Friday, April 26, 2024
Follow Us
මගේ අවසාන ආදරේ
හම්බ උනා ෆ්බ් එකෙන් කොහොමද

 දවසක්

අයියේ මට උදව්වක් කරන්න පුලුවන්ද

මොකද්ද
මට කෙනෙක් ගැන හොයලා දෙන්න පුලුවන්ද
හ්ම්ම් කියන්නකෝ
ඒ එදා මගේ ගෘප් එකේ හිටපු කෙල්ලෙක් මගේ මැසෙන්ජර් එකට එවපු මැසේජ් එකක් එදා මට ඒ කෙල්ල මට දීපු විස්තර එක්ක හෙව්වා ඌ ගැන පන දාගෙන
බැලුවම ඒ කොල්ලා බැදලා ලමයි 4 ක් ඉන්න කෙනෙක්
ඒ ගැන කිව්වම කෙල්ල ගොඩක් ඇඩුවා එහෙම කතා කරලා පුලුවන් තරම් හිත හැදුවා මමත් එදා......
ටික කාලයක් යනකොට ඒ කෙල්ල මට ආදරේ කරන්න පටන් ගත්තා
මං ආදරේ පටන් ගත්තෙම මේ මගේ අවසාන ආදරේ මෙතනින් පස්සේ කිසිම ආදරයක් නෑ කියලා
කෙල්ල හිටියේ රට ගොඩක් ආදරේ කරා අපි ඉතින් ඔහොම තිබ්බ ආදරේ එයා වැඩ කරලා ගත්ත පඩිය දැම්මේ මට එයාගේ ගෙදරට දාන්න ඔනි ගානත් මට කියලා මන් තමයි දැම්මේ
මට වියදමටත් තියා ගන්න මං ආස කරපු දේවල් ගන්න මගේ කිසිම දේකට තහංචි නොදා මාව සතුටින් තියන්න හැම දේම කරා
ඔහොම ගියපු ආදරේ දවසක් රන්ඩු උනේ කෙනෙක් මන් ගැන කියපු බොරුවකට එදා මම හිටියේ කොස් එකකට ගිහින් ගොඩක් ආමාරුවෙන් එදා ඒ ප්රශ්නේ විසද ගත්තේ කියපු එකත් හොයා ගෙන
ඔහොම ටික දවසයි ගියේ මන් කොස් එක ඉවර වෙලා ගෙදර ගිහින් එයාට කතා කරද්දි දවසක් මගෙන් ඇහුවා ආයෙත් යන්නේ කවද්ද කියලා
ඒකට හේතුව ඇහුවම කෑමප් ගියාම මැසේජ් එකක් දාන්නම් බලන්න කියද්දි මම දිගටම ඇහුවේ ඇයි ඇයි කියලා
එදා කිව්වා ගෙදරින් කෙනෙක් හොයලා තියෙනවා එයාව බදින්න වෙනවා කියලා එදා ඉදලා දවස් ගානක් බැන බැන කතා කරේ මම මගේ හිතේ තිබ්බ ආදරේ ඉවරයි නේද කියන දුකට
ඒත් හිතා ගන්න බැරි උනා මට මම එයාලගේ ගෙදරට කතා කරලා කියලා තියෙද්දිත් එහෙම දෙයක් හෙව්වා කිව්වම
යන කෙනා කොහොමත් යනවා එයාට යන්න දෙන්න හිත හදා ගත්තා මම ඊට පස්සේ දවසක එයා කතා කරලා කිවේ මට එයාට ගෙදරින් හොයපු කෙනෙක් නෙවෙයි එයා හොයා ගත්ත කෙනෙක් කියලා
ඒ කොල්ලට කතා කරලා තියෙන්නේ මම නිවාඩු ගියපු දවසේ එච්චර ඉක්මනට ආදරේ කරලා මාව අමතක කරන්න තරම් හිත කොහොම හදා ගත්තද කියලා මට හිතා ගන්නත් බෑ අදටත්
ජිවිතේ ඇති වෙනවා නැති වෙනවා හීන ගොඩක් මැව්වා එකට ඉදන් කරන්න දුප්පත්කමද නැත්තම් ලස්සන නැති කමද මාව එපා වෙන්න තරම් එයාට බලපෑවේ කියන්න අදටත් මම හිතනවා.....
පන දෙන්න තරම් ආදරේ කරන කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා තමන්ගේ දුප්පත් කොල්ලව නැගිට්ටලා පොසත් කරපු කෙල්ලෝ ගැන අහලා තියෙනවා
ඒත් ජිවිතේ .....
කවදාවත් එහෙම කෙල්ලෝ ඉන්නවා හැබහින් දැකලා නෑ ඒ ආදරෙන් මට දැනුන හිතුන එකම දේ පන දෙන්න හිටියත් කෙල්ලෝ විශ්වාස කරන්න බෑ කියන එකයි
ගොඩක් අය අපිට ලන් වෙන්නේ පාලුව මකා ගන්න විතරයි මිනිස්සු හැමෝම එහෙම නෑ කිව්වට බලන් ගියාම ඔක්කොම එහෙම තමා බන්
මේ කතාවෙන් ගන්න දෙයක් තියේනම් ඔයාලත් ගන්න ......
හිතේ දුකට අකුරු කරේ ඇත්තම සිද්දියක් මේක ඔප්පු කරන්න පුලුවන් මට....
මගේ ජිවිතේ වෙන්න කැමති කෙනෙක් ඉන්නවනම් රික්වෙස්ට් එකක් දාලා ඇඩ් වෙන්න මට
බුදුසරණයි හැමෝටම ආදරේට බොරු කරන්න එපා කවදාවත්
 
සෙබල ආදරේ