Friday, March 29, 2024
Follow Us
පෞද්ගලිකත්වය

යම් කිසි ක්ෂේත්‍රයක අතිශය ජනප්‍රිය වෙන්න වෙන්න ඔවුනට අහිමිවෙන දෙයක් තමයි පෞද්ගලිකත්වය. ඔවුන් නිතරම ගැවසෙන්න ඔිනා තමන් වගේම ජනප්‍රියත්වයෙන් ඉන්න හෝ ඊට ඉහල අය එක්ක පමණ යයි සිතනවා.


එවන් අය සමග පමණක් ඡායාරූප පලකිරීම හෝ කමෙන්ට් යෙදීම තුල තමන්ට ඉහළට යාමට හැකි යන්න සිතනවා. එකවරම ඔවුනට තමන්ට හිතවත් මිනිසුන් සාමාන්‍ය අය බවත් තමන් සුවිශේෂී බවත් හැඟී යනව. ඒ සියල්ල සිදුවන්නේ ඩිජිටල් තුල ඇතිවන ක්‍රියාවලිය නිසා මනසින් නිර්මාණය කරගත් දේ නිසායි. බහුතරයක් එහෙමයි.
ඔය සියල්ල ඇත්ත ජීවිතය තුල තමන්ට කුමක් හෝ ගැටලුවක් ඇති වුනු ගමන් පහව යනවා. මොකද එහෙම අවස්ථාවක ළඟ ඉන්නෙ අර ජනප්‍රිය පුද්ගලයන් නොවන්න පුළුවන්. මොකද ඔවුන් කිසිම වෙලේක තවත් කෙනෙකු වෙනුවෙන් පෙනී නොසිටින නිසා. එහෙනම් ජනප්‍රියතාවය කියන්නෙම සාමාන්‍ය දෙයක් පමණයි කියල හිතල ජීවත්වෙන තරමට හරිම පහසුවක් වෙිවි.
නදීෂ නිර්මාණ හේරත් ✍️