Friday, November 22, 2024
Follow Us
ආදරණීය හුස්මක්

"මං සංසලා මිහින්දි"

පන්ති ඇරුණ ගමන් මං එළියට ආ⁣වෙ බයෙන්..

"අදත් ඉන්නවද දන්නේ නෑ..."

මං හිතින් හිත හිතා එළියට එද්දී දැක්කේ.

ඔව් වෙනදා වගේම කාර් එකට හේත්තුවෙලා ෆෝන් එක ඔබමින්  එහෙ මෙහෙ බලන ඒ ඇස් දෙක...

මං හෙමින් හෙමින් ළමයි අතරට වුනේ කොහොමහරි ඒ ඇස් දෙකට අහුනොවී යන්න හිතාගෙන.අද මහීමාත් නෑ..මං තනියම..

මාත් එක රොත්තට යන ළමයි යන අතරෙම හොරෙන් එයා දිහා බල බල ගියා...

දෙවියනේ..අදත් මගෙ කරුමෙද කොහෙදෝ  මෙච්චර දාහක් ඇස් අස්සේ හොරෙන් වගේ බලපු මගේ ඇස් දෙක ඒ ඇස් දෙකට මාට්ටු වුනා...

මට දැනුණේ පුදුම ලැජ්ජාවක්...

ඒත් මං හොඳටෝම දැක්කා එයා කට කොනින් හිනාවුන හැටි...

මං නොදැක්කා වගේ ළමයි එක්කම ආවේ ලැජ්ජාවට..

මහපාර දිගේ ඇවිත් අතුරු පාරකින් තමයි අපේ ගෙවල් වලට යන්න තිබුණේ..මං දැන් අවුරුදු තුනක් බාහිර උපාධිය හදාරන්න පන්ති යනවා...ඒ අවුරුදු තුනම මං එනකල් බලන් ඉන්න මේ කොල්ලා නම් මල වදයක්...මට එහෙමයි හිතුනේ...

"උඹ ඉතින් බියුටි ක්වීන් වගේ ඉද්දී කොල්ලො එන්නේ නැතිවෙයිද?.." යාළුවෝ එහෙම කියද්දී මට හිතුනේ අනිත් කොල්ලො වගේ මේ නමක් නොදන්න කොල්ලත් එන්නෙ මගේ ලස්සනට කියලා...

ඇත්තටම මට තිබුනේ කෙල්ලෙකුට තියෙන්න ඕනමයි කියලා හිතෙන ලස්සනක්...කොච්චර ලස්සන වුනත් මං සාමාන්‍ය පවුලක කෙල්ලෙක්..තාත්තා මට පන්ති යන්න සල්ලි දුන්නේ අත්වැඩ දීලා..අම්මත් ඇඳුම් මහලා කීයක් හරි හොයාගත්තේ පවුලෙ එකම  දරුවා වුන මට හොඳට උගන්වන්න..

මොකක්දෝ පිනකට හරි පවකට හරි මට ලැබුන ඒ ලස්සනින් මං කොතැන ගියත් කැපිලා පෙනුණා..උපාධි පන්තියේ පොඩි සර් පවා මට කැමතිබව පන්තියම වගේ දන්නවා..ඒත් කවදාවත් ආදරේ කරලා තිබුනෙ නැති මම කොල්ලොන්ට කැමති වුනෙත් නෑ..විශ්වාස කලෙත් නෑ.

ඉතින් මේ පන්ති දවසට විතරක් දකින මේ රුව මට මාර ගැටළුවක් වුනේ නෑ...ඇත්තටම කඩවසම් සුන්දර කමට එක්වුනු වැදගත් පෙනුමක් තියෙන ඒ තරුණයාට කෙල්ලෙක් කැමති නොවුනොත් තමා පුදුමෙ...

අපේ පාරේ මගේ ලගින්ම හෙමින් ඇදුන ඒ කාර් එක නතර වෙද්දී මගේ හදවත එළියට ඇවිත් ව⁣ගේ ගැහෙන්න ගත්තා..."හාට් එක ගැලවිලාවත්ද?....මං පපුවට අතක් තියාගත්තා...

