දිනක් සෙන් භික්ෂුන් දෙදෙනෙක් ගංගාවක සිය ඇඳුම් සෝදමින් සිටියා. ඒ අසල ගෝනුස්සෙකු ගඟේ වතුරේ ගිලෙමින් සිටි බව එක් භික්ෂුවක් දැක්කා. ඔහු හනිකට එම ගෝනුස්සාව බේරාගෙන ගං ඉවුරෙන් තබා යලිත් සිය රෙදි සේදීමට පටන් ගත්තා. නමුත් එසේ බේරාගන්නා අතර තුරේදී ගෝනුස්සා විසින් එම භික්ෂුවගේ අත දෂ්ට කරනු අනිත් භික්ෂුවට පෙනුනා. ටික වෙලාවකින් ගං ඉවුරේ සිටි ගෝනුස්සා යලිත් ගඟට වැටී ගිලෙන්නට වුනා.
භික්ෂුව යලිත් ඌව බේරාගෙන ගං ඉවුරෙන් තැබුවා. එවරද ගෝනුස්සා ඔහුට දෂ්ට කලා. මේ විදියට කීප වරක්ම ගෝනුස්සා ගඟට වැටුණු පසු භික්ෂුව විසින් ඌව බේරා ගැනීමත්, ගෝනුස්සා විසින් භික්ෂුවගේ අත දෂ්ට කිරීමත් සිදු වුනා. නමුත් භික්ෂුව සිය උත්සාහය අත්හලේ නෑ.
මේ දෙස බලා සිටි අනෙක් භික්ෂුව නොඉවසිල්ලෙන් මෙසේ ඇසුවා..
" ගෝනුස්සා මෙච්චර දෂ්ට කරද්දීත් ඇයි ඔබ ඌව බේරගන්න උත්සාහ කරන්නේ.. ?"
" ඌ ගෝනුස්සෙක්.. බිය වූ විට දෂ්ට කිරීම ගෝනුස්සාගේ ස්වභාවය යි. මම භික්ෂුවක්.. දුකට විපතට පත් වූ අයට උදව් කිරීම මගේ ස්වභාවය යි. ගෝනුස්සාගේ ස්වභාවය දෙස බලා මට මගේ ස්වභාවය වෙනස් කරගන්නට බැහැ" භික්ෂුව පිලිතුරු දුන්නා.
නරක, දුෂ්ට ගති ලක්ෂණ වලින් හෙබි මිනිසුන්ගේ හැසිරීම් දෙස බලා ඒ අනුව අපේ ලක්ෂණ වෙනස් කර නොගන්නට අධිෂ්ඨාන කර ගනිමු.
උපුටාගැනිමකී...