"කෝ මේ ගෑනි.කොහේ ගිහින්ද...මේ ඇදුම හෝදලා දාන්න කියලා කී පාරක් කිව්වද..."
විමල් කෑ ගැහුවේ වහලේ උලුත් හෙල්ලෙන්න.ඒ සද්දෙට යශෝ ආවේ අමාරුවෙන් හති ඇද,ඇද.
"මං බෙහෙත් ගේන්න ගියා විමලේ.උනයි,හෙම්බිරිස්සාවයි.හතියටත් වගේ"
"යන මලදානෙක කමිසේ හෝදන්න බැරි වුනාද උබට."
යශෝ මොකුත් කිව්වේ නෑ.කියලා තේරුමක් නෑ කියලත් ඇය දන්නවා.තමන්ට කියන්න මොකුත්ම නැති යශෝ සැමියගේ නිවසේ වැටිලා හිටියෙත් මෙහෙකාරියක් වගේ.කුස්සියේ කොනකට වෙන්න ජනේල් දොරවල් නැති කාමර පොඩ්ඩ තමයි යශෝගේ නවාතැන.අඩන්න,දුක කියන්න ඇයට හිටියනම් කවුරුම හරි ඒ නකුටු ගැහුනු පූසෙක් විතරයි.
"තොගේ මූසල කම ගැහුවා මුලු ගෙදරටම.දරු පැටියෙක්වත් නෑ.තෝ එන්න එපා ඔය කාමරෙයි කුස්සියයි ඇරුනම් මේ හතර මායිමේ.තේරුනාද උබට." එහෙම් කිව්වට විමල්ට රෑ මැදියමට නම් ඔය කතා අමතකයි.ගංජා පොඩ්ඩක් එහෙම ගහා ගෙන යශෝව බලහත්කාරෙන් විමල්ගේ කාමරේට ගෙනත් ඇයව තලද්දිවත් ඇයගේ කදුලු ඔහුට ගානක් වුනේම නෑ.තමන්ගේ ඕනා එපා කම් ඉටු වුනහම විමලේ කරන්නේ පුරුදු විදිහටම යශෝව එලවන එක.හැමදාම එහෙම වුනත් යශෝ ගුටි කන්න බැරි කමට විමල්ගේ ලගට යනවා.කෑවත් බැනුම්,ඇන්දත් බැනුම්,යශෝට හිමි වුන එකම දේ ඒක විතරයි.
"විමලේ කන්න එන්න"
යශෝ ඔක්කොම අමතක කරලා විමල්ට කතා කරේ ගැහැනියක්ට උපතින්ම උරුම වුනු දයානුකම්පාවෙන්.
විමල් සෙන්ට් සුවද ගගහා කුස්සියට එද්දි යශෝ බැලූවේ දුකෙන්.මැදපු අත්කොට ශර්ට් එකට විමල් ලස්සනයි.
"විමල්"
"මොකෝ"
සැරට විමල් අහද්දි යශෝ කියන්න ආපු වචන ගිල ගත්තා.
"එක වචනයක් හොදින් කතා කරන්න බැරි තරම් මං වරදක් කරේ නෑනේ මහත්තයෝ."
යශෝ කිව්වේ ඇහැට උනපු කදුලු පහත් වෙලා චීත්ත පොටෙන් පිහිදාන්.
"අනේ මේ නවත්තපන් උබේ ඇඩිල්ල"
විමල් එහෙම කියලා බත් එකත් අරන් යන දිහා යශෝ බලන් හිටියේ කදුලක් පිට පනිද්දි.
දවස ගානේ ලැබෙන ගුටි බැටයි,අහන් ඉන්න බැරි කතායි දවසින් දවස යශෝට ජීවිතේම එපා කෙරෙව්වා.යශෝගේ දෙමව්පියෝත් මැරිලා ගොඩක් කල්.යශෝටවත් විමල්ටවත් දරුවෝ හිටියේ නෑ.එතන වරද කාගෙද කියලවත් ඇය දැනන් උන්නේ නෑ.වද ගෑනි කියලා ගමේ මිනිස්සු මගුලකටවත් ආරාධනා කරෙත් නෑ.
එක දවසක යශෝ විමලෙට කතා කරේ රෑ යහනෙදි.