කළු කලිසමට අළු පාට අත්දිග ෂර්ට් එක වැලමිට ළඟට එනකල් නවලා ඇඳලා  හිටිය එයා ඇත්තටම ලස්සනයි..වෙන කෙල්ලෙක් නම් පැනලා හා කියන්නේ..ඒත් මගේ ආඩම්බරකාර හිත එහෙම වුනේ නෑ..

බයක් දැනුණත් මං නොපෙන්වා ඉන්න උත්සහ කරා...ඒත් මගේ කන් දෙකත් රතුවෙලාද කොහෙද...මං යන්න හැදුවා විතරයි..එයා ඉස්සරහාට අතක් දැම්මා..හරියට ඉස්සර ඉස්කෝලෙදි වාහනවලට රෝඩ් ඩියුටි දානවා වගේ..මං හිනාව නතරකරගත්තේ අමාරුවෙන්...

මොකද කියන්න වගේ මං තරහින් බැලුවෙ...

"සංසලා...?"

මගේ ඇස් ලොකුවන්නට ඇත...නමත් හොයගෙන..මගේ හිත කිව්වෙ එහෙම...

"පුදුමයි නේද?..."එයා ඇහුවෙ මගෙ මූණ දිහාම බලාගෙන...

"තාත්තා අත්වැඩ දෙනවා...අම්මා ඇඳුම් මහනවා...ගෙදර බාගෙට හදලා..ඔයා ඩ්‍රිගි එක කරගන්න මහන්සිවෙනවා..කවදාහරි හොඳ ජොබ් එකක් කරන්න.."එයා කියාගෙන යද්දී මගේ ඇස් තවත් ලොකුවුනා...

"පුදුමවෙන්න එපා සංසලා..මං දැන් අවුරුදු තුනක් ඔයාට ආදරේ කරන්නේ ඔයා ගැන හොයන්නේ..මං දන්නවා හැමදේම..මං තනියම ආදරේ කරා ඇති සංසලා..ප්ලීස් මං අද මේ ඔයා ඉස්සරහම කියන්නේ...මං ඔයාට ගොඩාක් ආදරෙයි..ඔයාට හිතාගන්නවත් බැරිතරම්..මට කැමතියිද කියලා විතරක් කියන්න..."

"අනේ දෙවියනේ දැන් මං මොකද කරන්නේ?..වෙනදා නම් මං කොල්ලොන්ට බැනලා එලවගෙන...ඒත් මොකක්දෝ හේතුවකට මට එයාට එහෙම කියන්න බැරිවුනා..."

මං කොහොමද කියන්නේ අපේ ගෙදරින් අහන්න කියලා..ගෙදර හැටි විතරක්...අනික එහෙම එන්න කියන්න මට මොනවද තියෙන්නේ..මගෙ ලස්සන විතරයි..මට ලොකු හුස්මක් පිටවුනේ එයා ඉන්නවදවත් නොහිතා...

"ඇයි ඔයා මට බයද?..අවිශ්වාසද?..වෙන කොල්ලො වගේ ඔයා පස්සේ එන්නේ ලස්සනට විතරක් කියලා.."

"නැත්තම් ඔයාලගේ ගෙදරින් අහන්න ඇවිත් ඔයා⁣ලගේ විදිහ දැකලා අකමැතිවෙයි කියලා..."දෙවියනේ මෙයාට හිත් කියවන්නත් පුළුවන්ද...මං එහෙම හිතුවට මොනවත්ම කිව්වෙ නෑ...

එයා බලාගෙන ඉද්දී දාලා යන්න බැරි ලෝබකමකින් වගේ වුනත් මං හයියෙන් හුස්මක් දාලා යන්න කකුලක් ඉස්සරහට තිබ්බා..

"ප්ලීස් සංසලා..මට මෙහෙම කරන්න එපා..ඒ ඇස්වල කදුළු..."

"මං ෆිල්ම් වලත් ඔහොම ඒවා ඕන තරම් දැකලා තියෙනවා.."කියලා කියන්න හිතුනත් මං කිව්වෙ නෑ...ඒවෙනුවට ඇස් ලොකුකරන් බලන් හිටියා..

