Friday, May 03, 2024
Follow Us
දන්සැල් කෙල්ල

"අඩෝ...මේ...අරකි මට ලයින් වගේ බන්...මේ පැත්ත බැලුවා දැන් දෙතුන් පාරක්ම..."මම එහෙම කියද්දි සදුනා ඒ මේ අත හැරි හැරී බලන්න ගත්තා...
"කෝ...කෝ...කොහෙද කොහෙද..."


"යකෝ...ඔහොම බලන්න එපා...එකී දකි... පොඩ්ඩක් ශෙප් එකේ බලපන් හාන් නැතුව..."
හරි ඉතින් කෝ පෙන්නහන්කෝ..."
"ශේප් එකේ ඔහොම ඉස්සරහා බලපන්කො..අපිට ටිකක් ඉස්සරහයින් ඉන්නේ කෙල්ලො සෙට් එකක්...අර එතන සුදු ටිකක් මිටි එකක් ඉන්නේ බන්...එකි..."මම ඌට එහෙම කියද්දී මූ එකපරටම ඒ පැත්ත බැලුවා...මූ සුවර් මේක හානවා...
"යකෝ...ඔහොම බලනවද එක පාරටම...එකී දකී බන්...ඔකනේ ඉතින් තොට මොකුත් කියන්න බැරි..."
"හරි බන්...කැ නොගහා හිටහන්.."
"මොකෝ...මොකෝ...මේ මොකද්ද සීන් එක..."ඔන්න ඉතින් මලිතයත් පැන්නා...
"මුට කෙල්ලෙක් ලයින් වෙලා බන්..."අරූ කෑ ගහලා කිව්වා...
"යකෝ...කට වහන්..."මම එහෙම කිව්වේ පොලිමේ අපිට පිටි පස්සෙ හිටපු උනුත් අපි දිහා අමුතු විදිහට බලපු හින්දා...
"තොපි දන්සල් වදින්නද ආවේ කෙල්ලො ටෝක් කරන්නද...?"ඔන්න අනිකා...ඌ කවින්දයා...ඌ තමයි අපේ සෙට් එකේ එපා කරපුම පොර...අද අපේ සෙට් එකේ මාත් එක්ක පස් දෙනෙක් ආවා දන්සල් වදින්න...
මට තිබුනේ කට වහගෙන ඉන්න...හැම දේම මුන්ට කියන්න යනවනේ මාත්...
පොලිම ඉස්සරහට යන්නෙ හෙමිහිට...බත් දන්සලක් හින්දා ඇතුලට යන අය එලියට එන්න ටික වෙලාවක් යනවා...අනික ටික දෙනයි එක පාරට ඇතුලට ගන්නෙත්...බත් පාර්සල් කරලා දුන්නනම් හරි හැබැයි...
"කෝ...ඉතින් උබ බලපන්..."සදුනා මගේ ලගමයි හිටියේ...අනිත් උන් අපි දෙන්නට පස්සෙ හිටියේ...උන් වෙන කයියක...
"හරි බන් හරි...ඉදපන් එක පාරටම බලන්න බැනේ..."මම අයේ ඒ පැත්ත බැලුවා...එතන තව කෙල්ලෝ හතරක් පහක් වගේ හිටියා...පොලිමක් උනාට කට්ටියා ගැන්සි හැන්සි වගේ කට්ටි ගැහිලා හිටියේ එක හින්ද එයා නිතරම මේ පැත්තට හැරිලා හිටියේ...
මම බලද්දි අයේ එයා ඉස්සරහා බලා ගත්තා...පස්සෙ ෆෝන් එක අරගෙන එක දිහා බලලා කනේ තියා ගත්තා...
"කොල්ලද කොහෙද ෆෝන් කරන්නේ..."මට කියවුනා...
"පිස්සුද තොට...වෙන කවුරු හරි වෙන්න ඇති...කොල්ලෙක් නැතුව ඇති බන්..."ඌ එහෙමයි...
"හිටියත් මොකෝ බන්...නිකන් අතල් එකට බැලුවා විතරයි..."මම එහෙම නිකන් කියලා දැම්මා...ඔය වගේ කොච්චර නම් ලයින් වෙනවද...