"විමලේ"
"මොකෝ"
"දැන් අවුරුදු ගානක් වෙනවා අපි බැදලත්.ඒත් දරු පැටියෙක් නෑනේ.ඒ නිසා අපි අරන් හදා ගම්මුද දරුවෙක්ව" විමලේ යසෝ දිහා බැලුවේ රවලා
"උබේ කාලකන්නි කමට මම් මක් කරන්නද...උබ බොරු දාහක් කියලා මගේ කරේ එල්ලුනාට මම උබව නීතියෙන් බැදලා නෑ.ඒ වගෙමයි උබට මෙහේ අයිතියකුත් නෑ.ඒ මදිවට් අනුන්ගේ ලමයෙක් අරන් දායාද දෙන්න කියනවද.."
විමලේ කෑ ගැහුවේ තරහින්.යශෝ ගැස්සුනා.
හැමදාම විමල් කරෙ සියලු වරද ඇගේ පිට පටවපු එක.සතුටින් නිදැල්ලේ ජීවත් වුනු ඇගේ මුලු ආත්මයම උදුර ගත්තේ විමල්.ආදරය,සෙනෙහස,ආරක්ෂාව වෙනුවට ඇයට ලැබුනේ තාඩන පීඩන විතරයි.ඇය විමල්ගේ මෙහෙකාරියක් වුනා.හැමදාම දෙනෙත් වලින් ගලපු කදුලු එකතු කරා නම් මුහුදක් පිරෙන තරම්.
යශෝ විසිරිලා,මෑත් වෙලා තිබුනු ඇදුමත් හදන් ඇදෙන් නැගිට්ටේ කාලි අම්මා වගේ.
"ඔව් මම වැරදි.උබ එක්ක බුදියාපු මම වැරදි.කන්න නැතත් කන්න නොඉල්ලපු,උබෙන් ගුටි කකා හරි උබ එක්ක ජීවත් වුනු මම වැරදි.කරන්න පුලුවන් දහා දුරා වැඩ ඔක්කොම කරපු උබ හරි.කවුද දන්නේ දරුවෝ නැත්තේ කාටද කියලා.මුලු ලෝකෙන්ම අපවාද අහගෙනත් හිටියේ දවසක් හරි ආදරේ නිසා"
යශෝ වියුරුවෙන් වගේ කෑ ගහද්දි විමල් කරේ ඉදිරියට පැනලා යශෝගේ දිග කෙස් වැටියෙන් අල්ල ගත්ත එක.
"මගෙන්ම කාලා,මගෙන්ම ඇදලා,මගේ තැනම වැටිලා ඉදගෙන තෝ කාගේ හයියක් අරන්ද වේ.... කෑ ගහන්නේ"
වැරෙන් විමල්ව පැත්තකට තල්ලු කරපු යශෝ ආපහු තරහින් ගිනි ගෙන දැවෙන නෙතු වලින් විමල් දෙස බැලුවා.
"ඇදුම්..හහ්...මේ ඇදුම්ද...කවද්ද උබ මට ඇදුමක් අරන් දුන්නේ.හැමදාම ඇන්දේ දැලි කුනු ගැහිච්ච ඇදුම් කෑලි දෙකක්.කන්න උබ මොනවද දුන්නේ.බලපන් කුස්සියට ගිහින්.ලුනු පොල්කට්ටවත් නෑ.උබ රයිස්,කොත්තු ගිලිද්දි මම මොනවද කෑවේ.කොස් ගෙඩියක් තම්බන්.ඒ තමයි උබ දීපු කෑම.ඉන්න හිටින්න දුන්නා.බැල්ලියෙක්ට වගේ.කාඩ්බෝර්ඩ් කෑල්ලක් දාගෙන ඒක උඩ නිදා ගත්තේ.උබ නිදහසේ නිදියන්නවත් දුන්නද...නෑ.ගිනියම් වෙලා ඇවිත් ඇග උඩ දගලලා ඒ ඇගටම කෙල ගහලා යන තිරිසනෙක් උබ"
ඉවසන් හිතේ තද කරන් උන් සියලුම දේ යශෝගේ මුවින් පිට පැන්නේ හරියට අලුයට ගින්දර වගේ.කේන්තියෙන් හා මතින් වුන් විමල් යශෝට අල්ලන් ගැහුවේ තමන්ගේ අමනුස්ස කම කියා පාමින්.යශෝ තමන්ගේ කෙට්ටු අත් දෙකෙන් විමල්ව නැවතත් තල්ලු කරලා එලියට දුවගෙන විත් කලුවරේම පාර දිගේ දිව ගියා.