"මං ඔයාලගේ අම්මලාගෙන් ඇහුවොත් ඔයා මට කැමතිවෙනවද?..."

මට දෙන්න උත්තරයක් නෑ..එයාව දාලා යන්නත් බෑ වගේ මගේ හිත කියනවා...

"හා.." කියන්න වගේ මං ඔළුව හෙල්ලුවා...

නමක් ගමක් දන්නෙ නැති කොල්ලෙක්ට අන්තිමේ මං ගෙදරත් එන්න කිව්වා..කමක් නෑ..ඇවිත් දැක්කාම ඔක්කොම එපාවෙලා යයිනේ.."

මං හිත හිතම ගෙදර ආවා..

"ඔය කිව්වට ඒ ළමයා ඇත්තද බොරුද කියන්නෙ කියලා කවුද දන්නේ දෝණි...අනික ඒ ළමයගේ ⁣දෙමව්පියෝ කැමතිවෙයිද?.. ඔච්චර වැදගත් පාටක් තියෙනවා නම්..අපි අල්ලන්න ඕන අපිට පුළුවන් අතු..දෝණි හොඳට ඉගෙනගන්න.

හොඳ මහත්තයෙක් හම්බවෙයි..."

අම්ම⁣ට ඇවිත් හැමදේම කියද්දී අම්මා කිව්ව දේට ඒක ඇත්ත කියලා මං හිතුවා...

"අච්චර ලස්සන පෝසත් කොල්ලෙක් මොකටද මං වගේ දුප්පත් කෙල්ලෙක්ට කැමතිවෙන්නේ.."මං හිත හදාගන්න බැලුවා..

           

මාස ගාණක් ගතවුනා..මාත් නොදැනම පන්තිය ඉවරවුන ගමන් හැමදාම ඒ ඇස් හෙව්වා..නමක් ගමක් දන්නැති ඒ රුව මගේ හිතම හොරකම් කරලා වගෙයි ම⁣ට දැනුණේ...

"ඉතින් අපි ගිහින් හොයමුකෝ..."මහීමා මගේ කතාව දැනගෙන කිව්වා..

"බෑ මහීමා..එයා මට ආදරේ නම් කවදාහරි හොයාගෙන එයිනේ...ම⁣ට බලෙන් ආදරයක් ලබාගන්න ඕන නෑ .."කවදාවත් නැති විදිහ⁣ට මගේ හිත හොල්ලපු ඒ පිරිමි රුව තරම් ම⁣ට කාවවත් දැනිලා තිබුනේ නෑ..මොන හේතුවකටද මන්දා ඉස්සර ඒ ඇස් මග ඇරිය මං පන්ති ඉවරවෙලා හැමදාම බැලුවේ එයා ඇති කියලා...

         

අවුරුද්දකුත් ගෙවිලා ගියා...මගේ උපාධියත් ඉවරයි..මං වට්ටියට ඉද්ද මල් කැඩුවේ පන්සල් යන්න හිතාගෙන...කොච්චර කාලයක් ගියත් මගේ හිතේ හිටිය ඒ රූපයට මං ආදරේ කරලා තියෙන්නේ මගේ හිතටත් හොරෙන්ද කොහෙදෝ..මං හිත හිත මල් කැඩුවා..

⁣මිදුල ඉස්සරහින් එක දිගට ඇහුන වාහනයක හෝන් හඬට මං දුවලා ගියේ කවුද කියලා බලන්න..

සත්තයි ...මගේ කකුල් දෙකම පණනැති වුනා ඒ  රුව දැකලා..මං අවුරුද්දක් තිස්සේ දකින්න පෙරුම් පිරුව ඒ රුව...

මට දැනුණ සතුට වැඩිකමට මං දුවගෙන ගියා...ඒත් එකපාරම කකුල් නැවතුනේ කාරයේ ඉදිරිපස දොරත් ඇරගෙන මතුවුන කෙනා දැකලා...

මං හිතන්නේ එයාගේ අම්මා වෙන්නැති..ඒත් එක්කම පිටුපස දොර ඇරගෙන ආවේ ලස්සන ගැහැණු ළමයෙක්...මං ගල් ගැහිලා වගේ බලන් හිටියේ මොනාද මේ වෙන්නෙ කියලා තේරුම් ගන්න බැරුව..