"අනේ නිකන් පලයන් යන්න...මම දන්නැද්ද තෝ ගැන...අන්න...අන්න...අයේ බැලුවා...මේ එකි මරු බන්...ටෝක් කරපන්...උබට සෙට් වෙනවා පට්ටට..."
"අප්පෝ...හරි...හරි බන්.උබ හදන්නේ මෙතනම එකිව මට බන්දලා දෙන්නද...පොඩ්ඩක් කෑ නොගහා හිටු..."
කොහොමින් කොහොම හරි අපි දන්සල ඇතුලට ගියා...ඇතුලේ ටිකක් සෙනඟ...අපි ඇතුලට යනකොට අපිට පිනාගකට ලන්ශිට් එකක් දාලා බත් එකක් බෙදලා දෙනවා...සමහර එවාගේ අපිට බෙදා ගන්න තිබුනට මෙකේ එයාලාම බෙදලා දෙනවා...
ඉතින් මම බත් පිනාගත් අරගෙන ඉදගන්න පුටුවක් හෙවුවා...අම්මට සිරී...අර කෙල්ල ගවාම පුටු දෙකක් තුනක් හිස්...කොල්ලා ගැම්මට ගිහින් එතනින් වාඩි වුනා...සදුනත් මොකාද එකා වගේ මගේ පස්සෙන්මයි...මට එහා පැත්තේ තිබුන පුටුවේ ඌත් වාඩි වුනා...
"අඩෝ...අරක නෙද..." ඌ මගේ කනට කරලා කිව්වා...
"ඔව්...ඔව්...කෑ නොගහා හිටහන්..."මම දත් මිටි කාලා ඌට කිව්වා...
මම බත් කටවල් දෙකක් විතර කාලා ශේප් එකේ එයා දිහා බැලුවා...පට්ට...මාරම ලස්සන ඇස් දෙකක් එයාට තිබුනේ...ලගට දකිද්දි එයා තවත් ලස්සනයි...
"ඔයා කැම්පස් එකේද..." දන්නවනේ ඉතින් කෙල්ලෙක් දිහා බලන් ඉදලාම හරියන්නැනේ...පොඩ්ඩක් කතා කරන්නත් ඔනිනේ...
"හ්ම්..."කෙල්ල ගැස්සිලා මගේ දිහා බලුවා...
"ඔයා කැලණි කැම්පස් එකේද..."මම ආයෙත් එහෙම ඇහුවා...ඇත්තටම අපි කැලණි කැම්පස් එකේ අන්තිම year එකේ ඉන්නේ...පෝය දවස හින්දා සෙට් එකත් එක්ක දන්සල් වදින්න ආවේ...මේ දන්සල තිබුනේ කැම්පස් එක පල්ලෙහා main road එකේ...එක හින්දා කොහොමත් මෙතන ඉන්න ගොඩක් උන් කැම්පස් එකේ උන තමයි...එකයි මම එයාගෙන් එහෙම ඇහුවේ...
"ඕව්..."අම්මො...එයා එහෙම කියද්දි නම් පට්ට හැපි එකක් කොල්ලට ආවේ...බුටක් කාලා කෙල වෙලානේ හිටියේ...
"1st year ද..."
"ඕව් අයියේ..."මම කොන්ඩේ බැදලා රැවුලත් ටිකක් වවලා තිබුන හින්ද කෙල්ල කොමත් දන්නවා මම සින්නෙක් කියලා... එකයි කෙල්ල ටිකක් බයෙන් වගේ කතා කලේ...
"මොන faculty යේද...art එකේද..."මම එහෙම ඇහුවේ art එකේ කෙල්ලො කොමත් ලස්සනයිනේ...අපේ උන්ට වඩා...
"ඔව් අයියේ..."කෙල්ල නිකන් ඉස්කොලේ principle ලගට ගියා වගේ...
තව මොකුත් අහන්න හම්බ වුනේ නෑ...මොක්ද ගොඩක් වෙලා ඇතුලේ ඉන්න බෑ...කාපු ගමන් එලියට යන්න ඔනිනේ...මොකද තව කට්ටිය එළියේ බලන් ඉන්නවා ඇතුලට එන්න...ඉතින් අපි එලියට ආවා...