ගැහැනියක් වූ පාපයට ඇය තදින්ම වන්දි ගෙවමින් උන්නා.
"කොහෙද බං මේ මහා රෑ දුවන්නේ"
මහා මගදි හමුවුනු අසල්වැසි කාන්තාවක් වුනු රසිකා ඇහුවේ පාර දිගේ දුවන් එන යශෝගෙන්.යශෝ නැවතුනේ මහා හතියක්ද සමග.යශෝගේ මුහුනට විදුලි පන්දම එල්ල කරපු රසිකට දැනුනේ ලොකු දුකක්.තොල් පට පැලී ආපු ලේ කැටිති මුහුනේ රැදිලා.එක ඇහැක් ඉදිමිලා.
"විමලයා ගැහුවද යශෝ අක්කේ"
රසිකා ඇහුවේ අසරනීගේ අතින් අල්ලන්
"මට මේ ජීවිතේ එපා වෙලා.මැරිලවත් යන්නේ නෑනේ මං."
යශෝ කිව්වේ ඉකිබිදිමින්.
"වරෙන් යන්න අපේ ගෙදර.මේ කරුවලේ කොහේ යන්නද...පිරිමි ඔහොම තමයි බං.උන්ගේ වාසියට හෝයියා.කෝ වරෙන්.යමු."
රසිකා යශෝගේ අතින් අල්ලන් ඉදිරියට පියවර මැන්නා.
"ආ රසිකා නංගී.ජොබ් එකට අලුත් සාමාජිකාවක්ද...අපි එන්නම්කෝ ඒ පැත්තේ"
පාරේ අයිනේ හිටපු මිනිහෙක් කෑ ගැහුවේ හූ කියමින්.යශෝ දෙනෙත් බිමට බර කර ගත්තා.
"අනේ පලයන් දනවංශයෝ.උබලා ලොකුවට කරන්න දන්නේ ඔච්චරනේ.වරෙන් බලන්න.අහවල් එක කපනවා තොගෙ දැන ගන් ආවොත් එහෙම හතර මායිමේ"
එච්චරයි.පිරිමියගේ හඩ සයිලන්.
"මුන් හිතන් ඉන්නේ අක්කේ මුන්ට කියලා අහවල් එක කර ගන්න අපි ඉපදිලා ඉන්නේ කියලා.දෙකට නැවෙන්න හොද නෑ මේ වගේ උන් ලග"
රසිකා කිව්වේ පිලිකුලෙන්.මුලු ගමටම කසිප්පු බෙදා හැරියේ රසිකා.එනමුත් ඇය පිරිමි කරට ගත්තේ නෑ.අනවශ්‍ය විහිලු කරන අයට ඇය බිස්නස් කරෙත් නෑ.
කොහොමින් කොහොම හරි රසිකගේ නිවසේ යශෝ නැවතුනා.රසිකගේ බිස්නස් එකටත් උදව් කරා.රසිකගේ සැමියයි මීට කලින් කසිප්පු වික්කේ.ඔහු රිය අනතුරකින් මිය යාමෙන් පසු රසිකා කසිප්පු විකුන්නා.රසිකා යශෝට සැලකුවේ තමන්ගෙම සොයුරියකට වගේ.විමල් නිතර නිතර ආවත් රසිකගේ නවාතැනට බිසෝ ඔහුව ගනන් ගත්තෙවත් නැති තරම්.අනේවිද කම් කටොලු ගොන්නක් තමාට උරුම කරපු විමල්ට ඇය වයිර කරා.
දින සති මාස ගෙවුනේ යශෝදරා තව තවත් ලස්සන කරමින්.විමල්ගේ ලග දුක් ඉහිලූ ඇය රසිකාගේ නිවසේ සතුටින් හිටියා.රසිකාත් ඇයට වෙනසක් කරේ නෑ.