මගේ ඇස් නතර වෙලාම තිබුනේ අර ගෑණු ළමයා ළඟ...

"සංසලා..." ඒ හඬ...මගේ ආත්මයම හොරාගත්ත හඬ..." මං ඇස් උස්සලා බැලුවෙ මොනාද මේ වෙන්නෙ කියලා අහන්න වගේ...

මෙහා පැත්තෙ හිටපු ගෑනුකෙනා මගේ අතින් අල්ලාගත්තා..මගේ අත් වේවලනවද කොහෙද...

"සංසලා ඔය ඉන්නේ මගේ අම්මා..අර ඉන්නේ අප්පච්චී..මේ ඉන්නේ මගේ එකම නංගී..."එහෙම කියලා එයා අර ළඟ හිටපු ගෑණු ළමයව එක අතකින් එයා ළඟට තුරුල් කරගත්තා...

"අම්මෝ ඇති යන්තම්..මං පපුවට අතකුත් තියාගත්තා..."වෙච්ච දේ තේරුම් අරන් වගේ ඒ ළමයත් මගෙත් එක්ක හිනා වුනා ..

"කවුද පුතේ මේ කට්ටිය...ඔයාගෙ යාළුවෝද?..."මං හොල්මන් දැකලා වගේ බලන් ඉද්දී එතැනට ආව අම්මා හැමෝමත් එක්ක හිනාවුනේ හරියට කලින් අඳුනනවා වගේ...

"නෑ..අම්මේ සංසලා දන්නේ නෑ අපි අද මෙහේ එනවා කියලා..ඒක දිග කතාවක්.."එයා එහෙම කියද්දී..අම්මටත් තේරිලා වෙන්නැති...

"හරි යමු යමු මහත්තයෝ ගෙට හිටගෙනම කතාව...දෝණි මේ කට්ටියව එක්කගෙන එන්න.." කියාගෙන අම්මා ගෙට ගියේ තිබ්බ ප්ලාස්ටික් පුටු ටික පිළිවෙලට තියන්න වෙන්නැති...

එයාගේ අම්මත්,තාත්තත්,නංගිත් අපේ දුප්පත් ගේ ඇතුලට ගියේ මට හිනාවෙන ගමන්...ඒ මූණු එකකවත් ආඩම්බරකමක් ගෑවිලාවත් නෑ...ඒත් අපේ ගෙදර හැටි දැකලා මට දැනුණේ පුදුම අසරණ කමක්...

"අම්මත් තේ හදන අතරෙ මං හන්දියෙ කඩේට ගිහින් බිස්කට් පැකට් එකකුයි,කෙසෙල් ඇවරියකුයි ගෙනාවෙ ගෙදර හරියේ බිස්කට් එකක්වත් තිබුනේ නැති හන්දා..ඇරත් එකපාරමනෙ ආවෙ...

"මං අම්මත් එක්ක තේ බන්දේසියත් අරන් පුංචි ස්ටූලය උඩ තිබ්බෙ එයා දිහා බලාගෙනම..ඒ ඇස් මගෙ දිහාම...

"අපි එහෙනම් කතාව පටන්ගන්නම්කෝ..."එහෙම කිව්වෙ එයාගේ තාත්තා..මොනවා වුනත් ලොකු දෙයක් කියන්න යන බව මට තේරුණා...

අපේ පුතා දැන් අවුරුද්දක විතර ඉඳලා ⁣ගෑණු ළමයෙක් ගැන කියනවා..මෙයා කවදාවත් හිතුවක්කාර තීරණ ගත්තු ළමයෙක් නෙවෙයි..අවුරුදු තුනක ඉඳලා මේ දුවට කැමතියිලු...අපි දෙන්නත්

ආදරේ කරලා බැන්දේ..ඉතින් අපිත් හිතුවා පුතාටත් ඒ අවස්ථාව දෙන්න ඕන කියලා.හැබැයි හොඳ ගෑණු ළමයෙක් නම් විතරයි කියලා...මං ඉතින් ටිකක් හොයලා බැලුවා..⁣ඔයාලා දුප්පත් තමයි.ඒ වුනාට හොඳ දුවක් හදලා තියෙනවා කියලා දැනගත්තා.අපිටත් ඕන වුනේ එච්චරයි..

