Thursday, March 28, 2024
Follow Us
Benefits Supervisor Sleeping

දෘෂ්‍ය කලා මිතුරන්ගේ වට්සැප් ගෘප් එකේ එරික් (ඉලයප්ආරච්චි) මේ ඡායාරූපය යළි පළ කරල තිබුණම උදේ ඇඳේ ඉඳන් මේ දිහා බලන් හිටියා.


මේ පසුබිමේ තියෙන ලූෂන් ෆ්‍රොයිඩ් ගෙ Benefits Supervisor Sleeping (1995) චිත්‍රයත්, ඒ චිත්‍රය සඳහා මොඩ්ල් ලෙස හිටපු Sue Tilly ත් තමයි මේ ඡායාරෑපයේ ඉන්නෙ.
ශ්‍රේෂ්ඨ බ්‍රිතාන්‍ය සිත්තර ලූෂන් ෆ්‍රොයිඩ් කියන්නෙ සිග්මන් ෆ්‍රොයිඩ්ගෙ පුතාගෙ පුතා. මුනුපුරා.
වියානා වලදි ⁣සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගෙ මනෝ ප්‍රතිකාරවල⁣ට භාජනය වූවන් ඇලවී සිටි සුප්‍රසිද්ධ කවිච්චිය ලූෂන් ෆ්‍රොයිඩ්ගෙත් බොහෝ චිත්‍රවල දකින්න තියෙනවා. (ෆ්‍රොයිඩ් ලන්ඩන්වලට එනකොට ඒකත් ගෙනාවා. ලන්ඩන්වල තියෙන ෆ්‍රොයිඩ් මියුසියම් එකේදි මං ඒක දැකලා තියෙනවා.)
ඒ වගේම ලූෂන් ෆ්‍රොයිඩ්ගෙ සමහර චිත්‍රවල තියෙන ද්විත්ව අනන්‍යතාව (Dual Identity) මේ ඡායාරූපය තුළත් මට පේනවා. චිත්‍රය තුළ නිරූපිකාව හා ඇගේ සැබෑ පෙනී සිටීම; චිත්‍රයේ කවිච්චිය සහ කලාගාරයේ බංකුව; ශරීරයේ නිරාවරණය සහ ආවරණය; චිත්‍රයේ ලී පො⁣ළොව, කලාගාරයේ ලී පොළොව...මේ වගේ දේ.
මගේ මතකය නිවැරදිනම් මේ Benefits Supervisor Sleeping චිත්‍රය තමයි ජිවත්ව සිටි කලාකරුවෙකුගේ ඉතිහාසයේ වැඩිම මිලකට අලෙවි වූ චිත්‍රය. ඩොලර් මිලියන 33 කටද කොහෙද.
මේ ඡායාරූපය ගැන උදේම අලුත් හැඟීමක් මතුකළාට එරික්ට ස්තුතියි.
(ලූෂන් ෆ්‍රොයිඩ් ගැන පෙ⁣රේදා මං අපේ 'විදසුන්' පේජ් එකේ ෂෙයා කළ ලිපියක ලිංක් එක පළමු කොමෙන්ටුවේ ඇති.)