දිනක් නිවසේ ඉදිරිපස ඉදි කර තිබූ බංකුවේ ඉදගෙන වුන් යශෝ ලගට රසිකා ගියේ ලොකු දෙයක් කියන්න හිතන් "යශෝ අක්කේ"
රසිකා බංකුවෙන් වාඩි වෙලා යශෝගේ අතින් අල්ල ගත්තේ ආදරෙන්.යශෝ සිහින් මදහසක් පෑවා.
"දෙයක් අහන්නද උබෙන් අක්කේ"
"මොකද්ද රසිකෝ"
රසිකා ලොකු දෙයක් අහන්න යනවා කියලා නම් යශෝ දන්නවා.
"උබ අර විමලෙව බැදලා නෑ නේද අක්කේ පවුල් කෑවට"
රසිකා අහද්දි යශෝ ඉහල අහස බලන් උන්නේ දුකෙන්.
"එහෙම අයිතියක් දෙන්න විමලෙට ඕන වුනේ නෑ නංගි.ඌට ඕනේ වුනේ මගේ ඇගයි මට කියලා උගේ වැඩ කරව ගන්නයි විතරයි"
රසිකට හීල්ලුනා.
"උබට මතකද ගිය සතියේ මෙහේ ආපු ගිවන්ත"
යශෝ කල්පනා කරා.ඇයට මතකයක් තිබුනේ නෑ.එක එක පිරිමි රසිකාගේ නිවසට එන නිසාම ඇයට ඒ ගැන මතකයක් නෑ.
"නෑ නංගි"
"අර ආවේ බං කලු කාර් එකක.උස මහත කොල්ලා"
එතකොට නම් යශෝට මතක් වුනා.ඔහුගේ දෑස් තිබුනේ ඒ ආපු වෙලාවේ යශෝ ලගමයි.යශෝත් නොබැලුවම නෙමෙයි ඉතින්.යශෝගේ මුවේ සිනහවක් ඇදුනා
"වාව් මූනේ හිනාව බලපල්ලකෝ....ආන් ඌ උබව බදින්න අහලා එවලා තිබුනා"
යශෝ මොකුත් කිව්වේ නෑ.හොද කෙනෙක් එක්ක කුරුලු කූඩුවක් තනන්න ඇයත් ආසා කරා.
"උබ කැමතිද අක්කේ.ඌව මං දන්නේ ගොඩක් කල් ඉදලා.බිස්නස් කරන්නේ.සල්ලිත් තියෙනවා.මොකද කියන්නේ උබ"
යශෝ හිනා වුනා.ඉතින් රසිකාට යශෝගේ පිලිතුර තේරුනා.
"එහෙනම් ඕං මං කියනවා කැමතියි කියලා හොදේ"
යශෝ හිස වැනුවා.
කොහොමින් කොහොම හරි යශෝදරා ගිවන්තගේ බිරිද වෙලා ඔහුගේ කැදැල්ලට ගියේ හිටපු එකම මිතුරිය රසිකාවත් අඩවලා.
"මට දුකයි,පාලුයි දෙකම.කසිප්පු විකුනපු මාව නංගි කියලයි උබ හිතුවේ.අද උබ ගියාට මං මැරෙනකම්ම මේ දොර උබට ඇරිලා අක්කේ"
රසිකා කිව්වේ යශොව බදා ගෙන.
ගිවන්තගේ දෙමව්පියෝ ජීවතුන් අතර හිටියේ නෑ.පවුලේ හිටියේ ගිවන්ත විතරයි.බිස්නස් කරනවා කිව්වට බදින්න කලින් ය්ශෝ දැනන් හිටියේ නෑ ඔහු මොනවද කරන්නේ කියලා.ඒත් ඔහුගේ නිවසට ආවට පස්සෙයි යශෝ දැන ගත්තේ ගිවන්තගේ බිස්නස් එක කුඩු අලෙවිය කියලා.යශෝ ඒක ලොකුවට ගත්තේ නෑ.