ඒත්...කියලා ඒ අප්පච්චි හයියෙන් හුස්මක් පිටකරද්දී මං බයවෙලා ඇහැට කඳුළකුත් ආවා...මගේ ආදරේ උපන් ගෙයිම මැරෙන්නදෝ යන්නේ කියලා...

අප්පච්චිත් නාගෙන ගෙට ආවෙ ඔය අතරේ...

අපි එන්න හිටියෙ මීට කලින්...ඒත් පුතා බිස්නස් වැඩකට යද්දී ඇක්සිඩන්ට් වුනා...ඉන්දියාවෙ ගිහින් ලොකු ඔපරේෂන් එකක් කරලා ලංකාවට ආවෙ පෙරේදා...දැන්නම් හොඳයි...ඒ අප්පච්චී එහෙම කියද්දී මං කඳුළු පුරෝගෙන බැලුවෙ ඒ මූණ දිහා...මෙච්චර ආදරයක්...මං හිතුවෙ එයාට මාව අමතක වෙලා කියලා..

පුතාට ගොඩාක් රෙස්ට් කරන්න වුනා..ඉතින් පුතා ආව ගමන්ම කීවෙ මෙහෙ එන්න ඕන කියලා...

"ඉතින් ඔයාලා අපි කවුද කියලා දන්නෙත් නෑනේ.මං තමයි මහින්ද ඉරුගල්බණ්ඩාර...මහින්ද මෝටර් සේල්ස් ඇන්ඩ් කම්පැනි එකේ ⁣බොස්.මේ මගේ එකම පුතා..ඊළඟ අයිතිකාරයා...ඔයාලගේ දුව විතරක් අපිට දෙනවද?..."

එයාගේ අප්පච්චි එහෙම අහද්දී අම්මයි අප්පච්චියි මූණෙන් මූණ බලාගත්තේ සතුටු කඳුළු පුරෝගෙන..

ඇයි දෙයියනේ දුප්පත් අහිංසක අපේ හිත්වලට මෙහෙම එකපාර සතුටක් ලැබුනම  කොහොම දරාගන්නද?...

අනේ මහත්තයෝ අපි දුප්පත් මිනිස්සු..අපිට හරිය⁣ට ගෙයක් දොරක් නෑ..කෙල්ලට උගන්නන එක විතරයි කරේ...දෙන්න කියලා කිසිදෙයක් නෑ...අප්පච්චී කියාගෙන යද්දී මගෙ සංවාර්ගයම වේදනාවෙන් කෑගහනවා වගේ මට දැනුණා.....

"ඒකට කමක් නෑ...අපිත් එකපාර මෙතනට ආපු මිනිස්සු නෙවෙයි..අපිත් හොඳට දුප්පත් කම දන්නවා...දැන් ඔයාලා හරිනම් සතුටුවෙන්න ඕන.."

"අඬන්න එපා තාත්තේ..මට කිසිම දෙයක් එපා...ඔයාලගේ දුව විතරක් දෙන්න..මං හැමදාම ඇහැක් වගේ බලාගන්නම්..එයා එහෙම කියද්දී මං වැටෙන කඳුළුත් පිහදදා ඒ ආදරණීය මූණ දිහා බලාගෙනම හිටියා...

"ඔයාලගේ දුවව විතරක් දෙන්න..මං ඇහැක් වගේ බලාගන්නම්..."ඒ වචන මට ආයේ ආයේ ඇහෙනවා වගේ...

මනමාලයෙක් බලන්න එද්දී මනමාලියෙක් අඳින ලස්සන සාරියක්,මාල වලලු,බුලත් හෙප්පුවක් ඒ මොනවත් එදා මට තිබුනේ නෑ...ඒත් මුළු හිතම පිරෙන්න ආදරයක් අරන් මං එයා ඉස්සරහා හිටියා...එයාත් කාලෙකට පස්සේ හරි මං පෙරුම් පුරපු ඒ ආදරය අරන්  ආයෙත් ඇවිත් හිටියා..

