Friday, April 26, 2024
Follow Us
පරිවාර ස්ත්‍රීන්

පරිවාර ස්ත්‍රීන් කියන්නෙ තමන්ගෙ පිරිවර ඒකට කාන්තාවන්ට ඉන්න මිතුරියන් එහෙමත් නැත්නම් එම වෙිශයෙන් පෙනී සිටින තැනැත්තියන්ද විය වනවා.ඔබ තවදුරටත් ඔවුන්ව විශ්වාස කරනවාද නැද්ද යන කටයුත්ත කාලීනව සිදුකරන්න වෙනවා.


ඒක වෙන්නෙ මෙහෙම ඔයාට කාලයක් ලඟින් හිටිය මිතුරිය තව කාලයකදි සැතිරියක් බව⁣ට පත්වෙනවා. ඒකට ප්‍රධාන හේතුව වෙන්නෙ තමන් තුලින් අනෙකාගෙන් ඉස්මතු වෙන තමන් ට නැති යැයි සැලකෙන දෙයක් හින්දයි. එවිට ඔබට ඇය කෙරේ සියුම් ඊරිසියාගත හැඟීමක් ඇතිවෙනවා.
ඇත්තටම තමන් ට නැති දේ මිතුරියට තියෙන්නෙ කෝමද කියන එක නොසොයා ඒකට තමන් ස්වයං සම්මතයකට ඇවිත් තනිවම හිතන්න කාලය හරි කියල ඔබට හිතෙයි.
හැමදේකටම හේතුව වෙන්නෙ තමන් තමන් ගැන වැඩිපුර සැලකිලිමත් නො වීම.එහෙම සැලකිලිමත් වුනු දිනයක ඔබ දිගටම ඔබේ මාර්ගයේ වැඩ කරගෙන යයි. ඔබ විරසක වුනු ඔබගේ මිතුරිය පවා ඔබට නැවත මුණ ගැහේවි. එවිට ඇය ඔබෙන් ඒ ගැන නොඅසාවි. ඔබටත් ඇය සමඟ එකට වාඩිවෙන්න අවස්ථාවක් ලැබෙිවි.
එහෙනම් ඔබ අද තවත් අයෙකුගෙ පරිවාර ස්ත්‍රියක් නම් ඔබ තේරුම් ගත යුත්තේ ඔිනම වෙලාවක ඔබට ඔතනින් එළියට යන්න ටිකට් එක ඇදෙනවා. ටිකට් එක ඇදෙන්න කලින් අදම ජයග්‍රහණයට සූදනම් විය යුතුයි.
මොකද හැමදාම ඔබට පරිවාර ස්ත්‍රියක් වෙන්න බෑ.විරුද්ධ ලිංගිකයන් හමුවෙි ඔබට අවශ්‍ය යි ඔබෙිම කියලා පෛෟරුෂයක්. එහෙම කියල කෙටි මාර්ග ඔස්සේ රැවටීම් වලින් ඒ තැන ලගා කරගන්න හිතනව නම් දැනටත් ලගා කරගත්ත නම් අර මිතුරියගේ හෙමින් ගමන ගැන හිතලා සතුටුවෙන්න. මොකද තාවකාලික ගමන ඇතුලෙ කොයිවෙලේ හෝ පිට්ටනියෙන් එලියට විසිවෙන්න පුළුවන් .
නදීෂ නිර්මාණ හේරත් ✍️