ටැප් එක ගවින් වතුරත් බීලා අපි සෙට් එක පොඩ්ඩක් එහාට වෙලා හිටියා...මම එහෙ මෙහේ බල බල හිටියේ එයා පෙන්න ඉන්නවද කියලා...
"අඩෝ මොකෝ...කාවද ඔය හොයන්නේ..."මලිතා මගෙන් ඇහුවා...
"මූ මේ අර කෙල්ලට වහා වැටිලා..."සදුනා උත්තර දුන්නේ...
"අනේ...මේ එහෙම එකක් නැ බන් මේ මුගේ බොරු...හරි හරි දැන් අපි ඉලගට කොහෙටද යන්නේ..."මම කතාව වෙන පැත්තකට හැරෙවුවා...
"මේ කිරිබත්ගොඩ තොරණක් තියේ...යමු ඒ පැත්තට...තව දන්සල් ටිකකුත් සෙට් වෙයි යනකොට..."මුන්ට කොච්චර කැවත් එපා වෙන්නේ නැනේ...හැබැයි මටනම් එතනින් යන්න හිතක් තිබුනේ නැ...දන්නවනේ ඉතින්...
කොහොමින් හරි අපි තොරණ ලගට ගියා...අතරමගදී දන්සල් දෙක තුනක්ම සෙට් උනා...හැබයි ඒවා බත් දන්සල් නම් නෙවේ...මම ඒ හැම තැනකදිම බැලුවේ අර කෙල්ලව පේන්න ඉන්නවද කියලා...එත් මට එයාව හොයා ගන්න බැරි උනා...සමහර විට අනිත් පැත්තට යන්න ඇති...
"මේ...තොරණ මාර ලස්සනයි නේද බන්..."සදුනා මා ගවින් ඉදන් කිවුවා...තොරණ මාර ලස්සනට තිබුනා...ඒ තොරණ දිහා බලා ඉද්දි නම් මගේ හිත නිවිලා ගියා...මොහොතකට හැම දෙයක්ම අමතක කරන්න පුලුවන් හැගිමක් ඒ තොරණ දිහා බලා ඉද්දි දැනේන්නේ...
අයෙත් ටිකකින් අපි ආපහු හැරිලා එන්න ආවා...හවස කැලණි පන්සල් වදින්න ගිය නිසා අපි හිතුවේ ගෝල් ෆේස් පැත්තට යන්න...ඉතින් අපි කොටුවට යන්න බස් එක්ක එනකන් බලාගෙන හිටියා...
සෙට් එක වල් පල් කියව කියව හිනා වෙනවා...ඉතින් මම ටිකක් එහාට වෙලා facebook එකේ උඩ පල්ලෙහා ගියා...හැබැයි අනේ මන්දා මට මතක් උනේම එයාගේ මුණ...පහුගිය කාලේ මම හිටියේ හෙන අවුලින්...මොකද අපේ බැජ් එකේ එකකින්ම හොද බුටක් කාලා පිස්සු කෙල කෙල හිටියේ මම...එත් දැන් ශෙප්...අලුත් එකකට ගියහැකි...
"මේ...යකෝ...අර අරකි නෙද ඉන්නේ..."මම එකපාරම ගැස්සිලා ගියේ සදුනා මා ලගට ආපු නිසා...
"මොකක්ද...කෝ...කවුද..."
"කවුද අහන්නේ...උබ ලයින් කරපු එක...අර...අර...ඉන්නේ..."අපිට ටිකක් එහායින් එයා එයාගේ යාලුවොත් එක්ක හිටියා...
"අම්මෝ...මුගේ පැණි හිනාව..."සදුනා මගේ හිනාව දැකලා කිව්වේ...ඇත්තටම මට මාර සතුටක් දැනුනේ එයාව අයේ දකින්න ලැබුන එකට...
"අඩෝ...බස් එකක් එනවා...වරෙවු තොපි දෙන්නා..."සෙට් එකේ අනිත් උන් අපිට කැහැහුවා...