බැදලා ටික කාලෙකුනුයි යශෝට දරුවෙක් ලැබෙන ලකුනු පහල වුනේ.ඇය හිටියේ පුදුම සතුටින්.ලෝකයම මීට කලින් වද ගෑනි කිව්ව ඇය වද නෑ කියලා දැන ගද්දි වගෙම චුටි පැටියෙක්ගේ මුහුන බලන්න ලැබීම ගැන ඇය සතුටු වුනා.
ඒත් ඇය තරම් ගිවන්ත සතුටු වුනේ නෑ.
"මේ දරුවා අපිට ඕනේමද යශෝ"
ගිවන්ත ඇහුවේ යශෝගේ ඇස් පුදුමයෙන් මහත් වෙද්දි.
"අනේ මහත්තයෝ අපි දෙන්නගේ පැටියනේ මේ"
ඒත් ගිවන්ත කැමති වුනේ නෑ දරුවා හදන්න.
"ඔයාට මාව ඕනේ නම් දරුවා නැති කරන්න.නැත්තම් අන්න දොර.මෙහෙන් කරුනාකරලා යන්න"
ගිවන්ත කිව්වේ සිත් නැත්තෙක් වගේ.යශෝ ඔහුගේ දෙපා මුල වැටිලා ඇඩුවත් ගිවන්තගේ හදවත නම් උනු වුනේ නෑ.
චූටියට ගියපු රන්ඩුව දුර දිග ගියේ නැවත වතාවක් යශෝව තනි කරමින්.ඒ ඇය ගිවන්ත නොව දරුවා තෝර ගැනීම නිසා.
"දරුවෙක් එන්නේ අපේ ලගට අපේ වැරැද්දෙන් මිසක් දරුවගේ වැරැද්දෙන් නෙමේ.මං ඔයාව හදනවා පැටියෝ හිගා කාලා හරි"
එහෙම තීරනයක් ගත්ත යශෝ නැවතත් ගියේ රසිකා ලගට.රසිකා මොකුත්ම කිව්වේ නෑ.යශෝගේ පැත්තේ රසිකා හිටියා.
දින සති ගෙවෙමින් යශෝ දියනියකට උපත දුන්නා.දියනියගේ මුහුන දැකපු යශෝට දැනුනේ දුකක්.
"පිරිමියෙක්ගේ වහලියක් වෙන්න දුවෙක් ඉපදිලා.පව්"
යශෝට හිතුනේ එහෙමයි.
"අම්මා බබාගේ තාත්තා ආවම කියන්න ඩොක්ටර් හම්බ වෙන්න කියලා"
හෙදියක් යශෝ ලගට ඇවිත් කිව්වේ චූටි පැටියගේ අතක් පිරි මදිමින්.
"එහෙම කෙනෙක් මගේ දුවට නෑ මිස්"
හෙදිය විසල් දෙනෙතින් යශෝ දෙස බැලුවා.
"මොකක්ද අම්මා කිව්වේ.කෝ බබාගේ තාත්තා"
"එයාට මේ බබා එපා කිව්වා මිස්.එයාව ඕනේ නම් දරුවා නැති කරන්න කිව්වා.මම අම්මා කෙනෙක්.මට එහෙම කරන්න බෑ මිස්."
යශෝ කිව්වේ වේදනාවෙන්.හෙදිය ගියේ යශොගේ හිසත් පිරි මැදලා.
දරුවත් තුරුලේ තියන් යශෝට නින්දක් ගියේ ගතට දැනෙන තෙහෙට්ටුව නිසාමයි.රසිකා ඇවිත් යශොට කවලා පොවලා දරුවගෙත් ලගට වෙලා ඉදලයි ගියේ.
හදිස්සියෙම යශෝ අවදි වුනේ හෙදියකගේ ආමන්ත්‍රණයෙන්.
"අම්මේ"
ඒ ඉස්සෙල්ලා ආපු හෙදියමයි.ඇයත් සමග තව තරුන කාන්‍තාවක් ඇවිත් හිටියා.ඇය බලන් හිටියේ දරුවා දෙස.
"අම්මේ මේ නිශා.මගේ යාලුවෙක්.නර්ස් කෙනෙක්.මෙයාට බබාලා නෑ.අම්මා කැමති නම් බබාව අපිට දෙන්න.නිශා බලා ගනියි"
හෙදිය කිව්වේ තරුන කාන්තාව හදුන්වා දෙමින්.යශෝගේ මුවේ ඇදුනේ හිනාවක්.