"ඔයාලගේ දුව හරිම ලස්සනයිනේ..අපේ පුතාට හිත ගියෙත් එ්කද දන්නෙ නෑ..."

"නෑ ඒකම නෙවෙයි කියලා මට කෑගහලා කියන්න හිතුනත් ඒ වෙද්දී මට ඒ ආදරය පපුවට දැනිලා ඉවරයි..

           

අවුරුදු ගාණක් මගෙ දිහා බලන් හිටපු ඒ ඇස් දෙක...මගේ දුප්පත් පැල්පතට ඇවිත් මගේ ආදරේ ඉල්ලපු ඒ ඇස් දෙක...අනේ මට හුස්මත් ගන්න අමතක වුනා එයා මගේ ළඟට ඇවිත් මගේ අත්දෙකෙන් අල්ල ගත්තා...අවුරුදු ගාණක් මං වෙනුවෙන් ගැහුණු ඒ ආදරණීය හුස්ම මට හොඳටම දැනුණා...

"සංසලා...එයා කියද්දී  මං ඒ මූණ දිහා ඇස් උස්සලා බැලුවා..."

"දැන්වත් ම⁣ට ආදරෙයි කියනවද?.."

"ආදරෙයි මහ ගොඩක් ආදරෙයි..."මං එහෙම කියාගෙනම ඒ පපුවේ ඔළුව තියාගත්තේ මෙච්චරකල් හංගගෙන හිටපු ඒ ආදරේ එයා ඉස්සරහ කියනගමන්..

"මාත් අාදරෙයි රත්තරන්..එන්න පරක්කු වුනාට මට සමාවෙන්න..ආයේ කවදාවත් එහෙම කරන්නේ නෑ.."එයා කිව්වෙ මගේ හිසකෙස් අතර ඒ අැඟිලි තුඩු යවන ගමන්..

"මෙච්චර ආදරේ කරාට නමවත් කිව්වෙ නෑ මට..."මං කිව්වෙ නෝක්කාඩුවෙන්...

"නම ඕන නෑ..ඔයා මාව අඳුනගත්තනේ ඒ ඇති මට..."

"හ්ම්..මං දන්නවා නම, මිස්ටර් ඉරුගල්බණ්ඩාර..මං කිව්වෙ එයාගේ බඩට ඇඟිල්ලෙන් ඇනලා..

"මෝඩි මං මිස්ටර් ඉරුගල්බණ්ඩාර නෙවෙයි...නුරාන් වගීෂ ඉරුගල්බණ්ඩාර.."එයා කියද්දී මං හයියෙන් හිනාවුනේ මෙච්චර කල් ආදරේ කරාට කොල්ලගෙ නමවත් දන්නෙ නෑ කියලා හිතෙද්දී...

"අනාගත මහින්ද මෝටර්ස් ඇන්ඩ් කම්පැණි ඕනර්...එයා මගේ නිකටෙන් අල්ලලා කියද්දී..ඇත්තටම මං මෙච්චර වාසනාවන්තද කියලා මටම හිතුනා...

"ඒත් මට වඩා හොඳ කෙනෙක් ඔයාට මැරිකරන්න පුළුවන් නුරාන්..මං නිකන් දුප්පත් කෙල්ලෙක් විතරයි....ඔයාට මාව වටින්නෙ නෑ..."මං ඇත්තටම එහෙම කිව්වෙ...

"මට වටිනවා ඔයාව..මගේ හුස්ම තරම් මට වටිනවා..."කියලා නුරාන් මාව එයාගේ පපුවට තියලා තදකරගත්තේ මගේ හිසමත ආදරණීය සිපුමක් තියන ගමන්...

ඉතින් ඒ ඇතිය...මුළු සංසාරෙම වුනත් ම⁣ට ඒ අාදරයෙන් මියැදෙන්නට පවා හැකිය...ඒ ආදරණීය හුස්ම මගේ ආත්මයටම කාවැදුණේ ලස්සන ආදරණීය දිනයක මා ඔහුගේම කරවමින්ය...

                                -නිමි-

කතෘ අයිතිය-: චරිතා විනෝදනී ජයවික්‍රම