Thursday, March 28, 2024
Follow Us
හිතන්න වෙලාවක්

අනිත් හැමදේටම වෙලාවක් තියෙන අපිට හිතන්න වෙලාවක් නෑ නේද. ඒකට හේතුව වෙලා තියෙන්නෙ අපි හිතනවා අපේ දෛනික ක්‍රියාවලිය සියයට සියයක් සාර්ථිකයි කියලා.


හිත් පිත් ඇති මනුස්සයෙක්ද මෙි කියල හිතෙන තරමට තව කෙනෙක් නිසා තවත් අයෙක් දුකට මෙන්ම කරදරයට පත්වෙද්දි අපි හිතනවා. නෑ ඇත්තටම හිත තිබුනට මිනිස්සුන්ට කොයින්ද හිතන්න වෙලාවක්. කවුරුන් හෝ ඔබගෙන් ඇහුවොත් දවසේ ඔබ කොච්චර වෙලාවක් හිතන්න වැයකරනවද කියල ඔබට උත්තරයක් දී ගන්න අමාරුයි නේද...
ප්‍රශ්නයක් ඇතිවෙන්න කලින් ඒක ඉවෙන් දැනගන්න ලැබෙන්නේ ඔබ
වැඩිපුර හිතන කෙනෙක් නම් විතරයි. ඒත් එච්චර හිතලත් ප්‍රශ්න එන කෙනෙක් ඉන්නව නම් ඔබ ඒ ප්‍රශ්නය විසදන්න විකල්ප ගානක් ඔබ ඉදිරියේ මැවෙනවා.
කාගෙන් මොන සේවය මිලට ගත්තත් ඔබ වෙනුවෙන් ඔබ ගැන සිතන්න ඔින ඔබම පමණයි.
නදීෂ නිර්මාණ හේරත්