"මිස් මට මුලු ලෝකයම කිව්වා දරුවෝ නැති වද ගෑනි කියලා.මගේ මිනිහගේ වරද ඒ.මගේ ඒ පවුල කැඩෙද්දි මම ආපහු බැන්දා.ඒ මිනිහා මේ අහිංසකී බඩට ආවම කිව්වේ දරුවා මරපන් කියලා.මට දරුවා ඕනේ නිසා ඒ පවුලත් කඩා ගත්තා.මාස නවයක් තියන් ඉදලා ලොකු වේදනාවක් උහුලලා මේ ලෝකෙට බිහි කරේ,මම තනි වුනේ මේ දරුවා වෙනුවෙන්.මට ශක්තිය තියෙනවා මිස් දරුවා හදන්න."
යශෝ කිව්වේ වේදනාවෙන්.
"ඒත් අම්මා ඔයා කොහොමද දරුවා හදන්නේ"
"හිගා කාලා හරි හදනවා.මං අම්මෙක්.අම්මෙක්ට දරුවො වෙනුවෙන් මැරෙන්න පුලුවන්."
හෙදිය මොකුත්ම කිව්වේ නෑ.කාන්තාව සමගින් පිට වී ගියේ ලැජ්ජාවෙන්.
"අම්මා බබාගේ තාත්තා ආවම කියන්න ඩොක්ටර් හම්බ වෙන්න කියලා"
හෙදියක් යශෝ ලගට ඇවිත් කිව්වේ චූටි පැටියගේ අතක් පිරි මදිමින්.
"එහෙම කෙනෙක් මගේ දුවට නෑ මිස්"
හෙදිය විසල් දෙනෙතින් යශෝ දෙස බැලුවා.
"මොකක්ද අම්මා කිව්වේ.කෝ බබාගේ තාත්තා"
"එයාට මේ බබා එපා කිව්වා මිස්.එයාව ඕනේ නම් දරුවා නැති කරන්න කිව්වා.මම අම්මා කෙනෙක්.මට එහෙම කරන්න බෑ මිස්."
යශෝ කිව්වේ වේදනාවෙන්.හෙදිය ගියේ යශොගේ හිසත් පිරි මැදලා.
දරුවත් තුරුලේ තියන් යශෝට නින්දක් ගියේ ගතට දැනෙන තෙහෙට්ටුව නිසාමයි.රසිකා ඇවිත් යශොට කවලා පොවලා දරුවගෙත් ලගට වෙලා ඉදලයි ගියේ.
හදිස්සියෙම යශෝ අවදි වුනේ හෙදියකගේ ආමන්ත්‍රණයෙන්.
"අම්මේ"
ඒ ඉස්සෙල්ලා ආපු හෙදියමයි.ඇයත් සමග තව තරුන කාන්‍තාවක් ඇවිත් හිටියා.ඇය බලන් හිටියේ දරුවා දෙස.
"අම්මේ මේ නිශා.මගේ යාලුවෙක්.නර්ස් කෙනෙක්.මෙයාට බබාලා නෑ.අම්මා කැමති නම් බබාව අපිට දෙන්න.නිශා බලා ගනියි"
හෙදිය කිව්වේ තරුන කාන්තාව හදුන්වා දෙමින්.යශෝගේ මුවේ ඇදුනේ හිනාවක්.
"මිස් මට මුලු ලෝකයම කිව්වා දරුවෝ නැති වද ගෑනි කියලා.මගේ මිනිහගේ වරද ඒ.මගේ ඒ පවුල කැඩෙද්දි මම ආපහු බැන්දා.ඒ මිනිහා මේ අහිංසකී බඩට ආවම කිව්වේ දරුවා මරපන් කියලා.මට දරුවා ඕනේ නිසා ඒ පවුලත් කඩා ගත්තා.මාස නවයක් තියන් ඉදලා ලොකු වේදනාවක් උහුලලා මේ ලෝකෙට බිහි කරේ,මම තනි වුනේ මේ දරුවා වෙනුවෙන්.මට ශක්තිය තියෙනවා මිස් දරුවා හදන්න."
යශෝ කිව්වේ වේදනාවෙන්.