"මේ ඉලග එකේ යමු නේ බන්..."මට එයාව දාලා යන්න හිතුණේ නැ...
"මොකක්...මොන මගුලක්ද උබ කරන්නේ...මෙකේ යමන් බන්...කවින්දයා නහෙන් අඩන්න ගත්තා...ඌත් එක්ක මොකුත් බැ අප්පා...කොහොම හරි බස් එක ඇවිත් අපි ඉන්න තැනට ටිකක් ඉස්සරහයින් නැවැත්තුවා...මගුලයි...අන්න අර කෙල්ල යාලුවෝ ටිකත් එක්ක බස් එකට නැග්ගා...
"යකෝ...අන්න අරකි බස් එකට නැග්ගා..."හිතන්න වෙලාවත් තිබුනේ නෑ...මමත් දුවලා ගිහින් බස් එකට නැග්ගා...
"යකෝ *** මු බලහන්කෝ...හිටපිය *** ඔහොම..."මට ඇහුණා අනිත් උන් ටික අ|මු කු|නු|හ|ර|ප|ත් කියාගෙන මගේ පස්සෙන් දුවනවා...
කොහොම හරි කට්ටියම බස් එකට නැග ගත්තේ බස් එක අදිද්දිමයි...
යාලුවෝත් එක්ක එයා පිටිපස්සෙ වාඩි වෙලා හිටියේ...කෙල්ල මාව දැක්කා...අම්මො...ළඟ ඉන්න කෙල්ලට හිනා වෙලා මොනවද කියනවා අන්න...
"අර අයියා නෙද..."එහෙම කියන්න ඇති නෙද...
අපේ උන් ටික ඉඩ තියෙන විදිහට සිට් වල වාඩි උනා...මාත් ටිකක් ඉස්සරහට ගිහින් වාඩි උනා...පස්ස බලන්නත් හිතුනා ඉතින්...ඔනි නැ...හරි නැනේ...කොමත් ඔයා එයාලත් අපි යන දිහාම වෙන්න ඇතිනේ යන්නේ...
පැය බාගයකින් විතර බස් එක කොටුවට ආවා...කට්ටිය බස් එකෙන් බැස්සා...වෙනදට නම් මෙතන ඉදන් ගෝල ෆෙස් එකට යන්න බස් තියේ...එත් අද බස් නැතුව ඇති...කොමත් අද වගේ දවසක පයින් තමා ඔක්කොම අය යන්නේ...ගිහින් තියෙන උන් දන්නවා එකේ ආතල් එක...
"මේ...අන්න උබේ එක ඉස්සරහා යනවා..."
"ඔව්...ඔව්...මං දැක්කා...මං දැක්කා..."
"ඉතින් පලයන්...ටෝකක් දාපන් ගිහින්...අර...අර...එකි යලුවන්ට පිටි පස්සෙන් තනියම වගේ යන්නේ...මරු චාන්ස් එක පලයන් පලයන් .."සදුනා මාව ඉස්සරහට තල්ලු කලා...අනේ මන්ද...කැම්පස් එකේදි ඔනි තරම් කෙල්ලොත් එක්ක කතා කරලා තියෙනවා...එත් අද නම් ටිකක් අවුල් වගේ...පතාගෙන ආපු එකද කොහෙද...
"ආ...මෙයානේ මේ...මතකද මාව..."මම පිටිපස්සෙන් ගිහින් එයාට සෙට් උනා...කෙල්ල ෆෝන් එක දිහා බලාගෙන හිටියේ...
"ආ...අයියේ..."කෙල්ලගේ යලුවෝ ටික එක පාරට හැරිලා බලලා හිනා උනා...උනුත් දන්නවා ඇති සීන් එක...මමත් පොඩි හිනාවක් දැම්මා...
"ආ...නංගිලා...කැම්පස් එකේ නේද..."
