් දෙනුවන්...
දැන් ඕවා අමතක කරපන් බන්... ඒකි දැන් බැදල ඇති ..
හ්ම්ම්...ඔව්..
අමතක කරන්නට බැරි වුවත් නිහඩ වී නවීන් ගමනට සූදානම් විය..
අයියෝ නැගිටින්න සම්මි.... අර මිනිස්සු එනව ඇති...
අනේ ආපුදෙන්...මට මොකෝ...
කෝ දුව නැගිටින්න දෙව්ලි කියන දේ අහන්නෙ නැතිම තැන සම්මිගෙ අම්මා කෑ ගැසුවාය...
හරි හරි නවත්තන්න අනේ ඔය කෑ ගැහිල්ල...
මං මූණ සෝදන් එන්නම්.. සම්මි අකමැත්තෙන් වුවත් අම්මාගෙන් බේරිමක් නැත.
තද නිල් පාට සාරියකින් හැඩ වුණු සම්මි ඉතාමත් ලස්සන විය...
ආන්න එනවා...
ඔව් දූ අපි කිව්වම එළියට එක්කන් එන්නකො...
හරි නැන්දේ...
මනමාලයගෙ පැත්තෙ අය සහ සම්මිගේ මව කතාකරමින් කාලය ගත කළ අතර සම්මි ඒ අතර තුර බුලත් හෙප්පුව අල්ලන අකාරය පිළිබඳව පෙර පුහුණුවක් ලබාගන්නට වූයේ.. දෙව්ලිට හිනාව නවත්වා ගැනීමට පවා අසීරු වන ලෙසය...
ඒ බන් අද ඉදන් උබත් හිරකාරයෙක්.. දෙනුවන් නවීන්ට රහසින් පවසන්නට විය..
අනේ පලයන්..
උබට නෑනෙක් හිටියොත් මට දීපන් හොදෙයි.
අයියෝ ඔය කට වහපන් ඇහුනොත් ගුටිත් කාල යන්න වෙන්නෙ..
කොහොමද ඇමති පුතු මනමාලිගෙ පාර්ශවයෙන් ගුටි කයි.. කියල නිවුස් ගියාම..
අනේ මේ... ඇමති කතා කියන්න එපා බන්..
අඩෝ සොරි බන්.. විහිළුවක් කරේ..
හරි හරි බන්.
සම්මිගේ මව සම්මිව එක්ක එන්නට ගියේ. නවීන්ගෙ මාමගෙ ඉල්ලීමටය. නවීන් දෙනුවන් සමග කතාකරමින් සිටි අතර දොර රෙද්ද මෑත් කරමින් පැමිණි රුව දුටු නවීන්ගෙ දෑස් දිළිසුණි.
දෙනුවන්ටද පුදුමය.සම්මි ලැජ්ජාවෙන් හිස ඔසවා බලන විට ඇය සැමට වඩා පුදුම විය. ඇය බලාපොරොත්තු තබා සිටි ඔහු මානමාලයා සේ පැමිණ සිටීම ඇයට මුළු ලෝකයක් ලැබුණා සේ සතුටකි. නවීන්ටද එසේය.
එහෙනම් කතා දෙකක් නෑ මාමේ මේ මගුල තීන්දුයි.. දෙනුවන් පවසද්දි සැමදෙනාම සිනාසුනත් ඔවුනොවුන්ගෙ ආදරය පිළිබඳව නම් දෙමව්පියන් දැන සිටියේ නැත.. ඔවුන්ගෙ කතාව මෙතනින් අවසන් නොවූවත් නව දිවියක ආරම්භයකින් මෙම කතාව අවසන් වනු ඇත..
නිමි...
-Chathurika Priyadharshini