"ඒත් අම්මා ඔයා කොහොමද දරුවා හදන්නේ"
"හිගා කාලා හරි හදනවා.මං අම්මෙක්.අම්මෙක්ට දරුවො වෙනුවෙන් මැරෙන්න පුලුවන්."
හෙදිය මොකුත්ම කිව්වේ නෑ.කාන්තාව සමගින් පිට වී ගියේ ලැජ්ජාවෙන්. දැන් යශෝ කරන්නෙත් රසිකගේ රැකියාවමයි.දෙන්නත් එක්ක එකතු වෙලා කසිප්පු හදනවා.පැකට් කරනවා.මේ හැමදේම යශෝ කරේ දියනිය වෙනුවෙන්.යශෝගේ හිසකෙස් එකින් එක සුදු වෙද්දි චූටි දියනිය ටික ටික ලොකු වුනා.මවගේ තුරුලෙම උන් ඇය මවගෙන් ටික ටික ඈත් වුනේ මව කසිප්පු විකුනනවා කියන ලැජ්ජාවෙන්.ඒක යශෝට දැනුනත් ඇය මහා ඉහලින් ගත්තේ නෑ.
"අම්මේ මං තාත්තා ලගට යනවා"
දිනක් හදිස්සියේ යශෝ ගාවට ආපු දියනිය කිව්වේ යශෝගේ තරහත් අවුස්සමින්.
'කොහෙද උබට අප්පෙක්.මෙච්චර කල් නොහිටි අප්පෙක්"
යශො ඇහුවේ කෑ ගහලා.ඇගේ සද්දෙට අහල පහල උන් අයත් ඔවුන් දෙස බැලුවා.
"උබ කොහෙවත් යන්නේ නෑ"
ඒ වචන ටික යශෝ කිව්වේ දියනියට ආදරෙන්.
"මේ අම්මේ මට පාරට බහින්න ඔඉනේ.ඔයා මගේ අම්මා කියන්නත් ලැජ්ජයි.කසිප්පු විකුන විකුන මට ලැජ්ජ කරනවා.මං යනවා තාත්තා ලගට.මට අම්මෙක් නෑ.ඉන්නේ තාත්තා විතරයි'
යශෝ අහන් හිටියා.මොකුත්ම කියා ගන්න බැරුව ඇය ගොලු වුනා.
මොහොතකින් ඇය දැක්කේ ගිවන්තගේ රථයට නගින දියනිය.වේගයෙන් ඉද ගෙන වුන් තැනින් නැගිට ගත් යශෝ දුවගෙන ගියේ ගිවන්තගේ රථය තිබූ තැනට.ඒත් අසරනිය ප්‍රමාදයි.දූවිලි අවුලමින් රථය ඉදිරියට ඇදුනා.
"මගේ දරුවා දීලා පලයව්"
යශෝ කෑ ගැහුවා.බිම වැටිලා පොලවේ පස් කෑවා.
ඒත් දියනියටවත් ඒ දියනියව කුසේ ඉද්දි එපා කිව්ව ගිවන්තටවත් යශෝගේ විලාපය ඇහුනේ නෑ.රසිකා ඇවිත් යශෝව ඇගේ ලයට බර කර ගත්තේ දෙනෙතින් කදුලු උනද්දියි...
මා මෙන් දුවේ නුබ නම් අඩනු එපා...
මට මෙන් මිනිසුන් නුබ හට වචන කියනු එපා....
කිසි විටෙකත් දුකක් නුබ හට දැනෙනු එපා...
මා මල පසුවවත් සොහොනට එන්න එපා...
නුබ රැක ගන්නයි දුවේ මා වරදක් කෙරුවේ.....
නුබ හට කවලයි මම බඩ ගින්නේ උන්නේ.....
නුබේ සතුටමයි හැමවිටකම පැතුවේ....
නුබ පමනයි මේ භවයේ මට සිටියේ.....
මගේ දුවේ නුබ කිසිදා හඩනු එපා....
රවා බැලීමක්වත් නුබ හට වෙන්න එපා...
මා කිසිදා අමතක කරනු එපා....
ජීවිතේ කවදාවත් පරදින්න එපා....
නෙතුලි ෆැෂන් ---