මේ මොකද මේ...අ|ම්|ම|ට|සි|රි| මට ඉන්නේ නම් බොක්කෙන්ම සෙට් එකක්...අපේ උන් ටික ඇවිත් එයාගේ යලුවො සෙට් එක කතාවට අල්ල ගත්තා...පිස්සු හැදෙනවා...මේවා ඉතින් සදුනාගෙ වැඩ තමා...ඌ මගේ දිහා බලලා හිනාවක් දැම්මා...අදරෙයි කොල්ලෝ එකෙන්ම...
ඉතින් දන්නවනේ...මුලින්ම කෙල්ලෙක් කොල්ලෙක් හම්බ උනාම කතා කරන දෙවල්...ඉතින් අපිත් ගොඩක් දෙවල් කතා කර කර ඉස්සරහට ඇවිදන් ගියා...
මාරම ලස්සනක් තිබුනේ බලන බලන තැන...මමත් එයා ලගින්ම හිටියේ...එකට එයාගේ අකමැත්තක් තිබුන බවක් පෙන්න තිබුනේ නැ...
ඉතින්...අපේ උන් ටිකත් එයාගේ යලුවෝත් එක්ක හොඳටම පිට් උනා...
කොහොම හරි අපි පාන්දර 1 විතර වෙනකන් ගෝල් ෆෙස් එකේ හිටියා...
පස්සේ අපි අයෙත් කොටුවට ඇවිත් බස් එකක් එනකන් හිටියා...
"අදනම් ගොඩක් ඇවිද්දා නේද...කලිනුත් ඔයා මේ වගේ වෙසක් එකට ඇවිත් තියේද..."
"නැ...මෙහෙම යාලුවොත් එක්ක හරි ආවේ පලෙවෙනි පාරට...හැබයි ඉස්සර නම් එක පාරක් අම්මලත් එක්ක ඇවිත් තියේ වගේ මතකයි..."
"ආ...අපි නම් ඉතින් මේ අවුරුදු තුනේම ආවා...ඉස්සරහට ඔයත් එයි එහෙම..."
ටිකකින් බස් එකක් ආවා...අපි බස් එකට නැග්ගා...මේක නම් පතාගෙනම ආපු එකම තමයි...අපි දෙන්නට එකම සිට් එකක වාඩි වෙන්න උනේ...මොකද අපේ උන්ට කෙල්ලො සෙට් එක අල්ලලා ගිහින් වගේ...උන්ට අපි ගැන ගානක්වත් නැ...
අනේ මන්දා...අපි දෙන්නා නිකන් කපල් එක වගේ...
පාන්දර 1 විතර වෙද්දී අපි කැම්පස් එක ගාවින් බැහැ ගත්තා...එයාලා ඉන්නේ කැම්පස් එක ගාවම බොර්ඩිමක...ඉතින් අපිත් බොර්ඩිම ගවට ගියා...කොමත් කෙල්ලන්ව බොර්ඩිම් වලට ඇරලවන එක කැම්පස් කොල්ලන්ගේ එක ඩියුටියක් නේ...
"එහෙනම් අපි යන්නම්..."මම ඒ ඇස් දිහා බලලා කිව්වා...එයා මගේ දිහා බලලා පුංචි හිනාවක් දැම්මා...අම්මෝ ඒ හිනාව...අනේ ඉතින්...දැන් ඒ හිනාව මගේනේ...
"මල්ලී...කොහොමද...සෙට් නේ..."එන ගමන් සදුනා මගේ කරට අත දාගෙන හිනා උනා...

ඒ තමයි අපේ පලවෙනී හමුවීම...
සමහර අය අපිට හම්බ උනත් ඒ අය අපිට ලැබෙන්නේ නැත්නම් එක වෙනස් කරන්න අපිට බැ වගේම ලැබෙන්න කෙනෙක් ඉන්නවනම් එක අනිවාර්යයෙන්ම අපිටම හිමි වෙනවා...ඉතින් එයා මගේම උනා...අද මගේ චුටි දුවගේ තුන් වෙනි උපන්දිනේ...ඉතින් අර එයත් එක්ක ඉන්න ලස්සන කෙල්ල තමයි ඒ එදා මට දන්සලේදි හම්බ උන මගේම දන්සල් කෙල්ල...
නිමි...

✍️අසංක කේ. දීකෙල්ල